අසාධාරණ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දඩයම් කිරීම රජය සැරසෙතියි ද, ඔහුට සාධාරණය ඉටු කරන්නැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරුන් 56 දෙනකු මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවා තිබිය දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වේ.
කමිටු රැස්වීමකට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති ද පාර්ලිමේන්තු මන්ධිරයට පැමිණ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් පොදු වියයුතුයි. (නි)
ඩී.ජි. රාජකාරි කටයුත්තකට සිංගප්පුරුවට ගිහිල්ල. තාම ඇවිල්ල නැහැ. සිංගප්පුරුවේ අල්ලස් ගැන හොයන්න වෙන්න ඇති. මේවගේ රිටන් එක ඩබල් ට්‍රිබල් වෙලා හම්බවෙන කොට අපහු යන්න තැනක් හදාගන්නත් එපාය.(අ)
වැරදිකාරයන් රැකගන්න තියෙන උවමනාව. (බ)
නීතිය කාටත් පොදුයි නම් තමුන් වැරදි කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. වීරයා වගේ ගිහින් උත්තර දෙන්න ඕනෑ. (නි)
මොකක්ද එක් කෙනෙකුට විතරක් විශේෂයක්? (නි)
තමුන් වරදක් කරලා නැත්නම් මොකටද බයවෙන්නේ? කට උත්තරයක් දෙන එකනේ කරන්න තියෙන්නේ (නි)
ඇයි මේකට මෙච්චර කරදර වෙන්නේ? (නි)
එතකොට මේ කට්ටිය නීති හදන්නේ අපි අතින් සුළු වරදක් හරි උනොත් අල්ලලා හිරේට යවන්න විතරද? අපි ඔහෙලගෙ ඡන්ද දායකයෝ වෙච්චි කොට, නරකද අපිට තියෙන අසාධාරනකම් වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ වක ගහගෙන බුදියල ඔය විධියට විරෝධය පාන්න, හ්ම්ම් ඒවගේ නීති සම්මත කරන්න ගේන කොට අත් දෙකම උස්සන අයියල තමන් ගැන විතරයි හිතන්නේ. කියන එක මේ කරන විගඩමෙන් රටටම ඔප්පු වෙනවා. බුද්ධිමත් ඡන්ද දායකයිනි, මෙය හොඳට හිතා බලන්න සුදුසුම අවස්ථාවක්. (ස)
දැන් මහින්ද යුගය අවසන්.කට්ටියම වෙන රැකියා හොයාගත්තොත් හොඳයි (නි)
නායකයෝ රටට ආදර්ශයක් වියයුතුයි (නි)
මනෝජ්, කවුද කිවූවේ ඕක තමයි චෝදනාව කියලා. නිකන් නොදන්නා දේවල් කියලා අනුකම්පාව ගන්න හදන්න එපා. (නි)
පුද්ගලයෙකු නීතිය ඉදිරියට පැමිණවීමේදී ඊට විරුද්ධව එකී පුද්ගලයා වෙනුවෙන් යම් කෙනෙක් හෝ කණ්ඩායමක් විරුද්ධවීමම නීතියට කරන බලවත් වරදක් මෙන්ම අපහාසයක්.මොවුන්ට විරුද්ධව නීතියෙන් පියවර ගතයුතුයි. (නි)
අල්ලස් කොමිසමට බලපෑම් කරන්න නම් එපා (නි)
ඡන්දදායකයෝ සතුටු කරනවා හැරෙන්න වෙන දෙයක් නම් මට පෙනෙන්නේ නැහැ. (නි)
මහජනයාගේ බුද්ධියට නිගා කරන්න එපා. මැතිවරණයට දිනකට කලින් ඇමති පත් කරන්නේ අයි. මේක තනිකර පගාවක්. (අ)
අශාන්, නිමල්සිරි සහ ලාල්, නීතිය කාටත් එක නිසාම තමයි රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට අපි හැමෝම වගේම අල්ලස් කොමිසමේ කොමසාරිස්තුමියත් බැඳී සිටින්නේ. ඉතින් ඔයා කියන්නා වගේ ම කොමසාරිස්තුමිය හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර නැතිනම් එයා බයේ රට පනින්නේ නැතිව පාර්ලිමේන්තුවට ඇවිල්ල තමන් කළදේ ගැන නිර්භයව වග උත්තර කියන්න ඕනේ. (අ)
අල්ලස් කොමසාරිස්තුමියට එම තනතුර ලබා දී ඇත්තේ ඇය ලවා හිටපු ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන විරුද්ධවාදීන්ව දඩයම් කිරීමේ අරමුණින් වන නිසා ම එම තනතුරත් අල්ලසක් වෙයි. එම අල්ලස නිසාම ඇය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිව කටයුතු කරයි. එබැවින් ඇය අප රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කළ නිසා ත් අල්ලස් ගත් නිසා අල්ලස් පනත යටතේත් දෙවරක් චුදිතයකු වෙයි. ඇයව පත් කළ ඇමැත්තා ද එකී පනත යටතේම චුදිතයෙකු විය යුතුය. එහෙත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන යමපාලනයක් රටේ පවතිද්දී මේ චුදිතයන්ට දඬුවම් වෙනුවට වරදාන ලැබෙනු ඇත. මෙහිදී රටේ නීතිය කෙසේ ක්‍රියාත්මක වේදැයි අපි බලා සිටිමු. (අ)
යමින්ත, රටේ අල්ලස් කොමසාරිස් වගේ වැදගත් තනතුරක් දරන, රටේ නීතිය ගැන මනා දැනුමක් ද තියෙන ආයතනය ප්‍රධානියෙක්. ප්‍රසිද්ධියේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළාම ඔයාට එකේ බරපතලකම නොතේරෙන එක නම් හරි පුදුමයි! (අ)
නීතිය කාටත් පොදුයි නම් රටේ පවතින ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ඡන්දයෙන් පත් කෙරුණු ආණ්ඩුවක් සහ නිත්‍යානුකුලව පත් කෙරුණු අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් සිටියදී එය නොතකා ජනතා කැමැත්තටත් පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනිව ජනාධිපති බලතල හිතුවක්කාරී ලෙස පාවිච්චි කරමින් පික් පොකට් අගමැතිවරයෙක් සහ සුළුතරයේ ආණ්ඩුවක් පත් කළ වර්තමාන ජනාධිපතිවරයාට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම හමුවට වර්තමාන ජනාධිපති ද කැඳවිය යුත්තේ ඔහු දුන් අගමැතිකම සේම ඇමතිකම් ද ඔහුව ජනපති සේ පත්කරගැනීමට දුන් සහාය වෙනුවෙනුත් බටහිරයන්ගේ න්‍යාය පත්‍රයේ ඉතිරිය ක්‍රියාත්මක කරගැනීමේදී ඉදිරියෙදී අවශ්‍ය වන සහාය ලබා ගැනීම අපේක්ෂවෙනුත් ලබා දුන් අල්ලස් ම වන බැවිනි. නීතිය කාටත් පොදු වන හෙයින් ජනපතිවරුන්ට රාජකාරි කටයුතු සම්බන්ධයෙන් වවස්ථාවෙන් හිමි වන මුක්තිය හිටපු ජනපතිට නොමැති විය යුතු යයි ඔබ කියන්නේ නම් එතුමාට නොමැති මුක්තියක් වර්තමාන ජනපතිට ද නොතිබිය යුතු හෙයින් වර්තමාන ජනපතිව ද අල්ලස් කොමිසම හමුවට කැඳවිය යුතුය. එපමණක් නොව ජනපතිවරණයේදී කළ උපකාරවලට මිලක් ලෙසට සහ ඉදිරියේදී කර ගැනීමට අපේක්ෂිත 19 සම්මත කිරීමාදී කොන්ත්‍රාත්තු වලට අත්තිකාරමක් ලෙසට වර්තමාන ජනපති ලබා දුන් පික්පොකට් අගමැතිකම, විහිළුකාර විපක්ෂනායකකම සහ සෙසු කොන්තරාත්තු ඇමතිකම් ගත් මැති ඇමැතිවරුද අල්ලස් ගැනීමේ වරදට අල්ලස් කොමිසම ඉදිරියට කැඳවිය යුත්තාහ. (අ)
සුමුදු හේවාලට ඕනෑ හැමදාම කාගේ හරි රජ සපත්තුවකට පෑගිලා ඉන්න. (නි)
තමුන් වරදක් කරලා නැත්නම් මොකටද බයවෙන්නේ? කට උත්තරයක් දෙන එකනේ කරන්න තියෙන්නේ (නි)
මෙතන තියෙන ගැටළුව මේකයි, 1. ඇමතිවරුන් පත්කිරීම ජනපතිට ව්‍යවස්ථාවෙන් පැවරුනු බලයක්. 2. රටේ අවශ්‍යතාව (හෝ පුද්ගලික මතය) අනුව ජනපති ගන්නා එවැනි තීරණ ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොහැක. 3. මේ මේ අවස්ථාවල ඇමතිවරුන් පත්කිරීමට නොහැකියැයි ව්‍යවස්ථාවේ නොමැත. 4. ඒ අනුව හිටපු ජනපතිතුමන් මෙම චෝදනාව මත අල්ලස් කොමිසමට කැඳවීමට යාම ව්‍යවස්ථාවිරෝධීය. 5. බොහෝ නීති කැඩූ අය මෙම නීතිවිරෝධී කටයුත්තද කිරීමට ඉඩ ඇත. 6. විමල් ඇතුළු පිරිස ඉල්ලන්නේ එම අවනඩුව විසඳන ලෙසයි. (නි)
මුළු රටම බටහිර සහ ඉන්දීය යටත් විජිතවාදයේ යකඩ සපත්තු වලට පෑගී චප්පවී යාමට සළස්වා ඇති කලක එය වටහාගත නොහී අනුන්ට අවලාද නඟන අනුරුද්ධගේ ටිකිරි මොළය! (නි)
එකනේ ලියොන්, අල්ලස් කොමසාරිස්තුමිය වරදක් කරලා නැත්නම් බයවෙන්නේ නැතුව කට උත්තරයක් දෙන එකනේ කරන්න තියෙන්නේ නේද අනේ? (අ)