ශ්රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණ වහා නැවැත්වීම සඳහා රජය ක‍්‍රියා කළ යුතුයැයි ඉතාලියේ මිලානෝ නුවර දරුවන් සුරැකීමේ සංවිධානය කියයි. 2011 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් මාසය වන විට ස්ත‍්‍රී දුෂණ 1636ක්ද ළමා ලිංගික අපචාර විශාල ප‍්‍රමාණයක් ද සිදුව ඇති බවත් ඔවුහු පවසති. මෙවැනි අපරාධ සිදුකරන කාමතුරයින් හට දේශපාලන බලපෑමකින් තොරව දැඩි දඬුවම් දීමටත් පොලිසිය හා අධිකරණය දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව ස්වාධීන ආයතන බවට පත්කොට දරුවන්ට මෙන්ම කාන්තාවන්ට හා සෑම පුරවැසියකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසා දීමට රජය පියවරගත යුතු බව ඔවුහු කීහ. ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් 25000කගේ අත්සනින් යුතු පෙත්සමක් ඉදිරියේදී ජනාධිපතිට බාරදීමට නියමිත බවත් එයට ඉක්මන් ප‍්‍රතිචාර නොලැබුනහොත් ජාත්‍යන්තරයට ද මෙම ප‍්‍රශ්නය ගෙන යන බවත් මිනාලෝ නුවර දරුවන් සුරැකීමේ සංවිධානයේ නිර්මාතෘ කීර්තිසිංහ හෙට්ටිතන්ත‍්‍රී මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල් ගලබඩ මහතා ,අමල් රත්නායක මහතාත් හරි.වසර ගණනාවක් මෙහෙ ඉන්න අපි ඔය කියන සනිවිදනයක් ගෙන අහල නැහැ .ලංකාවේ ළමා අපචාර ,ස්ත්‍රී දුෂණ ගොඩක් වැඩිවෙලා.ඒ ගැන හරිම දුකයි .ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් අපිත් කැමතියි .එත් ඔය කියන සංවිදාන නම් පුහු අටෝපෙට හදා ගත්තුවා විතරයි.
දේශපාලන ලොක්කෝ මේවා කරද්දි ආයි අමුතුවෙන් ඇගිලි ගහන්න අපි යන්න ඕනි නෑ මහත්තයෝ
ලාල් ගලබඩ හරියටම හරි....... මමත් ඉන්නෙ මිලානො වල. මමත් ඔහොම සංවිධානයක් ගැන අහපු මුල්ම වතාව තමයි මේ.
නිරුවතින් නටන රටවලිනුත් පෙත්සම් ගහනවා, අනේ ලංකාවට ගිය කලක්....
අමල් රත්නායකට ගොඩක් රිදිලා වගෙයි......ඔහොම වෙනවා අන්ධ භක්තියෙන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක එක්කෙනාට කඩේ යනකොට.මිනිසා දේශපාලන සත්වයෙක්, එම නිසා ඔය කරන දේටත් දේශපාලනයක් අනිවාර්යයෙන්ම තියනවා.නමුත් මෙවැනි යහපත් ක්‍රියාවක් මොන දේශපාලන පක්ශයක් කළත් අවතක්සේරුවට ලක්කිරීම ඉතා පහත් බංකොලොත් ක්‍රියාවක්.රත්නායක මහතා අන්ධයෙක් හෝ බිහිරෙක් ද? රටේ වෙන අපරාද (කාන්තාවන්ට විශේෂයෙන්)ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් තිබේ.මෙවැනි අපරාද වලට ආණ්ඩුවේ දේශපාලකයන් සම්බන්දයි.පහුගිය දවස්වල මාධ්‍යය වල පළවූ පුවත් එයට සාක්කි දරයි.අපරාධ වලට සම්බන්ද දේශපාලකයන් ආරක්ෂා කිරීම ඉතා නිර්ලජ්ජිත විදිහට කිරීම ඉතා පහත් ලැජ්ජා නැතිකමක්.එවැනි ක්‍රියා වලට ඕනෑතරම් උදාහරණ ඇත. මෙවැනි ක්‍රියා මගින් වෙන්නේ අපරාද කරුවන්ට උඩගෙඩි දීමක්.ජනතාව මේවා දුටුවිට සිතන්නේ ඕනෑම අපරාදයක් කර දේශපාලකයන්ගේ උදවු ඇතිව බේරීමට හැකියව ඇතැයි කියාය. රත්නායක මහත්තයෝ, රටක අපරාද වැඩිවීමට පවතින ආණ්ඩුවේ දේශපාලකයන් සම්බන්ද නම් එය මහා ඛේදවාචකයක්.එයට විරුද්දව රටේ පුරවැසියන් විදිහට කල හැකි සියලු දේවල් කළ යුතුය.එයයි පුරවැසියන්ගේ යුතුකම. නැතුව බොරු අවලාද නැගීම නොවෙයි.
ඒවා හොද වැඩ.
හොඳ වැඩක්, සංවිධානයට මගේ සුභ පැතුම්..
කීර්තිසිංහ මහත්තයා හොඳ දෙයක් තමා කරන්න යන්නේ. ඒත් පෙත්සමක් ගහල ඔය කියන විදියේ දේවල් කරන්න පුළුවන් නම් අපි මීට වඩා හුඟක් දුර ගිහින්.
හොද ආරංචියක්
ඒ ගැන මට නම් ඒ තරම් විශ්වාශයක් නැහැ
නියමයි නියමයි
කලකිරෙනවා....
එල්ලුම් ගහත් ඉල්ලන්නකෝ
උදවු කරපු කෙනෙක්ට දඩුවම් කරයි කියලා හිතන්න බැහැ.උත්සාහ කරලා බලන්න.
කීර්ති මහතය ඔබ කරන්නේ හොඳ වැඩක් . ඔබට ජය
බොහොම හොඳ වැඩක්. ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණ පමණක් නෙවෙයි , අනුකුත් සියලුම අපරාධ නැවැත්විය යුතුයි . නැත්නම් මේ ධරම්ද්ධීපය මිහිපිට අපායක් වෙන දිනය වැඩි ඈතක නොවේ. දඩුවම් දැඩි කිරීම සහ එල්ලුම් ගස අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම කල යුතුමයි.
හොඳ දෙයක් නමුත් මේක පිටිපස්සේ තියෙන්නෙ බංකලොත් වුන දේශපාලන පක්ෂ. මොන විදියකින් හරි රජය අපහසුතාවයට පත් කිරිම තමා මේ අයගේ උත්සහාය. අපිත් ඉතාලියේ අවුරුදුගානක් ජිවත්වන අය. නමුත් මෙවන් සංවිධාන ගැන අදමයි ඇහුවේ. සාමන්‍ය ජනතාව කරන වැරදි වලට රජයක් අපහසුතාවයට පත් කිරිම වැරදයි. පුවත් පත් බලන කෙනෙකුට තේරෙනවා ඔය කියන අපරාධකරායන්ව අත්අඩංගුවට අරගෙන කියලා. අමල් ත්නායක මිලානෝ සිට
ඇයි ලංකාවේ අම්මල ,තාත්තල නිදිද ?
ඉතාලියෙ ජීවිතෙන් භාගයක්ම ගත කරපු අපි මෙහෙම ස0විදානයක් ගෑන ඈහුවමයි !චින්තනෙන් එහෙ ජරා වෑඩ කරනවා තමා, මොකක් හරි අටවගෙන කීයක් හරි හොයා ගන්න මේක හොද අවස්තාවක්
බොහොම හොද වෙඩක් හුගක් පින් .අපි හැමෝම මේවගේ එකතු වෙන්න ඕනේ .
ඕක හිමිංසීරැවෙ අත්සන් කරල එවන්න.. බොරැවට ලෑලි අල්ලගෙන ඉතාලියෙ පාරවල් අයින හිටගෙන මුළු ලෝකෙටම අඩබෙර ගහන්නෙ නැතිව.. උඩබලාගෙන කෙළ ගහන්න ඕන නැහැනෙ..
ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට.... මටද මෙවැනි සංවිධානයක් ගැන,අමල් රත්නායක මෙන් අදමයි අහන්න ලැබුනේ.ඇත්තටම ඉතාලියේ සංවිධාන තියෙනවා නිලධාරීන් සොයා බැලුවාම ගෙදර ඉන්න අම්මා,තාත්තා,ළමයි,තමයි නිලධාරීන්,[නමුත් මෙහි එසේයි කියා නොකියමි].මටනම් පෙනෙන්නේ මෙවැනිදේ වලින් ලැබෙන ප්‍රතිපල අඩුයි,නමුත් ආණ්ඩුවේ ලොකු තනතුරු දරන අය අදුනා ගෙන තම තමන්ගේ වැඩටික කරගන්න පුලුවන්වෙයි. උදාහරණයක් විදියට,අපි ඉතාලියෙන් රුපවාහිණි නලිකාවකුත් මුල් කරගෙන විදෙස් ගත අයගේ ඉල්ලීම් සමුච්චයක් සමග සංදේශයක් ඉදිරිපත් කළා.ලැබුන ඉටිගෙඩියක් නැත..... ප්‍රතිපලය විදියට,ඒ සදහා මුල්වූ අය,ලොකු ලොක්කන් අදුනාගෙන, ලංකාවේ ඉඩම් කට්ටි කඩා පිටරට ඉන්න අයට විකුණා ,ගෙවලුත් හදා විකුනනවා දුටුවෙමි.එම රුපවාහිණි නලිකාවේම වෙළද දැන්වීම් මගින්.එය ඒ අයගේ හැකියාව නමුත් මේවගේ දේවල් වලින් පිට රට ඉන්න අයව ගොනාට අන්දන එක මගේ දැනීමේ හැටියට හොද මදි.[හැම සිංහලයෙක්ම නැත්නම් කැවුම් කන්න විතරයි දක්ෂ]
කරන්න පුලුවන්නම් ලොකුදෙයක් ,ඩුබායි වල ඉන්න අපෙනුත් සහයෝගය
අනේ ආඩම්බර කාර තාත්තේ ... ඔබ නිදිද ?
කරැනාකර ඉතාලියෙ ලාංකිකයන් අතර සිද්ධවන කාන්තා අපචාර ගැන ඒයට පෙර හොයන්න ඉතාලියෙන්ම පටන්ගත්තොත් වඩාත්ම හරි
අපි නොදන්න ඉතාලිය
ඉතාලියෙන්ම කියන තුරු ඉන්න ඕනේ නැහැ ,මේක රටේම අවාසනාව , හැම තැනම දුෂිතයි
ලාල් මහත්තයාගෙ කතාව ඇත්ත . ඔය චැනල් කොහොමත්ම හරි නෑ..
අද ලංකාවේජීවත්වන අපට බැරිද එකතුවෙලා ජාතිය විෂමාචාරයෙන් මුදාගැනීමේ ස්වාධීන සංවිධායක් පිහිටුවාගන්නට. එයට මෙවැනි ප්‍රතිපත්ති ඇතුළු කලොත් හොඳයි 1.නීතිය හැම කෙනෙකුටම පොදුවේ ක්‍රියාත්මක කිරීම 2.දූෂිතයන් , අපරාධ කරුවන් , කුඩු ජාවාරම්කරුවන් ,මිනීමරුවන් ,තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනඒමට පොලිසියට හා ආරක්ෂක අංශ වලට පුර්ණ බලතල දීම 3.ඒඅතර රටේ සාරධර්ම පිරිහීම වලක්වාලීමට පාසල්වල ආගමීක අධ්‍යාපනය දියුණු කිරීම මගින් ළමාපරපුර යහමගට ගෙනඒම. මෙවැනි ප්‍රතිපත්ති ඇතුලත් සංවිධානයක් අවශ්‍යයයි සිතමි. මෙය බුද්ධිමත් අයගේ අවධානයට යොමු වෙතැයි බලාපොරොත්තු වෙමි..
ඔන්න හොඳ පුවතක් ..තවත් රටවල ඉන්න ලාංකික උදවියනුත් ඔය වගේ කල්පනා කලයුතුයි