IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කතුන් රවට මුදල් ගැරූ නයිජීරියානුවෝ කොටු

(ඉන්දිකා රාමනායක)

වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ. නයිජීරියානු ජාතිකයන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔවුන් දෙදෙනා අලුත්ගම හෝටලයක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙම වංචාව සිදු කර ඇති බවත්, තවත් කාන්තාවකට මෝටර් රථයක් දිනුම් ඇදී ඇති බවට පවසමින්, රථයේ ලිය කියවිල භාරදීමට අවශ්‍ය බව පවසා මුදල් වංචා කර ඇති බවද පොලිසිය කියයි.

අවස්ථා තුනකදී මෙම වංචාව සිදු කර ඇත.

කාන්තාවන් මේ සම්බන්ධයෙන්ම කළ පැමිණිලි මත විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ ඒ.ටී.එම් කාඩ්පත් 14, ජංගම දුරකථන 6 තිබී ඇත.

 



අදහස් (10)

කතුන් රවට මුදල් ගැරූ නයිජීරියානුවෝ කොටු

pakeer Saturday, 30 December 2023 07:58 AM

අපිට කොයි තරම් මේ වගේ ඒවා වෙනවද? ඒත් අපි අහුවෙන්නේ නෑ. පුදුමයක් නැහැ... මේ රටේ ඉන්න මෝල්ලු ගැන. මේ අයව අන්දන්න හරි ලේසියි. දේශපාලකයෝ කරන්නෙත් එහෙමම තමයි. මේ මෝඩ මිනිස්සු... ඕවාට පොලිසිය ගතකරන කාලෙත් අපරාදෙ...!

:       0       30

ravin Saturday, 30 December 2023 08:04 AM

ඔයාවගේ මුදල් කොල්ලකන කපුවෝ...?

:       1       8

රංබොඩ Saturday, 30 December 2023 08:50 AM

මේ වගේ දේවල් වලට තවම අහුවෙන යම් අයෙක් වේ නම්, හිස අත ගා බැලිය යුතුයි. මොකද අං ඇවිත් තිබිය හැකියි.

:       0       24

ලුම්බිණි Saturday, 30 December 2023 09:42 AM

නයිජීරියානුවෝ කිව්වාම ඕන කෙනෙක් දන්නවා ඔවුන් හොරු බව...

:       0       23

Chan Saturday, 30 December 2023 11:35 AM

මේ වගේ සිද්ධි කීයක් වාර්තා වුණාද පහුගිය ටිකේ...? මොවුන්ට තවත් අහුවෙන මෝඩ අම්මණ්ඩිලා තවම ඉන්නවාද මේ රටේ...? මොකද දන්නේ නෑ කපේරි බඳින්න හිතුණේ...

:       0       23

Nihal Saturday, 30 December 2023 01:53 PM

ලංකාවෙන් යුරෝපයට එන ගෑණුත් වර්ක් පර්මිට්, රැකියා ඔක්කෝම මවලා දෙනවා කියන බෝන් එගේන් නිකායවල් වලට දහම පාවලා දෙන්නේත් මොවුන්මයි, මොවුන් ඔක්කෝම නන්නත්තාරයි...!

:       3       14

රාලහාමි Saturday, 30 December 2023 04:56 PM

අපේ රටේ ඉන්න අයටත් හොඳ වැඩේ. යකෝ මේ රටේ මිනිස්සු නැද්ද ඔයාට කසාද බැඳගන්න? කාපිරියෝ හොයන්නේ? දැන් කාපිරියගේ ආදරය දැනුණාද? මෙහෙම නටන්න නයිජීරියන් කාපිරියන්ට විසඳෙන එකම රට ලංකාව වෙන්න ඇති. මගේ කෙනෙකුට එහෙම වංචාවක් කරලා අහුවුණොත්, අනිවාර්යයෙන්ම අතපය හතර කපලා මුහුදට දානවා...

:       0       9

රුවන් Saturday, 30 December 2023 05:41 PM

සල්ලි දෙනවා කිව්වා නම් මේකෙ ඉන්න අය කාපිරියෙක් එක්ක හරියයි...!

:       0       1

de silva Saturday, 30 December 2023 06:21 PM

නෛජීරියානුවන්ට වීසා දෙන නීතිරීති තද කරන්න කාලය ඇවිත්...!

:       1       2

Sandhya Sunday, 31 December 2023 11:39 PM

රටේ එකම නීතියක් නැහැ... ඕනෑම හොරෙකුට රටට එන්න පුළුවන්... visa දෙනවා මේවා ඉක්මනින් වෙනස් විය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site