කිතුනුවකුගේ අවමඟුලක් පංසලක පැවැත්වීමේ සිද්ධියක් ගනේමුල්ලෙන් වාර්තා විය.
කිතුනුවකු වන හපුආරච්චිගේ ඩැනී පෝල් වසර කිහිපයක සිට නැවතී සිටියේ ගණේමුල්ල තිබ්බටුගොඩ සුගතාරාමයේ ය.
අසනීපයෙන් සිටි ඔහු සෙනසුරාදා (25) මිය ගියේය.
කුරුසිය සහිතව කිතුනු චාරිත්‍රානුකූලව දේහය තැන්පත් කැරුණේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ ය.
පල්ලියේ පියතුමා ද වරින් වර පන්සලට පැමිණ කිතුනු චාරිත්‍ර ඉටු කළ අතර සෙනසුරාදා රාත්‍රී කිතුනු ගීතිකා (හොරසන්) ද ගායනා කළහ.
අවසන් කටයුතු අද දහවල් පන්සලේ හිමිවරුන්ගේ හා පල්ලියේ පියවරුන්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ සහ කිතුනු චාරිත්‍රානුකූලව විහාරස්ථානයේ දීම සිදු කිරීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තම ආගමික සහජීවනය කියන්නේ ආගම අතර භේද ඇතිකරන අයට හොඳ පාඩමක් බලන්න කොයිතරම් හොඳ ද කියලා. මියගිය ඔබට නිවන්සුව. (ම)
මැරෙන කම් පන්සලේ හිටපු මනුස්සයට මලාට පස්සේ තව මොනවද ? (නදී)
හොද ආදර්ශමත් ක්‍රියාවක්. අපි මැරුනාම යන්නේ කොහාටද ? කිසිවෙකු විසින් ආගමක් බලවේගයක් කරගත යුතු නැහැ. මේක තමයි සාමයේ සැතපීම. (නදී)
මේකට තමයි ආගමික සහජීවනය කියන්නේ. ආගම් අතර භේද ඇතිකරන අයට හොඳ පාඩමක් බලන්න කොයිතරම් හොඳ ද කියලා. මියගිය ඔබට නිවන්සුව. චමල්ගේ කතාව ගැන කණගාටු වෙනවා එහෙනම් එයා ඉන්න තිබුනේ පල්ලියේ නේ නේද ? (නදී)
පුවත් කෝටියක් කියවුවත් මෙවැනි පුවතක් කියවන්නට ලැබෙන්නේ කලාතුරකින් ,,,, සැබැවින්ම ඇස් දෙකට කදුළු ආවා ,,,, ඔහුට නිවන් සුව ලැබේවා (බ)
හැබැයි මේ වගේ දෙයක් කවදාවත් කතෝලික පල්ලියෙන් සිද්ද වෙන්නේ නැහැ.මොකද මම දන්නා බෞද්ධ ළමයෙක් කතෝලික තරුණ සමිතියට බැදෙන්න ගියාම පුජකතුමා කිවේ මෙතන තියෙන්නේ කතෝලික අයට පමණක්ය කියල.පන්සල්වල භේද නැති උනාට පල්ලිවල මේ භේදේ තියෙනවා. (බ)
බෞද්ධයන්ට මිනිස්කම තරම් වටිනා දෙයක් මේ ලෝකේ නැති බව මේකෙන් ඔප්පුකරල තියෙනවා , උතුම් බුදුවරුන්ගේ මග ගිය බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරපුර්වක ස්තුතිය (බ)
බුදුන්වහන්සේ වදාලේ රෝගියෙකුට උවැටන් කිරීම තමන් වහන්සේට උවැටන් කිරීම හා සමානයි කියලා. පන්සල් වල දොරවල් වහල නැහැ. (නදී)
මේ පන්සලේ හාමුදුරුවන්ගේ උතුම් ක්‍රියාව ගොඩක් අගය කළ යුතුයි (ම)
පව් දෙයියනේ චමල්. (ස)
මේවා අපට හොඳ ආදර්ශ. (ස)