රටේ ජනතාවගේ ජනවරම මෛත්‍රිපාල සිරිසේන ජනපතිට බවත් ඔහුට ඒ ජනවරම ලැබුණේ එක්සත්ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු හැටියට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් පොදුජන එක්සත් පෙරමුණටවත් ජනවරමක් නොලැබුණු බව ඒ ගැන කතා කරන අය දැනගත යුතු බවත් විශ්ව විද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) මහනුවරදි පැවැසිය.
අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ අස්ගිරි පාර්ශවයේ මහානායක මාහිමියන් ලෙස අභිනවයෙන් පත්වු බදුලු මුතියංගන රාඡමහා විහාරාධිපති වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
විශාල අත්දැකිම් ඇති ඇමැතිවරයෙක් හැටියට විශාල කාර්ය භාරයක් කළ හැකි බවත් රටේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙන බවත් ඒවා විසදා ගැනිමට සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් අස්ගිරි මහානාහිමියෝ ඔහුට පැවැසුහ.
මහනුවර කොළඹ අධිවේගි මාර්ගය ලබන ජූලියේ ගලගෙදරින් අරඹන බවත් තැන්නේකුඹුරේ සිට ගැටඹේ දක්වා ඉදි කිරිමට යන උමං මාර්ගයේ වැඩ කටයුතු 80%ක් අවසන් බවත් මහනුවර බෝගම්බර බන්ධනාගාරය හෝටල් සංකිර්ණයක් කරන බවත් මහනුවර නගරය කුන්ඩසාලය දක්වා පුළුල් කරන බවත් අමාත්‍යවරයා කීවේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තමන් බය නැති බව කී කිරිඇල්ල මහතා ‘අපි ඕන වෙලාවක සුදානම් මැතිවරණයකට. පරණ ක්‍රමයට හරි අලුත් ක්‍රමයට හරි කැත්තෙන්ද පොල්ලෙන්ද අපි මැතිවරණයට සුදානම්. අපි මැතිවරණවලට ආසයි‘ යැයිද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල්වලට ඡන්දය ඉල්ලන්න ගියහම කැත්තෙන් හරි පොල්ලෙන්හරි හම්බවෙයි උන්දැට (බ)
අනේ මොකටද මගේ කට! (නි)
මෙයා නේද විශ්වවිද්‍යාල ආචර්ය වරු ගන්න කියල දේශපාලන ලියුම් යැව්වේ. මෙතුමා එජාපයෙනුත් පරදිනවා.(බ)
කෑ ගහන්න එපා. තනි පක්ෂයක් වශයෙන් ඡන්දය ඉල්ලා බලන්න, (බ)
කැත්තට පොල්ලට ඡන්දෙ දීපු කාලේ ගියා....ඇමතිතුමෝ ඕනෑම ගොනෙකුට මනාපේ ඉල්ලන්න පුළුවන්....එ්ත් ඉතින් කතිරේ ගහන අයගේ අතේ තමා වැඩේ තියෙන්නේ කියල අමතක වුණාද ? (බ)
ඕනෑම ගොනෙකුට යුද්දෙ කරන්න පුළුවන් කියන ඉතාම කැත කතාව කිවේ මෙතුමායි (බ)
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන් මෙයාට වාගේම. (නි)
අපේ රටේ ඕනෑ ගොනෙකුට ඡන්ද කරන්න පුළුවන් කියලා මෙතුමා හොඳට දන්නවා. (නි)
කැති පොලු වලින් සමහර පැතිවල කරන දේවල් දකුණේ දාන්න ආවොත් නම් ආපහු කොහොම යන්න වෙයිද දන්නෙ නැහැ (නි)
සමහරුන්ගේ කතා ඇහුවහම හිතෙන්නේ ඔවුන්ගේ මුඛය සහ මොළය සම්බන්ධ කරන නහරය කැඩිලා වගේ කියලයි (නි)
මට නම් පෙන්නන්න බැහැ. කට තිබුණ පළියට කියවනවා (නි)
හරියටම හරි. අපිත් නිදහස් පාක්ෂිකයෝ තමයි (නි)
යුද්ධය කාලේදී ඕනෑම මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කතාත් අපිට මතකයි (නි)
මම හොඳ නිදහස් පක්ෂකාරයෙක්. නමුත් දැන් මම එජාපයට දෙනවා, නිදහස් පක්ෂය පරාද කරන්න. (නි)
දැන් කටමැත දොඩවනවා. කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
ඇයි ඉතින් ඔබලා තනියම ජනවරම නොඉල්ලුවේ? ඉල්ලුවා නම් අද පළාතෙවත් නැහැ. අපිත් කරගත් ගොන්කම කියා දුක්වෙනවා. (නි)
තියන්නකෝ ඡන්දේ කියා කියා ඉන්නේ නැතුව අපි බලාගෙන ඉන්නේ ඡන්දෙ දෙන්න (හේ)
වරක් ජර්මානු දේශපාලන මහාචාර්යවරයෙක් කිවුවා රටක පාර්ලිමේන්තුව කියන්නේ ඒ රටේ ජනතාවගේ පිළිබිඹුව කියලා. ඉතින් අපි මේ මන්ත්‍රීවරුන් ගැන කතාකරලා වැඩක් නැහැ. අපි අපිටම හැම පැයකදීම ටොක්ක ටොක්ක අැනගනිමු, මෙතරම් බුද්ධිමත් පාර්ලිමේන්තුවක් පත්කිරීම ගැන. (නි)
සුජීව, මහජනයා එළවපු දේශපාලකයෝ නැවත පාර්ලිමේන්තුවට ගන්නවා නම් අපි මොනවා කරන්නද? අපි ඡන්දය දුන්නත් නොදුන්නත් සේරම පාර්ලිමේන්තුවේ. මෙයත් මානව හිමිකම් කඩකිරීමක්. නමුත් කවුද පැමිණිලි කරන්නේ. (නි)
මේ වගේ අය ගැන මහජනතාව ඉක්මන් තීරණයක් ගතයුතුයි (නි)
ඕකට කියන්නේ බළලා මල්ලෙන් එළියට පනිනවා කියලා (හේ)
කැත්තෙන් හරි පොල්ලෙන් හරි කියන්නේ ප්‍රචණ්ඩත්වය නැවත ගෙන එනවා කියන එකද? චන්දය දුන්නේ නැත්නම් ගහල මරල ගන්නවා කියනෙකද ? (කෞ)
අපි නම් දන්නවා ඉස්සර එජාප කලේ කැත්තෙන් මැතිවරණ තිබුණු හැටි - දැන් කලේ ඉන්න ෆේස්බුක් වීරයන්ට, සිඟිති පතාලයින්ට ඒවා සුරඟන කතා වගේ වුනාට. ඉස්සරහට බලාගන්න පුළුවන් එජාපයේ මැතිවරන කෙරිල්ල. (කෞ)
ඕන කෙනෙකුට මැතිවරණ කල් දන්නා පුළුවන් (කෞ)
එන්න එන්න චන්දෙට අපි ඔබතුමාලට ජන වරම පෙන්නලා කලගුණ සලකන්න මග බලගෙන ඉන්නේ... (කෞ)
හතර හිනා... එන්න එන්න ඡන්දෙට අපි ඔබතුමාලට ජන වරම පෙන්නලා කළගුණ සලකන්න මග බලාගෙන ඉන්නේ...(බ)
ලංකාදීපෙන් මේ කියපු එක ඒ විදිහටම දාපු එක ගැන සතුටකි.....(බ)
ඔබතුමා දැන් ඔහොම කිව්වට ඡන්දෙ ඉල්ලන්ට ගෙවල් ගානේ ගියාම කැත්ත අරගනිවී (බ)
ඕනේ ගොනෙකුට කියන්න පුළුවන්. ඡන්දෙ තිබ්බම බලාගන්න පුළුවන් මිනිස්සු සලකන හැටි, මේ කරපු ටිකට (බ)