ථෙරවාදී බෞද්ධ කතිකාවතක් ගෙන ආ යුත්තේ සියලූ නිකායන්ට හා පාර්ශවයන්ට අයත් භික්‍ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමෙන්පසුව බවත් එය හදිසියේ නොකළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික රන්පත්විල විමලරතන හිමියෝ පැවසූහ.
මෙවැනි පනතක් අවශ්‍ය වුවත් එය කළ යුත්තේ මහා සංඝයාගේ අනුමැතියෙන් බවත් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් නීති පැනවීම ගිහියන් විසින් නොකළ යුතු බවත් විමලරතන හිමියෝ සඳහන් කළහ.
බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව කී උන්වහන්සේ ථෙරවාදී බෞද්ධ කතිකාවත් බුද්ධ නීතියට අනුකූලවිය යුතු බවත් ඒ හිමියෝ කීහ.
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (28)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයින් වන හැඩිගල්ලේ විමලසාර හිමියෝ සහ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද අදහස් දැක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධධර්මය ශ්‍රී ලංකාවෙන් පිරිහෙන ලකුණු මේ බිල්ලාඩන් ලද ? (බ)
බුදුන් දණ්ඩ නීති නොපැමුණුව සේක (බ)
ඔබ වහන්සේලාට ක්‍රියාකාරී දේශපාලනේ යෙදීම කැපයි කියල බුද්ධ නීතියේ තියනව ද...? එවිට උජුපටිපන්න ගුණය ආරක්ෂා වෙනව ද.....? (බ)
දේශ පාලුවෝ එන්නේ වෙන පොටකට .ඔබ වහන්සේ නිවැරදියි (බ)
ඔය කතිකාවත සෑදීමට උපදෙස් දැනට ලංකාවේ සිටින රහතන් වහන්සේලාගෙන් ලබා ගත්තොත් හොඳ නැද්ද? (බ)
කතාව ඇත්ත හාමුදුරුවනේ. ඒ වුණත් ඔය කතිකාවත වෙලා එනකොට තව සිවුරු පොරවගත්තු අය රටපුරා ඩෙගා නටල අපිට බුද්ධාගමත් එපාවෙලා ඉවරයි. (බ)
දැන් හෙළ උරුමයට වෙලා තියෙන්නේ දෙන දෙයක් කාල ඉන්න ඇමතිකම තියා ගන්න ඕනේ නම්. ඕව මහජනයාට කියල වැඩක් නැහැ. අපි මොනවා කරන්නද. ඔයාල තමයි ආණ්ඩුවේ ඉන්නේ. පාරලිමේන්තුවේදී ඕකට විරුද්ධ වෙන්න. ඇයි එ්ක කරන්න බැරි. (බ)
හෙළ උරුමය මේවා අපිට කියල වැඩක් නැහැ. අපි මොනවා කරන්නද. ඔය ගොල්ලෝ ඉන්නේ ආණ්ඩුවෙනේ. විරුද්ධව චන්දෙ දෙන්න ඇමතිකම ගහල යයි කියල බය නැතිව.(කෞ)
බුදුරජාණන් වහන්සේ වදාළ විනය පිටකය අර්ථ නිරූපණය කිරීමට බුදුරජාණන් වහන්සේටත් වඩා බලවත් පිරිසක් දැන් එකතු වී ඇත. බුද්ධ දර්ශනය ගැන ඉතා ඉහළ අවබෝධයක් ඇති බෞද්ධයන් පිරිසක් ගෙන එන නීති කර්ක මඟින් කුසල්, අකුසල්, පුනරුප්පත්තිය ආදිය නීතිගත වෙයිද? (නි)
ත්‍රයි නිකායික මහනායක හිමියන් දැනුවත් වෙලා තිබෙන නිසා ගැටළුවක් වෙන එකක් නැහැ (නි)
මේ කාරණා එළි පිට කතා නොකරත් බෑ. සියම් නිකාය එක්තරා කුලයක අය පමණක් මහණ කරන්නේ බුද්ධ නීතියට එකඟවද? බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි වුණත් ඒවා ඒ ආකාරයෙන්ම අද සංඝ සමාජය පිළිපදිනවාද? (බ)
සිව් වන ධර්ම සංගායනාව කරන්න වෙනවා භික්ෂූ සංඝයා ආරක්ෂා කර ගැනීමට (ම)