කොළඹ කෞතුකාගාරයට ඇතුළු වී කෞතුක වස්තු සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව සිටින ප්‍රියන්ත මෙන්ඩිස් හෙවත් කන්ගැට්ටා සැප්තැම්බර් 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
2012 වසරේදී මෙම සොරකම සිදුවූ අතර නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම හේතුවෙන් එසේ සැකකරු යළි රිමාන්ඩ් කැරුණු අතර ඊට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් 6 දෙනෙක් ඇප මත නිදහස්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ගැට්ටා නාටකයේ රඟපාපු එක්කෙනා විතරක් නොවෙයි , අධ්‍යක්ෂකත් හිරේනෙ. ඒ විතරක් නොවේ ,නිෂ්පාදකටත් ටික ටික කිට්ටු කරනවා වගේ . (බ)
මෙච්චර පහසුවෙන් හදාපු රත්තරන් බඩු හොරකම් කරන්න තියෙද්දී මේ කන් ගැට්ටා අධි ආරක්ෂක කලාපයේ සී සී ටීවී කැමරා සවිකොට තියන කෞතුකාගාරයට ඇතුල්වෙලා රාජසිංහ රජතුමාගේ රත්තරන් බඩු ටිකටම විදින්න අදහසක් පහල වුනේ මොකද කියන එක ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනා. සමහර විට මේ කන්ගැට්ට හිතන්න ඇති රාජසිංහ රජතුමාගේ කඩුව හොරකම් කළාම එයාට රාජසිංහ රජ්ජුරුවෝ වගේ වෙන්න පුළුවන් කියලා. (බ)