IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාත් එක්කද රට රටවල් ගානෙ ඇවිදින්න ගියේ

 

පසුගිය දවස්වල ශලනි තාරකා කෝ..., ශලනිට මොකද වුණේ කියන තරමට නිහඬතාවක් දැනුණා... ඒ අතරෙ ශලනි ලංකාවෙ නෑ කියලත් ආරංචි වුණා... ඒ හැම දෙයක් ගැනම ඇත්ත දැනගන්න අපි ශලනිට කතා කළා... ඇත්තම කියන්න කිව්වා.

 

 buttonඇයි ශලනි දැන් නිහඬ වෙලා වගේ ඉන්නෙ...?
”...එක දිගටම සද්දෙ දැම්මා වැඩියි කියලා හිතුණා. ඒ නිසා ටිකක් නිහඬ වුණා...”


button  පහුගිය කාලෙ ලංකාවෙ හිටියෙත් නෑ නේද...?
”ඔව්... යුරෝපීය රටවල් තුනක සංචාරයකට ගියා. මේ මාසෙ හතර වෙනිදා තමයි ආපහු ආවෙ.”

DSC_7636
buttonකාත් එක්කද ඔය රට රටවල් ගානෙ ඇවිදින්න ගියෙ...?
”මම ගියෙ ශානිකා මධුමාලිත් එක්ක... සංගීත ප‍්‍රසංග කිහිපයකටම සහභාගී වුණා... ඒක සුන්දර අත්දැකීමක් වුණා...”


button...එහෙනම් ඔයා සිංදු කියන්නයි රට රටවල් ගානෙ ගියෙ... ඔයා කිව්වේ කාගෙ ගීතද... කොහොමද ලැබුණ ප‍්‍රතිචාර...?
”...මම කීප දෙනෙකුගෙම ගීත ගායනා කෙරුවා. ඒ රටවල ඉන්න අපේ අය බොහෝ දෙනෙක් ඒ ප‍්‍රසංග නරඹන්න ආවා. ඒ අයගෙන් ලැබුණ ප‍්‍රතිචාර නම් හරිම ඉහළයි... ඒ සංචාරය ජීවිතේට අලූත් අත්දැකීමක් වුණා...”


button ඔයා ඒ විදිහට සංචාරෙ ගිය නිසා... ඔයා රඟපාපු ටෙලිනාට්‍ය අතරමග නතර කරන්නත් සිද්ධ වෙන්න ඇති නේද?
”නෑ... නෑ... මම එහෙම කාවවත් අපහසුතාවයට පත් කරලා නෙමෙයි ඒ සංචාරෙ ගියෙ. මම භාරගත්තු වැඩ ඉවර කරලයි ගියෙ”


buttonඔයා හරි ඉක්මනටම ජනප‍්‍රිය වුන නිළියක්... ශලනි හිතනවද ඔයාගෙ ඒ ජනප‍්‍රියත්වය තාමත් එහෙම්මම තියෙනවා කියලා...?
”ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක... රඟපාන්න ලැබෙන ආරාධනාත් එක්ක ඒ තිබුණ ජනප‍්‍රියත්වයෙ කිසිම වෙනසක් මට නම් දැනෙන්නෙ නෑ.”


button ජනපි‍්‍රයත්වයෙදි ශලනිට ප‍්‍රධාන වශයෙන්ම අභියෝගයක් වෙලා ඉන්නෙ උදාරි වර්ණකුලසූරියද.... නෙහාරා පීරිස්ද...?
‘‘ජනප‍්‍රියත්වයේදී උදාරි, නෙහාරා විතරක් නෙමෙයි... ප‍්‍රධාන මට්ටමේ ඉන්න හැම නිළියෙක්ම මට අභියෝගයක් විදිහටයි මම නම් දකින්නෙ...”


buttonඔයයි උදාරියි දෙන්නා එකට රඟපෑවත්... දෙන්නා අතරෙ ඇයි හොදයියක් නෑ නේද...?
”නෑ... නෑ... එහෙම දෙයක් නෑ... ”සිහින පියාපත්” ටෙලිනාට්‍යයෙ රඟපාද්දී අපි දෙන්නා ගොඩාක් ළඟින් ඇසුරු කෙරුවා. එයා බබා ලැබෙන්න රට ගියාට පස්සෙයි... ඒ ඇසුර තරමක් දුරස් වුණේ. උදාරිත් මීගමුවෙ... මමත් මීගමුවෙ... අපි දෙන්නම ගියෙත් එකම ඉස්කෝලෙටනෙ...”


button ශලනි කේන්දර විශ්වාස කරනවද?
”සියයට පනහක් විතර විශ්වාස කරනවා... ඒත් මම ඒ මත්තෙම ඉන්න කෙනෙක්නම් නෙමෙයි.”


button විවාහය ගැන ඔයාගෙ කේ්න්දරේ ලියවිලා තියෙන්නෙ කොහොමද?
”... මමත් කේන්දර බලන්න යන්නෙම ඔය ගැන අහන්නම තමයි අනේ... ඒත් මට කියන්නෙ නැත්තෙත් ඒ ගැනමනෙ... ඒ ගැන අහද්දී කියන්නෙ... තව ටිකක් ඉන්න... තව ටිකක් ඉන්න කියලයි...”


button පසුගිය කාලෙ ඔයාගෙ නංගිත් රඟපාන්න එන්න සූදානමක් තිබුණා නේද?
”...මම හිතන්නෙ නෑ එයා රඟපාන්න එයි කියලා. හැබැයි නංගිටත් රඟපාන්න ආරාධනයක් ලැබිලනම් තිබුණා...”


button  ඇත්ත ඒකද..., නැත්නම් නංගි රඟපාන්න එනවට ඔයා කැමති නැද්ද... ඔයාගෙ තැන නැතිවෙයි කියලා...?
”අයියෝ එහෙම දෙයක් නෑ... මමනම් ආසයි නංගිත් රඟපාන්න එනවනම්... ඒත් ඒ්ක තීරණය කරන්න  ඕනෙ මම නෙමෙයි නංගිනෙ...”


button  ශලනිගෙ වැඩි කැමැත්ත ජනප‍්‍රිය නිළියක් වෙලා බැබලෙන්නද... නැත්නම් දක්‍ෂ නිළියක් වෙලා ඇගයීම්වලට ලක් වෙන්නද...?
අද තත්ත්වයත් එක්ක බැලූවොත් දක්‍ෂ නම් ජනප‍්‍රියත්වයත් ඒ පසුපසින්ම තියෙනවා. දක්‍ෂතාවයක් නැතිවත් ජනප‍්‍රියත්වයෙන් බැබලෙන්න පුළුවන්... මම නම් කැමති... මගේ රඟපෑමක් දැකලා ”මාරයිනෙ...” ”මාර ඇක්ටින්නෙ” කියන තත්ත්වය ඇති කරගන්නයි...”


button  ඉස්සර කිව්වා ”එයාර් හොස්ටර්” කෙනෙක් වෙන හීනයක් තියෙනවා කියලා... දැන් ඒ හීනයට මොකද වෙලා තියෙන්නෙ...?
”ඔව්... ඒක තමයි මගේ ලොකුම හීනයක් වෙලා තිබුණෙ... ඒත් දැන් මට හිතෙනවා... ඒ හීනය මගේ ජීවිතේ හීනයක්ම විතරයි කියලා...”


button ශලනි රඟපාන්න ඇවිත් දැන් කොච්චර කල් වෙනවද...?
”අවුරුදු හයක් විතර වෙනවා...”


button දැන් ඔයා පාවිච්චි කරන්නෙ කීවෙනි වාහනේද...?
”දෙවෙනි වාහනය...”


button  ශලනිගෙ වයසෙ ගෑනු ළමයි පිරිමි ළමයි තැන් තැන්වලට වෙලා ”මල් කඩන” එක ගැන ඔයා මොනවද හිතන්නෙ...?
”හරිම සතුටක් දැනෙනවා... එයාල ජීවිතය සුන්දරව විඳිනවා කියලා හිතෙනව...”


button ඔයත් එහෙම ”මල් කඩපු” කාලයක් තිබුණද...?
”නැතුව... නැතුව... ඒත් දැන් ඒ නිදහස ඇහිරිල කියලා දැනෙද්දී දුකයි අනේ...”


button ශලනි මහතත් නෑ... උසත් නෑ... ඒ වෙනුවෙන් ඔයාගෙ උනන්දුවක් නැද්ද...?
”මහතනම් කාලා බීලා හරි වැඩි කරගන්න පුළුවන්. ඒත් උස වැඩිකර ගන්නෙ කොහොමද... ආසයි තව අඟලක් දෙකක්වත් උස යනවනම්...”


buttonසුරාජ් මාපාත් එක්ක මින් පස්සෙ ටෙලිනාට්‍යකවත් රඟපාන්නෙ නැති තීරණයක ද ඉන්නෙ...?
”නෑ එහෙම තීරණයක් අරගෙන නෑ... තාම එහෙම අවස්ථාවක් ලැබිලත් නෑ...”


button දැන් ඔයා කාගෙ හරි පෙම්වතියක්ද...?
”තාම නෑ...”


M

 



අදහස් (0)

කාත් එක්කද රට රටවල් ගානෙ ඇවිදින්න ගියේ

ජයතිලක Saturday, 22 November 2014 02:59 AM

හොද නිර්මාණ කිරීමට දායක වන්න (නදී)

:       0       0

සුජීව Thursday, 20 November 2014 07:11 AM

ශලනි ට තාරකාවක් වගේ බැබලෙන්න ලැබේවායි පතනවා. (අ)

:       0       0

සරත් Wednesday, 19 November 2014 04:54 AM

ඔය දැන් ගොඩක් ලස්සන වෙලා හරිම විනෝදෙන් සතුටින් සංචාරය කරලා තියනවා කියන එක ඔයාගේ ලස්සන දැක්කම පේනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 875 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site