ගුන්නෑපාන, තෙන්නකෝන් විමලානන්ද විදුහලේ විදුහල්පතිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති අසේල බණ්ඩාර ඒකනායක රුපියල් ලක්ෂ දෙකක ඇප මත මුදාහරින ලෙස තෙල්දෙණිය දිසා විනිසුරු රංගනී ගමගේ මහත්මිය අද (5) නියෝග කළාය.
විදුහල් ක්‍රීඩා පිටිය කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු සැකකාර සභාපතිවරයා විදුහල්පති ගාමිණී ඒකනායක මහතාට පහරදී ඇතැයි පැමිණිලි කර තිබුණි.
ඡායාරූප - චමිල් රූපසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය දේශපාලකතුමාට විදුහල්පතිතුමා සනීප වනතුරු පාසලේ දෙකේ පන්තියටවත් උගන්වන්න පුළුවන් වෙයිද? (නි)
ඔහු නූගත් නොවේ . කිසිවෙකුට කරදර කරන්නේකුත් නොවෙයි. මොකක් හෝ විදුහල්පති වැරදි වැඩක් කරලා ඇති. නැත්නම් බොරුවට හොස්පිටල් ඇඩ්මිට් වෙලා වෙන්න පුළුවන්. (ස)