කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි සැකකාර සමන් ජයලත් නමැත්තා අද (6) බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි ‘ජින්ටෙක්‘ ආයතනයට රැගෙන ආවේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් ජාන පරීක්ෂණයක් සඳහා සැකකරු එහි රැගෙන එනු ලැබුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුවය.
මොහු මෙහි ප්‍රධාන සැකකරුවූ කොණ්ඩයාගේ වැඩිමල් සහෝදරයාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම පොලිසියක්! අපිටත් ඇත්තටම ඇඬෙනවා (නි)
එල්ලුම් ගහ තිබුණා නම් කීදෙනෙක් නිරපරාදේ මැරිලද ,මෙහෙම පොලිසියක් තියාගෙන ද මිනිස්සු එල්ලන්න හදන්නේ .එහෙනම් දෙවියන්ගේම පිහිටයි (ම)
අයියෝ! ඔය ප්‍රශ්නය බුද්ධි අංශයට භාරදෙන්නකෝ (නි)
ඉක්මනට අපරාධකාරයට නියම දඬුවම දෙන්න ඕනෑ (නි)
කොණ්ඩයා අත්අඩංගුවට ගැනීම කන්ගැට්ටා නාටකයට සමානයැයි මම කිවුවේ මේ නිසයි. අහිංසකයෝ කීදෙනෙක් හිරේත් අපරාධකාරයෝ කීදෙනෙක් නිදහස්වත් ඉන්නවා ඇද්ද? (නි)
අනේ මන්දා මේකේ අවසානයක් දකින්නේ කවදාද අපි? (නි)
මුළු ලංකාවේම පිරිමි ටික අරගෙන ගිහින් ජාන පරීක්ෂාවට ලක්කළත් මට නම් පුදුමයක් නැහැ දැන්. (නි)
පවු අර තරුණ කොල්ලාගේ අනාගතය! (නි)
තාම හොයාගන්න බැරිවෙලාද? (නි)
මේක දැන් පුදුම හතරබීරි කතාවක් වෙලානේ. අන්තිමට කොණ්ඩයයි, අයියයි දෙන්නම බේරෙයි මේ යන විදිහට (නි)
හලෝ වරුණ, ගොඩ කාලෙකින්! (නි)
ලංකාවේ පොලිසියයි රහස් පොලිසියයි දෙකම ගැන දුකයි (නි)
අයියෝ! මට නම් මේ ගැන කියන්න කිසිම දෙයක් නැහැ (නි)
අපි අසරණ වෙලා වගේ දැනෙනවා (නි)
කවුරුත් කලබල වෙන්න එපා. මේක තව ගොඩක් දුර ඇදෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
කාවහරි වැරදිකරු කරලා ඇඟ බේරාගන්න හදන ආකල්පය ඉවත්වෙනතුරු මරණ දඬුවම නම් ක්‍රියාත්මක කරන්න එපා. කොතරම් නිවැරදි මිනිස්සු ලංකාවේ වැරදිකරුවෝ වෙලා ඇද්ද? ඒ වගේම කොතරම් මිනීමරුවෝ නිදැල්ලේ ඇද්ද? (නි)
මේ එළියට ආපුවා විතරයි. තව කොච්චර නම් පොලීසිය නිවැරදි මිනිස්සු වැරදිකරුවෝ කරලා ඇද්ද? මේ ප්‍රශ්නය නිසා පොලීසිය මදි නොකියන්න නම කැත කරගත්තා. (නි)
සීයා -පියා -අසල්වැසි නිවසක එක්දරු පියා - පාසැල් සිසුවා - කොණ්ඩයා - දැන් කොණ්ඩයාගෙ අයියා... ඊළඟට කවුද? මේ දරු පැටියගෙ ඝාතනය අහස පොළව නුහුලන අපරාධයක්. ඒකෙ කතා දෙකක් නැහැ. කොණ්ඩයයි අයියයි පැත්තක දාමුකො. නමුත් පොලීසියේ අධූරදර්ශි නීතියෙන් පිට තීන්දු නිසා අහිංසකයන් කීදෙනෙකු නිකරුනේ දුෂණය වුණාද? (නි)
මෙච්චර කල් කිය කියා හිටියේ කොන්ඩයා තමයි මේ අපරාදේ කළේ කියලා දැන අයියා කළා කියනවා තවටික දවසකින් තව කෙනෙක් කියයි මම තමයි කෙරේ කියලා ඔහොම ඔහොම මේ නඩුව තල්ලු වෙයි හොදම දේ තමයි මේ පාපොච්චාරණය කරන හැමෝම එල්ලුම් ගස් යවන එක (බ)
අපේ පොලීසියත් මොනවා කරනවද මන්දා (නි)
අනේ මන්දා මුළු ලංකාවම අත්අඩංගුවට ගනීද දන්නේ නැහැ මේ යන විදියට. මෙච්චර තාක්ෂණය දියුණු ක්‍රම තිබිලත් හරි මිනිහව හොයාගන්න බැරිවුණානේ? අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ නොකර දැන් ඉතින් එන්න ඔබ සියලු දෙනාත් අහිංසක කොණ්ඩයා වෙනුවෙන් හඬක් නඟන්න. (නි)
දැන් පොලිසියේ ෆෝන් ටික චෙක් කරන්න තමා තියෙන්නේ. දැනටමත් අර ළමයාගේ නිරුවත් ෆොටෝ ටික මකලා ඇති. (බ)
දැන් කරන්න තියෙන්නේ කොටදෙණියාවේ පොලිසියේ ඕ.අයි .සී ව එල්ලලා ගහල අහන්න ඕන කව්ද ඇත්තම මිනීමරුවා කියල.. මිනිහ තමයි ඕකේ ඇත්තම කතාව දන්නා කෙනා..(බ)
මේවගේ නාඩගම් හින්ද තවත් අසරණ වෙන්නේ අපේ රටේ පොඩි දරුවෝ මේවා නිසා අපරදකාරයෝ තවත් මෙහෙම අපරාද කරනවා අපේ පොලිසිය කරන වැඩ දැක්කම දැන් තමා නියම කොස්තාපල් පුඤ්ඤසෝම පෙන්නන්නේ (ම)
මේ වැඩ වලින් වෙන්නේ අහිංසක හිතුත් සමාජය කෙරෙහි වෛරිකරණය වෙන එකයි.දැන් කි දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්තද?කි දෙනෙකුට සමාජයේ කළු පැල්ලම් ඇති උනාද? කෝ තවම වැරදි කරුවෙකු නිශ්චිතවම අදුන ගත්තද? මේ සමාජයමයි මනුස්සයව අමනුස්සය කරන්නෙත්. (බ)
සමාවෙන්න ඕන තව එකක් ලියනවට .එතකොට මේ ළඟදි දවසක පුංචි ළමයිවත් අයින් කරගන්න කියල රන්ජන් කාරය කොණ්ඩය කොහොමද කළේ කියල අකුරක් නැර ටි.වී එකේ කිව්වා නේද එ්කත් බොරුවක්ද ? අනේ මන්ද මේ පොරට වෙනම අපායක් හදන්න ඕන මේ කියන බේගල් වලට. (බ)
පොලිසිය විතරද මය අපරාධවලට වගකියන්ඩ ඕනේ. අධිකරණය වගකිවයුතු නැද්ද. මේගොල්ලෝ කියන විදියට සැකපිට කව්රුත් අත්අඩංගුවට ගන්න බෑනේ. නිවැරදි හින්දනේ ඒ දෙන්න නිදහස් වුනේ මොකද්ද වුන අසාධාරණේ ඒ පාසල් සිසුවාට අපහාස කරන්නේ පව් පව් කියල කමෙන්ට්ස් කරන අයම තමයි හරියට හෝද හෝද මඩේ දානවා වගේ (බ)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කලොත් අපේ පොලිස් මහත්වරුන්ගේ වැඩ අනුව කීදෙනෙක් නිකන් මරයිද දන්නේ නෑ. නදී පොලිසියේදී කිරි පොවලා නිකන් ප්‍රශ්න කරන්නේ නෑ. නිකරුනේ බාගෙට මැරෙන්න වෙනවා. (අ)
මම ඉතාලියේ ලේක්කෝ නගරයේ මගේ ගෙදරින් එලියටවත් බහින්නේ නැහැ කොටදෙනියාව පොලිසිය ඇවිල්ලා මාවත් කුදලාගෙන යයි කියලා බයේ.(අ)
කොටදෙණියාවේ ඕඅයිසී හිරේ යවන්න ඕන හරිනම් වැඩ බැරිනම්. නිල සුනඛයෙක් බඳවා ගන්නත් පෙළපත බලනවා පොලිසියෙන් . (බ)
නවීන තාක්ෂණය මෙතරම් දියුණු ලෝකයක, අනෙකුත් රටවල් එයින් උපරිම පල නෙලාගන්න කොට අනේ අපේ රටට ගිය කලක්........!! (බ)
රොමේෂ් මල්ලි ඔයාගේ කතාවට මම එකඟයි. කොටදෙනියාවේ පො ලිසියේ ඕ.අයි. සි ව නිරුවත් කරලා බාල්කයේ කකුල් දෙකෙන් එල්ලලා ඔළුවට මිරිස් කුඩු ගෝනියක් දමලා හොඳට බැස්ටිය දුන්නානම් මිනිහා වමාරිවී ඇත්ත.විහිළුවට කීවාට මෙයාගේ වැඩගැන ගමේ රටේ වගේම පොලිසියේ සමහර අයගේත් ලොකු විවේචනයක් තියෙනවා. අවාසනාව කියන්නේ මේවාගේ අයව පිරිසිදු කරන්නත් සමහරු ඉදිරිපත් වීමයි..(බ)
ෂුවර් එකටම විජයබාකොල්ලය කළෙත් මේ මිනිහම තමයි. බොරුයි කියල හිතෙනවා නම් යූ ටියුබ් එකට ගිහින් 'විජයබාකොල්ලය' සොයල බලන්න. (බ)