මැලේසියාවේ ක්වාලාලාමුපුර් හි පැවැති 17 වන ආසියානු පැසිපික් කොණ්ඩා මෝස්තර ඔලිම්පික් තරගාවලියේ දී රටවල් 22 කින් ඉදිරිපත් වු 58 දෙනකු පරදවා අනුශූරතාව දිනා ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඔෂිනි අනුත්තර පුංචිහේවා සිසුවිය සමත් වුවාය. සැඳෑසමයට දර්ශනීය කොණ්ඩා මෝස්තරයක් ඉදිරිපත් කළ ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකා ඩොලර් 750ක් හිමි විය.
ජීව විද්‍යා අංශයේ උසස් පෙළ හදාර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ඇය ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනි ඔෂිලා ද සොයියා මහත්මියඝේ දියණියයි. කොණ්ඩා මෝස්තර ඔලිම්පික් තරගයක දී ශ්‍රී ලංකාව අනුශූරතාවක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට පාට සරුන්ගෝල...උඩයනවා...පිම්බෙනවා ...කාලෙකදී අප්පුඩි තලාපු අයම පසුතැවෙනවා...ලස්සන සැමදෙ...මොහොතක් සුවදේ...එහි කෙලවර... (දී)
සුභපතනවා මම ජයවේවා
ඕසිනි නංගි ඔයාගේ ජයග්‍රහණයට සුබ පතනවා!!!ඔසිලා අක්කේ මම සමින්ද බලපිටියේ සැලූන් එකේ.ඔයාටත් සුබ පතනවා!!!මේ වගේ ජයක් ගන්න දුවව මේ තත්වෙට ගෙනාවට. (දී)
දුවක් මෙපමණ ලොකු තැනකට ආපු එක ගැන අපගේ ප්‍රණාමය (දී)
අනේ මේ වගේ කොන්ඩයක් ඉස්සර මටත් තිබිබා. ගමේ කටිටිය මට කිව්වේ කොන්ඩ කුරුල්ලා කියලා. දවසක් පොලිසියෙන් අහුවෙලා කපලා දැම්මනේ. නැත්නම් මේ තරගයට ගියා නම් මම තමයි පළමුවෙනියා.(නදී)
රටට ආඩම්බරයක්. ජයවේවා!! (නි)
අපේ පොඩි දුවක් මෙපමණ ලොකු තැනකට ආපු එක ගැන අපගේ ප්‍රණාමය ඔබට. (නි)
ටයි- කොන්ඩෝ ශූරයො යැවුවේ නැද්ද? (නි)
ඔයා වගේම දුවත් දක්ෂයෙක් වෙන්න අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.අපි හැමෝම දුක් විදින්නේ දරුවෝ වෙනුවෙන්.ලොකුම දෙයක් ඔයා රටට ලබා දීලා තිබෙනවා. (නි)
සුබ පතනවා.හැබැයි ඉතින් මේක දාගෙන අපේ රටේ පාරේ ගියොත් නම් මොළේ අමාරුවක් කියලා තමයි හිතන්නේ. (නි)
මගේ යාලුවෙක් වීම ආඩම්බරයි ... සුබ පැතුම් ඔෂ් :) ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු කීර්තියක් .... (නදී)
එම පාසලේ ඉන්නේ කොහොමත් දක්ෂයන් (දී)
මට හරිම සතුටු උනා ඔබට ජය (නදී)
නැගණියේ ආඩම්බරයි ඔබ ගැන. මුළු හදවතින්ම සුබපතනවා තව තවත් ඉදිරියටම යන්න..!!! (දී)
කොච්චර හොදද ඇගත් වහගෙන මොස්තරෙත් ඉදිරිපත් කරලා දිනුමකුත් ගත්ත එක. තමන්ගේ නිරුවත පෙන්නලා තරග වලට ඉදිරිපත් වෙන අපේ රටේ මෝඩ එළදෙනුන්ට හොද ආදර්ශයක් මේ අම්මයි දුවයි. අපි හැමෝගෙම සුබ පැතුම්. (නදී)
හරි ලස්සනයිනේ. මටත් එක්කම ආඩම්බරයි.මෙවැනි නිර්මාණ ඔබේ සුරතින් තව තවත් හැඩවේවා! සිංහ කොඩිය ගෙන අතේ.... පෙරට තබමු පය අපේ.... ධීර-වීර හෙළ පුතේ... නියම සිංහයෝ වගේ ....!!! (නි)
රටේ පිනට පහල වූ දුවෙක් (දී)
ඔබට සුබ පැතුම් (දී)
සිරි ලක් මාතාවට ඔබ මිනි කැටයක්
රටට ආඩම්බරයක් ඔබට සුබ පැතුම් (දී)
ඔබට සුබ පැතුම් දුවේ . (දී)
ඔබ රටට අඩම්බරයක් දූවේ.. ඔබගේ ජයග්‍රහණයන් මාගේ දෙනෙත් මවිතයට පත් විය. සුභ පතුම්.. !(නදී)
ඔබට සුබ පැතුම් දුවේ .(නදී)
බන්දුල පෙරේරා කොහෙමෙටත් මොලේ අමාරු ගැන හොදටම දන්නවනේ.(නදී)
රොෂේන්, ඔශේලා ජීවත් වෙන්නේ බලපිටියේද ? (නදී)
හරි ලසන්න ළමයි ටික. ආඩම්බර වෙන්න පුළුවන් සිද්ධියක් (නි)
ඔෂී දුවට අපේ සුභ පැතුම්.(නදී)
දියණිය,ඔබට මගේ උපහාරය! (නි)
ආඩම්බරයි දුවේ. ඔයාට සුභ අනාගතයක්. (නි)
සුභ පැතුම්.... (ස)
සුභ පැතුම්! හොද දේවලින් ඉදිරියට යායුතුයි (නි)
මේ අපේ ගමේ අක්කා කෙනෙක්. ඉතින් අපේ ගමේ කෙනෙක්ගේ දුවක් මේ හපන්කම කළ එක ගැන මටත් හරි ආඩම්බරයි. මම රට හිටියත් මේක දැක්කේ අපේ ප්‍රවීන පුවත්පත වන ලංකාදීප නිසයි. ඉතින් දුවට සුබ අනාගතයක්. මම රොෂේන් මාමා. (නි)
කොණ්ඩය වගේම නුවණත් ලස්සන කරගන්න. (නි)