අහිතකර ලෙස ආහාර පිසීම, අපිරිසිදු මුළුතැන්ගෙයක් පවත්වාගෙන යාම සහ සේවකයින් අපිරිසිදු ලෙස ආහාර පිළිගැන්වීම් යන චෝදනා වලට වරද පිළිගත් කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලියක බස්නැවතුම් පොළේ ආපන ශාලා සහ පලතුරු බීම වෙළෙඳ සල් හිමියන් 8 දෙනකුට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය රුපියල් තුන් දහස බැගින් දඩ නියම කළාය.
එම් එම් මවුජුඩ්, පෙරියන් කි‍්‍රෂ්ණා, නාදුව ගමගේ ඉන්දික, එස් මොහොමඞ් හම්සා, එම් සත්‍ය භවන්, කරුපයියා අශෝකන්, කේ කනපති රාජේන්ද්‍රන් , උදුමා ලෙබ්බේ වැරදිකරුවෝය. යළි පැමිණිලි ලැබුණහොත් ඔවුන්ගේ කඩ වසා දමන බවද මහේස්ත්රාකත්වරිය කීවාය.
කොළඹ නගර සභාවේ ප‍්‍රධාන ආහාර පරීක්ෂක ලාල් කුමාර මහතා වැටලීම මෙහෙයැවීය. නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා විත්තිකරුවන්ට 16 දෙනකුට නඩු පැවරිය. උසාවි නොපැමිණි අට දෙනකුට වරෙන්තු නිකුත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන්නේ තනිකරම කුණු ගොඩක්, කුණු කෑම, කුණු වතුර, කුණු බෙහෙත්, දැන් ඔන්න ලෝකෙන්ම කුණු ඇමති මණ්ඩලයක්.. කාටද ආඩම්බර...(අ)
මෙහෙම අසාධාරණ විදිහට සල්ලි හම්බකරලා මොකටද? (නි)
මුදලාලිලා කුණු කෑම විකුණලා සල්ලි හම්බ කරනවා. අහිංසක මිනිස්සු ඒවා කාලා ලෙඩවෙලා දොස්තර හොයාගෙන යනවා. (නි)
අහිංසක මිනිසුන්ට කුණු විකුණන නරුමයින්ගේ ආපනශාලා වසා දමන්නට ජනතාව දිනක පෙළගැසේවි. (නි)