වැලිවේරිය රතු පස්වල කම්හලෙන් සිදුවූ අනර්ථයත්, කම්හල් හිමියන්ගේ පැත්ත ගෙන ගිය රජය සමයේ හමුදාවේ වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනෙකු මරා දැමීම ගැනත්, මේ රජයද කිසිත් නොකරතියි රාවය හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා කොළඹ පුස්තකාල ශාලාවේදී අද ප්‍රකාශ කළේය.
වික්ටර් අයිවන් මහතා අවධාරණය කළේ රතු පස්වල සිද්ධියට තුඩු දුන් හේතු හා ගැමියනට සිදුවූ අසාධාරණය ගැනත් ඊට වගකිය යුතු හැම දෙනාම නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවය. එහෙත් එවැනක් සිදුවන ලකුණු නැති බවත් මේ රජයද ගිය රජය මෙන් සමාගම රකින බවත් ඔහු කීවේය.
ජනමාධ්‍ය ඇතුළු මුළු සමාජයම කුණුවී ඕජස් ගලන තත්ත්වයකට පත්ව තිබියදී තරිඳු ජයවර්ධන වැනි තරුණ මාධ්‍යවේදීන් දැකීම අපමණ සතුටට හේතුවක් බවත්, ඔවුන් කිසිම බලවේගයකට නොනැමී සමාජයට කරන සේවය මිල කළ නොහැකි බවත් ඔහු කීවේය.
මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු විද්වතුන් කිහිපදෙනෙක්ම මෙහිදී අදහස් දැක්වූහ.
තරිඳු සිට කුළුදුල් පොත මවට හා මිත්තණියට පිදුවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම මහත්තය, බලන්නේ ඒකාබද්ද විපක්ෂය කන්නාඩියෙන් බවනම් මට පැහැදිල්යි (අ)
රතුපස්වල කම්හලෙන් පරිසර හානියක් වෙලට් නැහැ.හමුදාවට ගල් ගැහුවෙත් ජවිපේ කාරයෝ ටිකක්. මරුනේ පිටින් මේක බලන්න ආපු අය.මහින්ද මේකට ගෑවිලාවත් නැහැ.(අ)
රතු පස්වල මලේ 3 යි ,පසුගිය අවුරුදු 30 හේ ලක්ෂයක් විතර මලා. 1971 ලක්ෂයක් මලා ,1989 එයටත් වඩා මැරුවා. මේ ප්‍රශ්න ගැනත් ලියන්න (රේ)
එක් චෞරයෙකුට එරෙහිව චෞර රැජිණ නැවත බලගැන්වූ ඔබ සැමද මේ ඕජස් ගැලීමට වගකිව යුතුයි.(අ)
මල්ලි ඔබේ උත්සහාය ඉතාම සාර්ථකයි. මින් මතුවට ඔබේ පෑන් තුඩින් ලියැවෙන හැම අකුරකින්ම දුප්පත් මිනිසුන්ගේ දෑස් දීප්තිමත් වේවායි මගේ එකම ප්‍රාර්ථනය.(රේ)
පාර්ලිමේන්තුවේ ඉන්න නරක අය සේරම එළවා දමා නැවත පටන් ගන්න. නැතිනම් ජනතාවට හැමදාම දුක තමා. (ර)
චෞර රැජින කියල පොත් ලියල බැනල දැන් එක වේදිකාවේ ආපහු එකට ඉඳගන්න උදවියත් ඉන්න එකේ ඕව මොනවද අයිවන් මහත්තයෝ! (රේ)
රතුපස්වල ජනතාවට සිදුවූ හානියට සාධාරණය ඉටුකිරීමටත් අපරාධවලට වගකිව යුතු අයට දඬුවම් දීමටත් යහපාලන රජයට තවමත් අවස්ථාව ඇත . ප්‍රමාද වී හෝ ඒ යුතුකම ඉටුකළ යුතුමය . (අ)
හැරෙන හැරෙන පැත්තට පොත් ලියනවානේ... (ර)
පොත් ලියන එක පොත් කියවන එක තරම් පට්ට පල් බොරුවක් තවත් නැ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් උදාහරණත් එක්ක සංවාදයකට ලැස්ති (අ)
කුණු වූ සමාජයක් යනුවෙන් අපේම සිංහල ජනයට ගරහන යම් කිසිවෙක් වේද ඔහුද කුණු වූ සමාජයට අයත් කුණු වූ මිනිසෙක් නේද (අ)
ධම්ම , හැම වෙලේම ඔබ ඔබ.. නෙමෙයි අපි .. මේ රටේ මේ ඕජස් ගලන ක්‍රමයට වග කිව යුතු අපියි. ඔය රතුපස්වල සිද්ධියෙන් පස්සේ තිබ්බ ඡන්ද ප්‍රතිළුල අරන් බලන්න, රතු පස්වලම මිනිස්සු ඡන්දෙ දීල තියෙන්නේ කොහාටද බලන්න. කටුනායක මිනී මැරීමෙන් පස්සෙත් කටුනායක ළමය කොහාටද ඡන්දෙ දීල තියෙන්නේ බලන්න. මේක කුණු ඌ සමාජයක් කියන්නේ නිකන නෙමෙයි. ඔබත් මමත් කුණු වූ මිනිස්සු. (අ)
කුණුවූ සමාජය ගොඩ ගන්න නම් චෞර රැජින පොත නැවත වරක් පල කරලා වැඩේ පටන් ගන්න. (රේ)
හපොයි වික්ටර් අයිවන් මහත්තය හීනෙන් අවදි වෙලාද. මහරජතුමාගේ උපදේශකයෙක් වෙලා හිටිය නේද? මේවා වෙනකොට බුදිද?(රේ)
ධම්ම ඔයාගේ කතාවේ යම් ඇත්තක් ඇති නමුත් දැනට ඉන්න හුඟ දෙනෙකුට වැඩිය ඔයා නරකයි කියන අය හොඳයි කියලයි මම හිතන්නේ (බ)