නාවල හංදියේ සිට රාජගිරිය දෙසට අද (23) පස්වරු 12.30ට පමණ ත්‍රිරෝද රියක් ධාවය විය.
එම රිය ඉදිරියෙන් වූයේ කසල රැස් කරන අත් කරත්තයකි. ත්‍රිරෝද රියදුරා බෑගයක් අතට ගෙන නැමී සිලිසිලි බෑගයක් පාරේ ගිය කරත්තයට විසි කළේය. එම බෑගය කුණුවලින් පිරී තිබිණි.
බෑගය විසි කිරීමට ගත් උත්සාහයේ දී ත්‍රීරෝද රිය පෙරළී ගියේය. පාරේ ගිය කාරයක ද හැප්පුණේය. කාරයේ විදුලි පහන කැඩී ගියේය. ත්‍රීරෝද රියට ද හානි සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කේස් එපා අනේ, (අ)
නීති රීති වලින් විතරක් රටක් දියුණු කරන්න බැහැ ඉන්දික. ඒවා පොදුවේ හැමෝටම සාධරණ විදිහට ක්‍රියාත්මක වෙන්න ඔනේ. හොඳම උදාහරණයක් තමයි අද තරුණ කොල්ලෙක් කුඩු ගහලා අහුවුනොත් අඩු තරමින් මාස හයකටවත් හිරේ දානවා. ඒත් රටට කුඩු කන්ටේනර් පිටින් ගෙන්වන ජාවරම්කාරයෝ නිදැල්ලේ ඉන්නවා. ඉතින් කෝ නීතියේ සමානාත්වතාවය. අපිටත් දැනගන්න ඇත්තටම කියන්නකෝ බලන්න රජය ජනතා සුභසාධනය වෙනුවෙන් අලුතෙන් ගෙනාව නීතියක් දෙකක්. (අ)
බැරිදේ නොකරන් අබරෝ.කිවලු. (අ)
එය මෙසේ සිදු විය. (අ)
ත්‍රී වීල් රථ රියදුරන්ට එතරම්ම බනින්න එපා. කොළඹ නගරයේ බෝම්බ පිපිරුණ කාලේ තුවාල කාරයෝ හදිසි අනතුරු අංශයට රැගෙන යාමට ලොකු උපකාරයක් කල අයනේ. ඉඳල හිටලා සුද්දෙත් දෙන්න ඇති ඒ වගේද ජීවිත රැක ගැනීම!!
ඇත්තටම ගමනක් යන්න අපි හැමෝම භාවිතා කළාට ත්‍රීරොද රථ කියන්නේ අද අපේ රටේ සමාජ පිළිලයක් වගේ. මීටර් සවිකරන ලද ත්‍රීරෝද රථ නගරාශ්‍රිතව ඇතැත් බොහෝ රියැදුරන් තම හිතු මනාපයට ගාස්තු අය කරති. බොහෝ ත්‍රීරෝද රියැදුරන්ට මාර්ග නීති පිලිබඳ වගේ වගක් නැත. විධිමත් කුලීරථ සේවාවක් ඇති කිරීමට පාලකයින්ටද වගේ වගක් නැත. ඒ ඔවුන්ට ඉගිළී යාමට අධි සුඛෝපභෝගී රථ ඇති නිසාත් කුලී ත්‍රීරෝද රථ භාවිතා නොකරන නිසාත් විය යුතුය. (අ)
මොනදේ ගැන ප්‍රවෘත්ති පල වුනත් අදහස් ලියන්නේ පාලකයින් සම්බන්ධ වෙලා. හරියට අර මැක්කාගේ කතාව වගේ. (ස)
අහෝ දුකකි (නදී)
සෙලීනා හරියටම හරි. එහෙම ජනමතයක් ගොඩනැගිලා තියෙනවානම් ඒ මේ පාලන ක්‍රමයේ තියෙන ලොකු වැරැද්දක් නිසා. රටක් පාලනය කරනවා කියන්නේ පාරවල්, ගුවන්තොටුපොලවල්, වරායවල් හදන එක විතරක් නෙමෙයි. සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ගැටලු හඳුනාගෙන ඒවාටත් පිලියම් යොදන්න ඕනේ. (ස)
වරක් චර්චිල් මෙහෙම කිව්වා : ‘‘රටක්, ජාතියක් සමෘද්ධිමත් කරනවා කියන්නේ එහි ජනතාවගේ සිතුම් පැතුම්, අධිෂ්ඨාන නිවැරදි දර්ශනයක් ඔස්සේ සමෘද්ධිමත් කිරීමයි කියල. හරියටම ලංකාවේ නැත්තේ මේකයි. (ස)
බත්තරමුල්ල ප්‍රදේශයේ කුණු කසල ඉවත් කරන්න විධි=මත් ක්‍රමයක් නැහැ. පැලවත්තේ සිට දිවෙන පාර්ලිමේන්තු පාරට වාහන වලින් පැමිණි උදවිය කුණු බෑග් වීසි කර යනවා මම දැක තිබෙනවා . මේවා නිලධාරීන්ගේ සහ මහජනයා යන දෙගොල්ලන්ගේම අඩුපාඩු. (ස)
ෂෙරිෆ් අපි ඉගෙන ගත්තු පාඩම මොකක්ද ? කුණු විසිකරන හැටිද? (නදී)
ත්‍රිරෝද රථ ප්‍රධාන පාරවල් වලින් අයින් කල යුතුය යන්න තමා හැමදාම මගේ අදහස උනේ. (නදී)
හැම කුණු ගොඩකටම ත්‍රී ව්ලර් සම්බන්ඳයි. (නදී)
ලංකාවේදී ත්‍රිරෝද රථ ළඟ හැරවීම සඳහා එහි චැසිය (වැල්ලම්පිටිය මෙතෙරඩ්) ක්‍රමයට වෙනස් කරයි . එවිට සිදුවන්නේ බොහෝවිට පෙරලීමයි . (නදී)
රටේ රථ වාහන අනතුරු වලට 80% වග කියන්න ඕනේ ත්‍රීවීල් සහ මෝටර් බයිසිකල්. කිසිම නීතියකට නෙමෙයි පාරේ යන්නේ. (නදී)
ප්‍රසාන් චර්චිල් එහෙම කියන්න ඇති එත් ඔබ ඔය කියන සිතුම් පැතුම් වලින් සන්නද්ධ පරිපූර්ණ ජනතාවක් අද ඔහුගේ රටේ ඉන්නවද? ඔබ යුරෝපයේ සංචාරය කර ඇත්නම් ඔබට එය තේරේවි. අපේ ලාංකිකයන්ට පිළිපදිනවනම් ඔය සුද්දන්ගේ පම්පෝරි නොවේ අපේ ආගමික ශාස්තෘ වරුන්ගේ ඉගෙන්වීම් හොඳටම ඇති. එසේ නැත්නම් ලංකාවේ පහුගිය කාලේ සිටි ධර්මපාල තුමා වැනි උතුමන්ගේ අදහස් අනුව ක්‍රියා කලහැකියි. ගැටලුව වන්නේ ඔය බටහිර රට වලින් පැමිණි කුණුගොඩවල් නිසා ලාංකික ජනතාව අද වල්මත්වී සිටීමයි. ඔය හෙරොයින් ඒඩ්ස් වැනි බොහෝ අපචාර ක්‍රියා ලංකාවට ආවේ ඔය බටහිර රටවලින්. ඒකනිසා රජයට බැන බැන සිටිනවාට වඩා සියලුදෙනා එකතුවී මැලේසියාව චීනය වගේ සුද්දන්ට කඩේ නොයන අපේ දේශීය සංවර්ධන ක්‍රමයන් ගැන සිතිය යුතු කාලයයි මේ.(ස)
ත්‍රිවිල් එක්ක නම් මගෙත් ලොකු තරහක් තියෙනවා. මගේ දුප්පත් බයිසිකල් කට්ට හප්පන් ගිහින් මටත් සතියක් දෙකක් දුක් විදින්න සැලැස්සුවා. පාර අයිනේ ගිය මාව පිටිපස්සෙන් ඇවිත් හප්පන් ගියේ. මට මොකද උනේ ජිවිතයක් නේද කියලවත් බැලුවේ නැහැ. පාරේ බල්ලෙක්වත් නැහැ. රාත්‍රී 10 ට විතර එයා ආපු වේගෙන්ම මාරු. ඒ වගේම කට්ටිය ඔය ත්‍රිවිල් එකක පොඩ්ඩක් වාහනයක් හැපුනම බලන්නකෝ කට්ටිය හරියට ලම්බෝගිනි එකක් හැපුන වගේ තමයි. ආයෙත් බේරිල්ලක් නැහැ. සාක්කුව හුරගෙනම තමයි නවතින්නේ. අනේ ඒ උනත් ත්‍රිවිල් නැතුවත් බැහැ. දුප්පතාගේ වාහනේ නිසා. කොහොම උනත් ලංකාවට දැන්නම් ත්‍රිවිල් ඇති කියල මට නම් හිතෙන්නේ. (නදී)
මේ රෝද තුනේ වාහනය රටේ පාරවල් වලට පිළිලයක්. (ස)
සෙලිනා, ඔය හරියටම හරි. ගෙදර ප්‍රශ්නයක් උනත් අන්තිමට එ්කටත් රටේ පාලකයෝ වැරදියි.(නදී)
රවී ජයවීර, ඔයාටත් මැක්කාගේ කතාව අදාලයි. මේක ත්‍රි වීල් එකක කෙනෙක්ගේ නොසැලකිල්ල නිසා වෙච්ච සිද්දියක්! (නදී)
සුක්ෂම හොරු නේද? (දී)
මොනවා වුණත් හුඟක් ලොකු ලොකු අය ලොකු වාහන වලින් ගිහින් කුණු විසි කරද්දී ත්‍රීරෝද රථ රියදුරා කුණු එකතු කරන තැනකටම කුණු දාන්න උත්සාහ කළ එක නම් අගය කරන්න ඕනෑ.හරියට පාලනය කරගන්න බැරි වුණ එක නම් එයාගේ අත්දැකීම් අඩුකමක් (නි)
සමන් , ඔබ යුරෝපයේ සංචාරය කර ඇත්නම් ඔබට එය තේරේවි.... මටත් කියන්න තියෙන්නේ ඒකමය. ඒ රටවල මිනිස්සුන්ගේ විනය කොහොමද කියල. අපේ වගේ පාරවල් වල කුණු දානවද? ජාති වලට බෙදිලා ගහ ගනන්වද? හෙමින් යන වාහන දකුණෙන් යනවද? වාහනවල නලාව ගහනවද? හෙමින් යන වාහන වේගයෙන් යන ඒවාට ඉඩ දෙන්නේ නෙද්ද? අනිත් මිනිස්සුන්ට ගරු කරන්නේ නැද්ද? පාරේ ඇමතිලා යන්නේ අපේ වගේද? කඩවලට ගියාම මිනිස්සුන්ට සලකන්නේ කොහොමද? මොකද අපේ රටේ මිනිස්සු ඒ රටවලට යන්න පොර කන්නේ? මොකද අපේ රට ඒ වගේ දියුණු නැත්තේ ? (දී)
නියම දඬුවම (දී)
ත්‍රී වීල් කාරයෝ පොඩි ඉඩකිනුත් කොහොම හරි රිංගලා යන්ඩ තමයි බලන්නේ. ඉස්සරහ රෝදේ දාගන්ඩ පුලුවන්නම්, පිටිපස්ස රෝද දෙක නිකන්ම එම ඉඩෙන් එයි කියල තමයි ඒ ගොල්ල හිතන්නේ. එම නිසා කසි කබල් ඉන්දියන් ත්‍රී වීල් වෙනුවට කුඩා ෆෝ(ර්) වීල් රථ තමයි ලංකාවට සුදුසු. (දී)
ඉන්දික ඔබත් හරියටම හරි. මේක එක් ත්‍රීරෝද රථ රියැදුරෙකුගේ නොසැලකිල්ලේන් සිදුවූ දෙයක්. ත්‍රීවීලර් විතරක් නෙමෙයි අද ලංකාවේ බොහෝ රියැදුරන්ට මාර්ග නීති ගැන වගේ වගක් නැහැ. ඉතින් මේ අක්‍රමිකතා නිවැරදි කරන්න නෙමෙයි ද රටේ පාලක පන්තියක් ඉන්නේ. ලිඳේ ඉන්න මැඩියන්ටනම් මේවා තේරෙන්නේ නැහැ. ඒත් ලොකයේ දියුණු රටවලට ගිහිල්ල ම බලන්න ඕනේ මොනතරම් ආරක්ෂාකාරී විදිහට ද රිය පදවන්නේ කියලා. (ස)
මම ජීවත් වෙන රටේ කුණු කසල ඉවත් කිරීමේ වැඩ පිළිවෙල හරිම විධිමත්. ඒ වගේම කිසිම කෙනෙක් අතන මෙතන කුණු හලලා යන්නේ නැහැ. වෙන එකක් තබා තමන්ගේ ගෙදර ඇති කරන බල්ලා පාරේ මලපහ කලොත් හාම්පුතාට දඩ ! මේවා ගැන වැඩි විස්තර නොකියන්නේ පිටරට ඉන්න ලාංකිකයන් ට නෝක්කාඩු කියන උදවියත් ඉන්න නිසා. (දී)
කොහොමහරි අවසානයේදී අපි හැමෝම පාඩමක් ඉගෙන ගත්තා මේ ත්‍රීරොද රථ රියැදුර කල වැරැද්දෙන්.(දී)
රවී ජයවීර, රටක් දියුණු කරන්න බැරි දේශපාලකයන්ගේ වැරදි වගේම මිනිස්සුන්ගෙත් වැරදි හින්දයි. වෙන රටවල මිනිස්සු මුලින්ම හිතන්නේ තමන්ගේ රටගැන. එත් අපේරටේ මිනිස්සු මුලින්ම හිතන්නේ තමන්ගේ පක්ෂේ ගැන. රජය මොනතරම් හොඳ නීති ගෙනාවත් අන් විරෝධි අය කරන්නේ ඒවාට විරුද්ධ වෙනෙක. එහෙම නැතිනම් ඒවා කඩාකප්පල් කරන එක. (අ)
මේ වගේ අමන වැඩ අහන්න ලැබෙන්නේ සිරි ලංකාවෙන්ම පමණි (ස)