යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක 3 කලාපය වන බුත්තල කතරගම මාර්ගය අසල වනයට කුණු තොගයක් මුදා හැරීමට පැමිණි කැබ් රථයක් හා එහි හිමිකරු ගල්ගේ වනජීවී නිලධාරීන් විසින් අල්ලාගනු ලැබීය.
මෙම කුණු තොගය රැගෙන පැමිණ ඇත්තේ සෙල්ල කතරගම නගරයේ පිරිසකි.
අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා වන අලින්, ඌරන් ඇතුළු වන සතුන්ට විවිධ රෝග ආබාධ ඇතිවන බව වනජීවී නිලධරයෝ පවසති.
මේ වන විට මෙම මාර්ගයේ සිටින අලින් මෙම කුණු ද්‍රව්‍ය ආහාරයට ගැනීමට හුරුව ඇතැයිද කතරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කුණු කසළ මෙම මාර්ගයට මුදා හරින බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කසලත් දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා නේද. (කෞ)