ගිරිඋල්ල පස්යාල පාරේ කඳන්ගමුව පාසල අසල අනාරක්ෂිත දුරකතන කණු කිහිපයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සිය වාහනයේ බොනට්ටුව මත හිඳගෙන විරෝධතාවක් ඇරැඹූහ.
නියෝජ්‍ය ඇමැතිවරයා කටුපොත සිට බුදුපිළිමයක් වැඩම කරවාගෙන එමින් සිටිය දී මෙම දුරකතන කණු දැක තිබේ.
මීට මාස කිහිපයකට පෙර පාර පුළුල් කළ බවත්, පාර අයිනේ තිබූ දුරකතන කණු ඉන් පසු පාර මැද තිබුණත් ඒවා ඉවත් නොකළ බවත්, කණු පාර මැද තිබිය දී පාර කාපට් කළ බවත් ප්‍රදේශවාසීහු කියති.
මාර්ග සංවර්ධන අධිකාරිය, ටෙලිකොම් ඇතුළු අදාළ බලධාරීන් පැමිණ කණු ඉවත් කරන තුරු තමා ඉවත්ව නොයන බව නියෝජ්‍ය ඇමැති පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ඇමතිවරු! මේ වගේම ඇමතිවරු මුළු ලංකාවේම හිටියා නම් ලංකාවේ ප්‍රශ්න නැහැ (නි)
මේ ආණ්ඩුව ඔබතුමාලගේ නේද? ඇයි මේ රඟපාන්නේ? (නි)
ඉතින් බලය තියෙන්නේ ඔයාලටනේ. මොනවටද උපවාස කරන්නේ? (නි)
හැමෝටම පිස්සු වගෙයි. සමහරු ඔලුවෙන් හිටගෙන ඉන්නවා. සමහරු උපවාස කරනවා. මෙහෙමද ප්‍රශ්න විසඳන්න හදන්නේ? (නි)
මේව බොළඳ වැඩ. රජයේ ඇමතිවරයෙක් වෙලත් මේ වගේ සුළුදේකට උපවාස කරනවද? එහෙම නැත්නම් අදාළ අංශවලට දැනුම්දී වැඩේ කරනවද? (නි)
එක අතකින් දුකයි. මොකද මෙහෙම අය එක්කද මේ රට ඉදිරියට ගෙනයන්න හදන්නේ? එ්ත් මේවට හුරේ දාන නුගත් මිනිස්සුත් ඉන්නවනේ. මොනවා වුණත් වැඩේ කෙරෙනවා නම් හොඳයි (නි)
තැනින් තැන රටේ කුණුගොඩවල් පිරිලා. ඒවාට විසඳුමක් සොයා දෙනතුරු බැරිද ඔයවගේම උපවාසයක් කරන්න? (නි)
අනේ අපේ මහජන නියෝජිතයෝ! (නි)
ඕවා මොනවටද? බලය තියනවා නම් උප ඇමති කෙනෙක් වෙලා මොනවා කරවාගන්න බැරිද? (නි)
කියල වැඩක් නැහැ රෝෂන්. කාට කියන්නද? එක අතකට අපේ රටේ බහුතර මිනිසුන්ට ගැළපෙන දේශපාලකයෝ ලැබිලා කියලත් මට හිතෙනවා. නමුත් ප්‍රශ්නය සුළුතරය අතර ඉන්න නීතිගරුක සහ දේශපාලනයට හිස නොනමන වැදගත් මහත්ම මහත්මීන් සහ දරුවන් මේවයින් දුක්වෙනවා. (නි)
යහපාලන නාඩගම්. (අ)
තමන් ආණ්ඩු පක්ෂයේ නම් ආණ්ඩුවට කියල මේ වගේ සුළු දෙයක් වත් කරගන්න බැරිනම් ඒකෙ තේරුම එක්කෝ පක්ෂයෙන් ගණන් නොගන්න කෙනෙක් නැත්නම් කළයුත්ත තෝරා බේරා ගන්න බැරි කෙනෙක් (අ)
ඇමති කෙනෙක් කියන දෙයක් කරන්නේ නැතිනම් සාමාන්‍ය මහජනයා ගැන කුමන කතාද මේ රජයේ සියලුම ආයතන පුද්ගලික අංශයට දිය යුතුයි එවිට රටක් දියුණු කළ හැකියි (අ)
මෙතුමාගේ මේ කාලේ වැඩ ගැන වගේම අතීතයේ වැඩ ගැනත් අපිට හොඳට මතකයි (නි)
මෙම පාර කාපට් කළේ මහින්දගේ කාලේ නේද? ඒ කාලේ කරන්න තිබුන වැඩ නේද මේ? බොනට් උඩ ඉඳගන්න නෙමෙයි තියෙන්නේ, ඉංජිනේරුවා අල්ලගෙන වැඩ තහනම් කරන එක. නොනගතෙත් ළංවෙනවා. දැන් බැහැලා ගෙදර ගිහින් නැකතට වැඩ අල්ලන්න (නි)
ඇමතිලත් අද අසරණයි. අපි ගැන මොන කතාද? (නි)
මෙයාලට ඇමතකම් දෙනකොට අපි නම් දැනගත්තා මෙහෙම දේවල් වෙයි කියලා (නි)
උප ඇමැතිකමක් දුන්නේ ඔවැනි වැඩ නවතා දමන්නයි. දැන් උප ඇමැතිකම අයින් කරනවද? (නි)
මෙහෙම නොකර අද කාලේ වැඩක් කරවාගන්න බැහැ (නි)
උප ඇමති වුණාට පස්සේ තමයි ඇස් ඇරිලා තියෙන්නේ. ඉස්සර මේවා දන්නේ නැහැ (නි)
මොනවා කරලා හරි කමක් නැහැ, පත්තරේ ටීවී එකේ තමන්ගේ ෆොටෝ එක වැටෙනවා නම් ඒකත් විශාල නම්බුවක් කියලා සමහරු හිතනවා ඇති. මොළේ තරමටනේ ඉතින් ක්‍රියාව තියෙන්නේ. "දේශයේ හැටියටනේ වාසේ" කියලා කතාවකුත් තියනවනේ (නි)
ටෙලිකොම් එකට බනින වෙලේ පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි ආර්ඩීඒ එකෙන් මේක අයින් කරන්න කියලා ඉල්ලීමක් මීට පෙර කරලා තියෙනවද කියලත්. (නි)
මොළයක් නැති අඳ බාලයෝ ලොකු තැන්වල ඉන්නකොට මේවගේ දේවල් සිද්ධවෙනවා. සංවර්ධනය කිය කියා පාරවල් කාපට් කළාට වැඩක් නැහැ. නිසි සැළැස්මකට පාරේ විදුලි කණු, වතුර බැසයන කාණු නිසිපරිදි සකස් කරන්න ඕනෑ. මොනවද මේ වෙන්නේ? ජනතා බදු මුදල් නාස්තිකරලා කොන්ත්‍රාත්කාරයන්ව පොහොසත් කරනවා. (නි)
මේ වගේ දේවල් දකිද්දී ලංකාව ගැන පුදුම දුකක් හිතට දැනෙන්නේ (නි)
මේවා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ ලෙසයි මම නම් දකින්නේ. (නි)
මෙයාලට වැඩ නැහැ, එහෙම නැත්නම් වැඩ දන්නෙ නැහැ. (නි)
මෝඩකම උපරිමයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
පව්! ඉමේෂ් ගැන නම් මට හරි දුකයි (නි)
නිසි ක්‍රමවේදයන් මගින් ප්‍රශ්නය විසඳන්නේ නැතුව මොකද්ද මේ නටන නාඩගම? මෙහෙමද රටක ඇමති කෙනෙක් ප්‍රශ්න විසඳන්නේ ? මේකද ජනතාවට ප්‍රශ්න විසඳන ආකාරය පෙන්වන පූර්වාදර්ශය? (නි)
ශ්‍රී ලංකා ටෙලිකොම් එක තැන කතාකරලා වැඩක් නැහැ. මගේ යාලුවෙකුගේ පරණ ගෙදර තිබුණු ටෙලිෆෝනය අලුත් ගෙදරට මාරුකරන්න මිට මාස දෙකකට විතර කලින් ටෙලිකොම් එකට දන්වා තියනවා. තවම සම්බන්ධතාවය දීලා නැහැ. ඔන්න ශ්‍රී ලංකා ටෙලිකොම් තත්වය. (නි)
අනේ මෙහෙමත් දේශපාලඥයෝ! (නි)
ජයනාත්, දුකයි නම් අර කණුව අයින් කරලා දෙන්නකෝ. (නි)
ගිය ආණ්ඩුවේ සංවර්ධනය. මේවා කරලා තමයි ලකුණු දාගත්තේ. දැන් බය ඇති ලකුණු කැපෙයි කියලා. (නි)
පාලිත, ඔබ කොහොම කෙනෙක් වුවත් ඔබගේ අවධානය ගැන සතුටුවෙමි. ගිරිඋල්ල පළාතේ ලොකු ලොක්කෝ මෙතෙක් කල් මෙය දැක්කේ නැද්ද..? ටෙලිකොම් එකේ මාර්ග අධිකාරියේ ඉන්න මෙතෙක්කල් ඕවා දැක දැක නිකන් හිටපු නිලධාරීන්ගෙන් වැඩක් ගන්න මෙවන් සංදර්ශන නොදාත් බැහැ. " වම් අත කරන දේ දකුණු අත නොදන්නාක්" මෙන් ආයතන සම්බන්ධීකරණයක් පවත්වාගෙන නොගිය මේ ආයතන දෙකේ ලොකු ලොක්කෝ දඬුවම් දී ගෙදර යැවිය යුතුයි. (නි)
මෙන්න ඇමතිලා. නියම ජනතා සේවකයෝ (නි)
මේ අයගේ මේ විකාර දැකලා අපිට එපාවෙලා දැන්. (නි)
ටෙලිකොම් එකේ අය ඇවිල්ලා ඔය කණු ටික අයින් කරනතුරු හිටියොත්, ඇමතිතුමාට අලුත් අවුරුදු දවස් ටිකත් බොනට් එක උඩම ඉන්න වේවි. මොකද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වැඩ දැන් වෙන්නේ බොහොම මන්දගාමිව. කාර්යක්ෂමතාව, පාරිභෝගික සේවය, දෝෂ විසඳීම් එහෙම තියෙන්නේ අන්තිම අඩියේ (නි)
මෙන්න ඉහළට යන්න ඕනෑ මිනිස්සු (නි)
හොඳ වැඩක්. උප ඇමතිතුමාට ජයවේවා! (නි)
උප ඇමතිවරයෙකුගේ වගකීම් හඳුනානොගත් අයෙකුගේ තවත් එක් සංදර්ශනයක් ලෙසයි මම නම් මෙය දකින්නේ (නි)
හැම ජනතා නියෝජිතයෙක්ම මෙහෙම නම් අපේ රට අද සුරපුරයක් (නි)
ඉතා අවංක මම ගරුකරන මහත්මයෙක්. නමුත් මෙතුමාට මතක ශක්තියේ යම් අඩුවක් තිබෙනවාදෝ කියලා මට පොඩි සැකයක් මතුවෙනවා. මොකද මෙතුමා දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. දැන් උද්ගෝෂණය කරන්න නෙමෙයි කණුව අයින් කරන්න අදාළ අයට උපදෙස් දීලා වෙන වැඩක යෙදිලා හෙට විතර වැඩේ කෙරිලා නැත්නම් අදාළ අයට විරුද්ධව පියවර ගැනීමයි කළයුත්තේ (නි)
මෙයයි යහපාලනය. අපිට සතුටුයි (නි)