බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රට පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
‘පිළිසරු‘ ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටුවා ඇති මෙම කොම්පෝස්ට් අංගන හොඳින් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී අවධානයට ලක්විය.
මෙම අංගන මාතර, මාවතගම, මහඔය, ඇල්පිටිය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල දැනට ක්‍රියාත්මකවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දන්නා අාකාරයට නම් මේ වැඩේ ශරිරයට එ්තරම් හොද නෑ. මේ පොහොර භාවිතයෙන් පිලිකා අැතිවන බව යුරෝපා රටවල පෙන්වා දිලා තියෙනවා. එ් වාගේම තහනම් වැඩක්. එ් වාගේම කෙනෙකු මේ පොහොර භාවිතා කලහොත් දඩුවම් ලැබිය හැකි වරදක් (නදී)
වැඩේ හොඳයි (නි)
17 වෙනිදට මහජනතාව කියලාදෙයි කාට කාටත් ගොඩයන විදිය (නි)
ඔබ තුමා මේ රටට සම්පතක්. ඔබට ජය ශ්‍රී(නදී)
මෙන්න මෙහෙම තමයි වැඩ කෙරෙන්න ඕන. විද්වතුන් සමග සාකච්ඡා කරලා. නැතුව කුට්ටිය කීයද කියල බලල නෙමෙයි. (නදී)
දැනට පවතින දේශපාලන කුණු ගොඩෙන් කසළ ඉවත් කරගැනීමටත් ජනතාවට අත්‍යවශ්‍යව ඇත. දියුණු රටවල කැළි කසළ ප්‍රශ්නයට මුහුණ දෙන අකාරය ගැන අවබෝධයක් අපේ වගකිව යුත්තන්ට නොමැති බව හොඳින් පෙනියන කරුණකි. (නදී)
ගෝටාබය නැතිව බැහැ කොහොමත් (නදී)
කතාව නම් අහගෙන ඉන්න පුලුවන්. ඒත් වැඩකරන හැටි ගෝටාභය මහත්තයා විතර කව්රුවත් දන්නේ නැහැ (නදී)
බොහොම හොඳ වැඩක් (නි)
කුණු ප්‍රශ්ණත් තියනවනේ විසඳන්න. ඕක නරකද පටන් ගත්තා නම් දියවන්නා වෙන්ම (නදී)
කුණු ගොඩෙන් ගොඩ එන්න බලය ගන්න දීපු පොරොන්දු ප්‍රකාර නිර්පාක්ෂික වෙන්න. නැත්නම් ඔබ තුමාට වෙන්නේ කුණු වලක ගිලිලා මැරෙන්න. (නදී)
ගෝටාබය පත්කරන්න ඔය විසදුම්වලට (නදී)
ඉතා හොඳ වැඩක් මහත්වරුනි. හම්බන්තොට එක ටිකක් ඉක්මනින් පටන් ගන්න බලන්න. (නි)
ජීව වායුව උත්පාදනය වඩා හොඳ විසදුමවේ (ම)
මෙතන අදහස් ප්‍රකාශ කරන සමහරුන්ගේ බුද්ධි මට්ටම ගැන දුක හිතෙනවා. රටේ කළමනාකරණය (කසලද ඇතුලත්ව) පිලිබඳව නීති රීති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මහජනයා දැනුවත් කිරීම සහ ක්‍රමානුකූලව දියුණු කිරීම මුළු සමාජයේම සහබාගීත්වයෙන් පවත්වාගත යුතුයි. එය කෙටි, මධ්‍යම සහ දීර්ග කාලීනව අකණ්ඩව ක්‍රියාත්මක කරන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් මිස, යකඩ හස්තයක් මගින් බිය ගැන්වීමකින් කරන කෙටි කාලීන ක්‍රියාවලික් වුවහොත්, එයට පැවැත්මක් නොමැතිව කඩාකප්පල් වීම වැළැක්විය නොහැකියි. (නදී)
රට බෙදන එක නවත්වන්න. කුණු ගැන හිතන්නේ නැතුව. (නදී)