පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර බ්‍රහස්පතින්දා (17) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධිවේගී නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්.ඕපනායක මහතා පැවසීය.
කඩුවෙල කොතලාවල සිට කඩවත දක්වා එහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 8.9කි.
ඒ වෙනුවෙන් බිලියන 44ක පමණ මුදලක් වැයවී ඇත.
මෙම මාර්ගය විවෘත කිරීමත් සමග කඩුවෙල නගරයේ කැලණි ගඟ හරහා ඇති පාලමේ සිදුවන වාහන තදබදයට විසඳුමක් ලැබෙනු ඇතැයි ඕපනායක මහතා කීවේය.
අධිවේගී මාර්ගයට සමගාමීව කැලණි ගඟ හරහා මීටර් 300ක් පමණ දිගින් යුත් පිවිසුම් පාලම් දෙකක්ද ඉදිකර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාඩුවට ලංකාවට යන්න ඉන්න මා වැනි අයට සතුටුවෙන්න පුළුවන් පුවතක් (නි)
මේවා කරන්නනේ ඉතින් අපි ඒ අය පත්කළේ (නි)
සමන්, යෝජනා සහ සිහින තිබුනට ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. සමහරු නිකන් පොත් ගැහුවට එකක්වත් ක්‍රියාත්මක කළේ නැහැ. මහින්ද ඒවා කරලා පෙන්නුවා. යුද්ධයත් එහෙමයි. හැමෝම බැහැ කියපු යුද්ධයත් ඉවර කරලා පෙන්නුවා. (නි)
ජය ශ්‍රී! (නි)
සමන්, නොදන්නා දේ කියවන්න යන්න එපා (නි)
යුද්ධයෙන් පසු රට භෞතික සංවර්ධන මඟක - මානව සමාජ සංවර්ධනය අතරමඟ.... (නි)
අපිට නම් හරිම සතුටුයි (නි)
සමන්, දවස් 100 ට පුලුවන්ද පාලමක්වත් හදන්න? (නි)
මේ කාගේවත් සල්ලි වලින් කරපු දෙයක් නෙමෙයි, මේ අපේම සල්ලි (නි)
ලංකාවට අලුත් දැක්මක්... යහපත් හෙටක්... (නි)
සමන් දවල් හින දැකල වගේ . මෙහෙමත් ගුණමකු මිනිසුන් ඉන්න රටක් මේක .(අ)
මම දන්නා විදිහට මේ පාර හදලා ගොඩක් කල්. (නි)
දැන් මේ පාර විවෘත කරනවා කියලා දහ පාරකට වඩා කිව්වා නේද? මිනිස්සුන්ට දැන් මේ කඩවත-කඩුවෙල පාර විවෘත කරන කතාව අහලා එපා වෙලා. පම්පෝරි නොගහා ඕක විවෘත කරන්න ඉක්මනට, තවත් මේ නැකත් බලනවද? (අ)
ජයවේවා! (නි)
සමන් නැමැත්තාට වැඩිදුර අධ්‍යාපනයක් නැති බව පෙනේ. ව්‍යාපෘතියක් යනු මාසික පඩියෙන් ගෙවල් හදනවා වගේ නෙමෙයි (නි)
සමන් හිතන්නේ මේක දින සීයේ වැඩක් කියලද?, මට පේන්නේ ඔහුගේ මොළේ මනෝ වෛද්‍යවරයෙකුට කියා පරික්ෂා කර ගත යුතු බවයි. කරුණාකර ඇත්ත ඇකි හැටියට දකින්න තරම් කෘතවේදී වන්න. නැත්නම් ඔබත් වෛරයේ කොටස් කරුවෙක් වේවි. යමෙකු කළ හොඳ දේ වෛරයෙන් යට කිරීමට යමෙකු උත්සාහ දැරුවත් ඉතිහාසය එය පිරිසිදු කර මතු කරනවා. එදාට වෛරයෙන් එබඳු දේ කළ අය ජනතා ද්‍රෝහීන් වෙනවා. (අ)
සමන්ට කකුල් හතරක් සහ අං දෙකක් අනිවාර්යයි (අ)
මහා රජාණනි ඔබ වැපුරු දේවල අස්වෙනු දැන් ජනතාවට ලැබෙනවා. (අ)
මේ හා සමගාමීව "අතුරුගිරිය පෝරේ" පිවිසුම ආරම්භ කිරීම ගැනත් සඳහන් කිරීම කළයුතුයි. එය කොතලාවල හා කොට්ටාව පිවිසුම් අතර පිහිටි මාලඹේ - අතුරුගිරිය - ගොඩගම - මාර්ගයන්හි සිට එන අයට ඉතා වටිනා පිවිසුමක්. (නි)
අම්මෝ! ඇයි මේ කට්ටිය වලිග පාගාගෙන කෑ ගහන්නේ? දැන් පහුගිය මාධ්‍ය සංදර්ශන ඉවරයි. ඉතිහාසය ලියවෙන්නේ අනුන්ගේ දේ කොපිකරලා නෙමෙයි.නොදන්නා දේ කතාකරන්න කලින් 2002 එළියට දාපු "යළි පුබුදමු ශ්‍රී ලංකා " සැළසුම් කියවලා එන්න. (නි)
පොත් ගැහුවට සැළසුම් ගැහුවට ඒවා ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයක් නැත්නම් පලක් තියෙනවද? අනික ඔය කොට්ටාව-කඩවත කොටස වැඩ අවසන්කරලා බාරදුන්නේ අගෝස්තු මාසේ නේද? නිතරම කඩවත/බියගම යන අය තමයි දන්නේ කඩුවෙල හන්දියේ තිබෙන වාහන තදබදයෙන් තමන්ට වෙන පාඩුව! (නි)
අහනකොටත් සතුටුයි (නි)
හරිනම් මේවා හදපු අයටත් ආරාධනා කළයුතුයි මෙම අවස්ථාවට. සමන්ගේ කතාවට නියම ප්‍රතිචාර ලැබුන නිසා තව කියලා වැඩක් නැහැ. ඒ අයට මගේ ප්‍රණාමය. මින් පෙර ඉතිහාසයේ පරාජය වුණේ වැඩ නොකළ නායකයන්. ඒත් මේ පාර මේ තරම් වැඩකළ නායකයෙක් පරාද වුණේ මිනිසුන් බොරුවට මුලාවී නොවේදැයි මගේ සිත තවම අසනවා. (නි)
ආයුබෝවන් මහරජාණනි, කවුරු හෝ තමන් රුපය මෙයට යොදා ගත්තත් සැවොම දන්නා පරිදි ඔබගේ කැපවීම ප්‍රමාද වී හෝ අද පළ ගෙන ඇත. (බ)
අපි සියලු නිලධරයන්ට සහ පාලකයන්ට ස්තුති කළයුතුය. නමුත් මේ කිසිවක් කිසිදු පාලකයකු තම පුද්ගලික ධනයෙන් කළ වැඩ නොවේ. මේ සියල්ල මේ රටේ ජනතාව ඉපැයූ සල්ලිය. ජනතාව පාලකයින් පත්කරනුයේ රටේ මෙවන් වැඩ කිරීමට මිස උත්සව පැවැත්වීමට නොවේ. (නි)
යටිතල පහසුකම් නගා සිටු වීම සෑම රජයකම වගකීමක් මෙවැනි සංවර්ධන කාටයුතු සඳහා ලබා ගන්නා ණය බරපැන පැටවී තිබෙන්නේ ජනතාව මත ජනතාව ගෙවන බදු මුදල් වලින් තමයි මේ වි්‍යාපෘති කරන්නේ ඒ වගේම කාගෙවත් පෞද්ගලික මුදල් මේසදහා යොදවා නැත වගකිය යුතු නිලදාරීන් ඉදිරියත් වංචා දුෂණ පිටුදකිමින් මෙවැනි ප්‍රොජෙක්ට් කරගෙන යාම රජයේ වගකීමක්. (අ)
වැඩේ අගේ කරනවා ඒ එක්ම නිවට මිතුරන්ගේ අදහස් ගැන දුකයි.(අ)
මේ කාරණයට ඔයාල බැනගන්නේ කවුරු කළත් මෙවා අපේ සල්ලි (අ)
සමන්! මේවා හැදුවේ කාගෙ කාළෙද කියල දන්නෝ දනිති! මේ ආණ්ඩුවට කරනවානම් කරන්න නුවර අධිවේගී එක තියෙනව! එත් ඇමති මන්ඩලේවත් තාම හරියට පත් කරගන්න බැරි එකේ ඒක හීනයක්ම වේවි...(අ)
සමන් ඔබගේ නොදැනීම ගැන කනගාටු වෙමි. මෙම මාර්ගය පසුගිය ආණ්ඩුවෙන් සාදන ලද අතර, එය අවසන් වූ පසුත් විවෘත නොකර පමා කිරීම පමණක් මෙම ආණ්ඩුවෙන් කරන ලදී (අ)
සමන්ලා වගේ සිතන අය නිසා තමයි යහපාලනය බලයට ආවේ. (අ)
අධිවේගී මාර්ග ගැන නම් මට තියෙන්නේ ලොකු හිතේ අමාරුවක්. ඒ වුණත් කැළණි ගඟ හරහා පාලම් දෙකක් හැදුන එක නම් ඉතා හොඳයි. එකත් එක්කම මේ ජාතික අපරාධය කළ එළි දක්වන්න(ම)
මේ වගේ මාස දෙක තුනකින් කැළණි ගඟ හරහා පාලමකුත් එක්ක අදිවේග මාර්ගයක් හදපු සමන්ලගේ ආණ්ඩුව සදාකල් දිනේවා මේ පාර හදල මාස ගණනක් විවෘත නොවුනේ සමන්ලගේ දේසපාලනය නිසා (අ)
සංජීව හරි (අ)
බුදු අම්මේ මෛත්‍රී උන්නැහේගේ පාලම් විශ්මකර්ම වැඩ තව ගොඩක් වැඩ කරාවි ශ්‍රීලනිපයට කොලා වගේ (අ)
රටේ මිනිසුන්ගේ සල්ලි නිවැරදිව යොදවලා දිගුකාලීනව අනාගතය ගැන හිතලා කළ මේ දේවල් බොරු දුෂණ කතා දාලා කුහකකමින් කතානොකර අගය කළයුතුයි. මේකට මහින්ද මහත්තයාටත් ආරාධනා කළයුතුයි. මධ්‍යස්ථ ජනතාව මේ ගැන බලාගෙන ඉන්නවා (නි)
අගය කළයුතු කටයුත්තක් (නි)
මේ නිසා වාහන තදබදයෙන් පීඩාවිඳි ජනතාව ලබාගන්න සැනසීම අසිමිතයි (නි)
මම ඉන්න පළාතෙත් මහජන පොළවල් 2ක් සහ බස් නැවතුම් 2ක් අවසන් වී විවෘත කිරීමට තිබෙනවා. තව උසාවි සංකීරණයක වැඩත් අවසන්වෙමින් තිබෙනවා. (නි)
සමර මිනිස්සුන්ගේ කුහක කම ඇගේ හැමත්නකින්ම බේරෙනවා . (අ)
මේ ප්‍රවෘතියේ මට පෙනෙන වැදගත්ම දේ තමයි ඒක අධිවේගී නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්.ඕපනායක මහත්තයාගේ ප්‍රකාශයක් කියන කොටස. ඉස්සරනම් මහරජ තුමාගේ හරි එයාගේ හත්මුතු පරම්පරාවේ හරි කෙනෙක් නේ ඔය ප්‍රකාශය කරන්නේ. ඒ ඒ නිලධාරීන්ට තමන් සතු රාජකාරිය කරගෙන යාමට ඉඩදීමෙන් තමයි රටක් සාමුහිකව ඉදිරියට ගමන්කරන්නේ. වන් මෑන් ෂෝ පෙන්නන ගියොත් විනාසේ තමයි. (අ)
මේ සියල්ලටම ණය හා පොළී ගෙවනුයේ අපි ගෙවන බදු මුදලිනි. කවර දේශපාලකයෙකුගේ හෝ පුද්ගලික ධනයකින් මේවා ඉදිකර නොමැත.අප පාලකයන් පත් කරනුයේ අප වෙනුවෙන් නියෝජනයට හා රටේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට හා සේවය කිරීමටය. එමනිසා උගත් අයව තෝරා පත්කර ගැනීමෙන් රටේ ඉදිරිය යහපත් කරගත හැක. ඒ නිසා මෙය කළේ අරයා මෙය කළේ මෙයා යනුවෙන් රණ්ඩු කිරීම නොවේ කළයුත්තේ. මෙවැනි රට හා යුගයට අවැසි සංවර්ධන යෝජනා ඉදිරිපත් කළ හැකි තරුණ ජවසම්පන්න ක්‍රියාශීලි රටට ජාතියට හිතවත් අයව පාර්ලිමේන්තුවට හා අනෙකුත් ආයතන වෙත තේරීමට කටයුතු කරන යාන්ත්‍රණයක් සැකසීමටය. (නි)
සමන්, ලංකාවේ නෙමෙයිද? දින සීයෙන් වුණේ මේක තවත් ප්‍රමාදවුණ එක විතරයි. (නි)
මෙවගෙ තවත් දහසක් දේවල් දැක බලා ගැනිමෙ සිහිනය බොඳ වුණා.බලමු මෙ අයත් දැනෙන්න යමක් කරවිද කියලා .මෙ අදහස් දක්වන අය තවමත් සත්‍ය තෙරුම් ගෙනැත... හිටපු ජනදිපති තුමට ජයවෙවා (අ)...
ඇමෙරිකාවේ ,නිව්යෝ හරහා වැටි ඇති මාර්ග වල ඉදිකීරීමේ වියදම මෙන් හතර ගුණයකි සතර වරම් දෙවි උතුමනි රැකදේව සිරි ලක් මව්තුමා මගේ , මේ ගොන් පරපුරෙන් (අ)
අප මහරජාණෙනි, ඔබ කළ සංවර්ධන වැඩ වල ප්‍රතිපල තවමත් අපට ලැබෙනවා.රට බේරාගත් විරුවණනි ඔබට තෙරුවන් සරණ වේවා (බ)
කඩවත කෙලවරපිටිය මාර්ගය ඉක්මනින් හදන්නේනම් කටුනායක සිට මාතර දක්වා කිසිකරදරයක් නැතිව යන්න පුළුවන් (අ)
සමන්, සමුරි යළි පුබුදමු කිය කියා පොත් ගැහුවට වැඩක් නැහැ. ඒ්වා ක්‍රියාත්මක නොකර ප්‍රතිඵලයක් ගන්න බැහැ. පසුගිය ජනාධිපතිතුමා වැඩ වලින්ම කරලා පෙන්නුවා. කරුණාකරලා හොඳ දේ අගයකරන්න පුරුදුවෙන්න. (නි)
අපේ බදු මුදල් වලින් මේ පාරවල් හදන්නේ. මේවායේ ණය උපදින දරුවොත් ගෙවන්න ලෑස්තිවෙන්න. කාගෙවත් බැංකු පොතෙන් අරගෙන හැදුවා කියලා හිතනවා නම් මෝඩකමක් ඒක. කොළඹ- යාපනය අධිවේගී මාර්ග පද්ධතියත් ඉක්මන් කරන්න. ඒ වගේම නුවර සහ කොළඹ - රත්නපුර. අපි බලාසිටිනවා. (නි)
මෛත්‍රී සහ රනිල් සංයෝගය රටම ඉදිරියට ගෙනයන බව විශ්වාසයි. දුෂණ අක්‍රමිකතා පිටුදකිමින් යහපාලනයක් ගොඩනැඟීම ගැන හදවතින්ම සතුටු වෙනවා. ජනතාව තැබූ ඒ විශ්වාසය නොකඩා ඉදිරියට යාමට ඔබ දෙපලට සියලු ශක්තිය ලැබේවා! (නි)
සමුරි, මෝඩ කතා කියන්න එපා. ඇමෙරිකාවේ ඉස්සර පාරවල් හැදුවේ කම්කරුවන්ට පඩි ගෙවන්නේ නැතුව. අපේ වගේ නෙමෙයි. (නි)
සම්පත් වන්නිආරච්චි, පැහැදිලි කිරීම පිළිබඳව බොහොම ස්තුතියි..! (නි)
රටකට නව රජයක් පත්වුණාම කළ යුත්තේ පසු ගිය රජයෙන් රටේ පටන් ගත්ත සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමයි. එවිටයි රටක් දියුණුවන්නේ. (ම)
ඔබට ස්තූතියි අප මහරජාණෙනි! (නි)
සමන් නින්දෙන් අවදි වෙලා වගේ. හිටපු ජනාධිපතිතුමා වැඩ කලා. බොරු පොරොන්දු දුන්නේ නැ. කියන දේ කලා. ඒ වගේ ප්‍රතිපල තමා මේ. (අ)
සුබ ගමන්! (නි)
කඩවත කෙරවලපිටිය පාර අපිට හීනයක් පමණක් වේද? (නි)
ගොන් පරපුර කිව්වේ සමුරිගේ පරපුරටද? (නි)
අප මහරජාණෙනි, ඔබ කළ කී දෑ වල ප්‍රතිලාභ දැන් අපිට භුක්ති විඳීමට හැකිවනු ඇත. ඔබට තෙරුවන් සරණයි! (නි)
ඉතාම හොඳ ආරංචියක් (නි)
අපි ඉන්න රටේ සති ගණනකින් මේ වගේ පාරක් හදනවා. කාටවත් ණයවෙන්නෙත් නැහැ. ඕනෑම රජයක් පත්වුණාම මේ වගේ සංවර්ධන වැඩ කරන්න ඕනෑ තමයි (නි)
සමුරි, ඇමරිකාවෙත් රුපියල් වලින්ද ගෙවන්නේ? (නි)
ජයවේවා! නියමයි (නි)
මේ අවස්ථාවේ ගෝඨාභය මැතිතුමාටත් හිටපු ජනාධිපතිතුමාටත් ස්තුති කරමි. ඔබ සමයේ නරක දේ වගේම හොඳදේද සිදුවුණා. නරකට බනින අතර හොඳ දේ පැසසුම් කිරීමටද අමතක නොකරමි (නි)
මම හිතන විදියට මේ පාර නම් හැදුවේ මේ ආණ්ඩුවෙන්. එහෙම නේද? ඒත් අපිට තවමත් භුක්ති විඳින්න වෙලා තියෙන්නේ මහ රජු කළදේවල් තමයි. අපි ලෝකෙට ණයකාරයෝ වෙලා. අද ග්‍රීසියට වෙලා තිබෙන දේ හෙට අපිට නොවෙන්න නම් අපිට දුරදිග බලා වැඩකරන්න වෙයි (නි)
මෙන්න තවත් සංවර්ධන ප්‍රතිඵලයක් (නි)