කොළඹ වටරවුම් මාර්ගය අද පස්වරු තුනට මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත විය. ඒ සමගම වාහන ගමනා ගමනයට ද අවශ්‍ය කටයුතු සලසන බව මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්. ඕපනායක කියයි.
අධිවේගී මාර්ගය පාවිච්චි කරන සැහැල්ලු වාහන සඳහා අය කරන ගාස්තු මෙසේය.
කඩවත සිට කඩුවෙලට - රු.100 ,අතුරුගිරියට සහ කොට්ටාවට - රු.150, කහතුඩුවට - රු. 200, ගැලනිගමට - රු.250 දොඩන්ගොඩට - රු.300, වැලිපැන්නට - රු.350, කුරුඳුගහහැතැක්මට - 400, බද්දේගමට - රු.450, ගාල්ල පින්නදූවට - රු.500, ඉමදූවට - රු.550, කොක්මාදුවට, - රු.600, මාතර ගොඩගමට - රු.650 මීට අමතරව බසයකට රුපියල් 1750 ක් ද, කන්ටේනරයක රුපියල් 2500 ක් ද අය කෙරේ. මේ සමගම කඩුවෙල අතුරුගිරිය පොරේ පිවිසුම ද විවෘත කෙරේ.
කඩවත සිට මාතර දක්වා ශ්‍රී ලංගම හා පෞද්ගලික සුඛෝපභෝගී බස් සේවාව ද හෙට (18) සිට ආරම්භ වීමට නියමිත අතර කඩවත සිට ගාල්ලට බස් ගාස්තුව රුපියල් 400ක් ද මාතරට රුපියල් 500ක් ද බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයත් , ආසියනු සංවර්ධන බැංකුවත් කවදත් තිබුනා. නමුත් රටට නියම සංවර්ධන නායකත්වයක් දීලා ඒවායින් ප්‍රයෝජනයක් ගන්න දර්ශනයක් තිබුණේ කාටද? (නි)
කවුරු කළත් හොඳ වැඩ හොඳයි. වැරදි වැඩ නරකයි. (නි)
අනේ සාගර,ඔයා මොනවද දන්නේ? (නි)
මේ පාර මහින්ද මහත්තයාගේ කාලේ හැදුව එකක් නේද? දින 100 ට පුලුවන්ද මෙහෙම එකක් කරන්න? (නි)
කමල්, හංසගිරි, බදු අයකළේ මහින්ද මහත්තයාගේ කාලේ විතරද?අනිත් අයත් බදු අය කළා.නමුත් රටට මෙවැනි වැඩකළේ නැහැ.ඒකයි වෙනස. (නි)
මේවාට ප්‍රතිචාර සහ අදහස් දමන්න හංසගිරි වැනි මොළේ ඇති අය බිහිවේවා කියා ප්‍රාර්ථනා කරන අතර බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාලලා බිහිනොවේවා. (නි)
ඕනෑම රජයක යුතුකම සහ වගකීම තම රටේ සංවර්ධනය වෙනුවෙන් දීර්ඝ කාලින සැලසුම් සහ ව්‍යාපෘති කිරීම. මහජන ජන්දයකින් ඔවුන්ව පත් කරන්න්නේ එවැනි වැඩ සඳහායි. ඔවුන්ට මේවා කලේ අපේ ආණ්ඩුව තමයිම, (ම)
සමහරු අපේ සල්ලි ගැන කතා කරනවා. අපේ සල්ලි බඩ පුරවන්න විතරක් යොදා නොගෙන නිවැරදිව කළමනාකරණය කරපු අපේ අප්පච්චිය පින් (බ)
රටට වැඩක් කරනවා නම් කවුරුත් හොඳයි අපිට. ඒත් ඒක වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ (නි)
හන්සගිරි , අනිවාර්යෙන්ම අපි කරන්න ඕනේ ඔය කියපු දේ තමයි. නමුත් අපේ මේ මෝඩ මිනිස්සු දේශපාලුවෝ බදාගෙන දඟලනවා. අපේ වැඩේ කරගන්නේ නැහැ. අපි පඩියක් ගෙවල එ් මිනිස්සුන්ගේ වැඩ ගන්නවා කියන එක තේරුම් ගන්නේ නැහැ අපේ රටේ මිනිස්සු. (බ)
ජපානය පැත්තෙ එන කෙනෙක් ඉන්නවනම් බලන්න 8% බද්දකින් (2014 වෙනකන්ම 5%) කොච්චර වැඩක් කරන්න පුළුවන්ද කියල. ලංකාවෙ හැමදාම කරන්නෙ හොරකම තමා. ආණ්ඩු වෙනස් වුනාට හොරකම එහෙමමයි. මිනිස්සු, මේ දේවල් අනුන් කරලා දෙන දෙයක් විදිහට හිතන්නෙ නැත්නම්, ඕන කෙනෙකුට බලපෑම් කරල කරගන්න පුළුවන්. යටිමඩි ගහගන්න කරන ව්‍යාපෘති සහ සැබෑ සැලසුම් සහගත ව්‍යපෘති අතර සෑහෙන්න වෙනසක් තියෙනව. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ප්‍රමිතිය පිළිබඳ ඉඟිබිඟි පලකරනව කියල වෙනත් ලිපියක මම දැක්කා. (බ)
හොදයි අපේ රටේ සංවර්ධනය අපට පෙනේ.(හේ)
මෙවැනි මාර්ග තව තවත් ඕනා. කොළඹ-මීගමුව මාර්ගය හලාවත-පුත්තලම හරහා අනුරාධපුරය දක්වා අධිවේගී මාර්ගයක් ගොඩ නගන්ඩ. ටිකක් වැඩිය අය කළාට කමක් නෑ. මේ සිහින සැබෑ කරන්ඩ මහින්ද මහත්තයා ම ඕනා වෙයිද? (බ)
පාරවල් හැදුනා වගේ උතුර -දකුණේ හොඳ- හිත හැදුවා නම්.........(හේ)
මේ හැමදේටම මුල පිරුවේ. ආසියානු සංවර්ධන බැංකුව හොදේ .(හේ)
මහින්ද මහත්තයා තව අවුරුදු හයක් හිටියා නම් ලංකාව පුරාම අධිවේගී පාරවල් හදනවා (නි)
හදල ගොඩක් කල් නේද? ඡන්දෙ ඉවර වෙනකම් හිටියා විවෘත කරන්න. (හේ)
උඹ මරුනේ අප්පච්චි (බ)
නව රජය යටතේ මෙතරම් ඉක්මනින් අධිවේගී මාර්ගය අවසන් කළාට අපේ සුබ පැතුම්! (නි)
කටුනායක ගුවන්තොටුපොළේ සිට ගාල්ලට හා මාතරට බස් සේවාවක් ආරම්භ කළහොත් මෙම වය්පෘතියේ පරිපූර්ණ ඵලය සාමාන්‍ය ජනතාවට නිසැකවම ලැබේවි. (බ)
ඔවුන්ට මේවා කලේ අපේ ආණ්ඩුව තමයි. කියල බොරු පම්පෝරි ගහන්ට වුවමනාවක් නැහැ, හරියට ඒගොල්ලෝ ගෙදරින් සල්ලි ගෙනල්ලා හැදුවා වගේ. ඒවාට වියදම් කරන්නේ අපි මහජනයාගේ සල්ලි.(ම)
දින 100 තුළ මෙවැනි විශාල ව්‍යාපෘතියක් දියත් කළ නව රජයට මගේ පැසසුම්...ඉදිරි කටයුතුත් මෙවැනිම වේගයෙන් දියත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා.... (බ)
ඕනැම කෙනෙකුට කියන්න පුළුවන් යුද්ද කරන්න හමුදාවට පුළුවන් (ම)
ඕනැ ගොනකුට යුද්ධ කරන්න පුළුවන්නම්........පුළුවන්. (බ)
දෙවැනි පින්තුරේ බලන්න. ඉරි දෙක මැද වාහනේ එලවන්න දන්නේ නැහැ. අපොයි අපේ දියුණුව. (බ)
කොහොම වුණත් කමක් නැහැ. පටන්ගත් වැඩේ ඉවර කරන එක හොඳයි. නැත්නම් ඉතින් වෙන නාස්තිය ??? (නි)
හා.. කියන්න බලන්න ලංකාවේ දිගම පාළම තියෙන්නේ කොහෙද කියලා. (බ)
ජය වේවා .............ජය වේවා...........ජය වේවා............ජය වේවා (බ)
යමක ගෞරවය දියයුත්තාට එය දියයුතුයි. ඊට දිව නොනමන හා එය පිළිගැනීමට අකැමැති යමෙකු වේ නම් අපි ඔහු හඳුනාගත යුතුයි. (නි)
ෆොන්සේකා ,මැදගොඩ වගේ අයත් ඉන්නවනේ ලංකාවේ? (නි)
ඕනෙ කෙනෙකුට හයිවේ හදන්න පුලුවන්. විවෘත්‍ර කරන එකයි අමාරු.(හේ)
අපිට ජනවාරි 08 පාර වැරදුනේ නැහේ නේද ?(හේ)
මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින්සිදු වේවා! (නි)
වසන්ත, මේ සිහින සැබෑ කරන්න ඉන්න ඕනෑ අර එස්. ඕපනායක මහත්තයා වගේ තවත් මහත්තුරු දහ පහළොස් දෙනෙක්.මේ පාර නිර්මාණය කළ, ඉදිකිරීම් බාරව දිවා රෑ නොබලා තත්ත්ව පාලන සහ අධීක්ෂණ කටයුතු වල යෙදුනු, කම්කරු වෘත්තියේ පටන් කළමනාකාර, ඉංජිනේරු සහ වෙනත් විශේෂඥ සහය දැක්වූ මෙම මහා මාර්ගයේ නියමුවන්ට අපේ ප්‍රණාමය! එතුමන්ලා චීන ඉදිකිරීම්කරුවන් සමඟ වැඩ කිරීමෙන් ලබාගත් පළපුරුද්දෙන් මින් ඉදිරියට ඉදිවන අධිවේගී මාර්ග අපේම සමාගම් යටතේ ඉදිකිරීමට ලැබේවායි පතමි. (නි)
අපරාදේ ඔය පාර හාරලා බතල ටිකක් හරි මඤ්ඤොක්ක ටිකක් හරි හිටෙව්වා නම් මිනිස්සුන්ට කන්න තිබුණා.මත්තල වී ගබඩාවක් කළා වගේ. (අ)
ඇත්තටම ඉතින් බලද්දී මේවායේ ප්‍රතිලාභ අපිටනේ! (නි)
සුබ පැතුම්! අළුත් රටක්... (නි)
සේසත්, මේ ලෝකේ නෙමෙයිද ඉන්නේ? දින100න් පාරක් තියා තාප්පයක්වත් හදන්න පුළුවන්ද? (නි)
සේසත්,ඔබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ?? (නි)
මේකට මහින්ද මහත්තයා ආවේ නැහැ නේද? අපිට නම් හරිම කණගාටුයි (නි)
අධිවේගී මාර්ග සමඟ මිනිසුන්ගේ සදාචාරාත්මක හැසිරීම් ගැන අවධානය යොමු කළයුතු කාලය එළඹ ඇත. (නි)
අපේ අප්පච්චිට මල් මිටක්! (නි)
අධි වේගී මාර්ග සමග මිනිසුන්ගේ සදාචාරාත්මක හැසිරීම් ගැන අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇත.(හේ)
මහින්ද මහත්තයා තමයි මේ හැමදේටම මුල පිරුවේ.(හේ)
මහනුවරටත් අධිවේගි මාර්ගය ඉක්මනින් හැදුනොත් හොදයි.(හේ)
ජපානයටත් , ආසියනු සංවර්දන බැංකුවටත් පින් සිද්ධ වෙන්න වැඩේ කර ගත්තා . දැන් කී මේක අරය හැදුවේ, මෙය හැදුවේ කියලා.(හේ)
මෙය මහින්ද මහත්තයා ආරම්භ කළ යෝධ සංවර්ධන වැඩ පිළිවෙලේ තවත් කොටසක් පමණි. (හේ)
මත්තලත් වී ගබඩාකර තිබෙන එකේ නෙලුම් කුලුණෙත් ජල ටැංකියක් සාදවා උතුරු නැගෙනහිරට ජලය දීමට ඉදිරියේදී යෝජනාවීමටත් ඉඩ නැත්තේ නැහැ. (නි)
මත්තලින් මොනවා හරි වැඩක් ගනිමු. (ම)
මේ හැමදේම අපිට ලැබුණේ කවුරුන් නිසාද කියාත් මතකයේ තබාගත්තොත් හොඳයි (නි)
මෙගා පොලිස් එනකන් බලමු.(ම)
ඇත්තටම මේක නම් ලොකු පහසුවක් (නි)
දින 100න් කොහොමද පාරක් හදන්නේ? (නි)
මහින්ද මහතා ආවොත් ලංකාවම අධිවේගෙට ගෙනෙවි. (හේ)
ඔක්කොම හොදයි ගණන් තමයි වැඩි.(හේ)
අප්පච්චි, ඔබ නැවත එන්න (නි)
මිනිසුනේ, මේවා මහින්දගේවත් වෙන කාගේවත් සල්ලි වලින් හදපුවා නොවෙයි. අපේ බදු සල්ලි වලින් හදන්නේ.ඒ අයව ඔතනට යවලා තියෙන්නේ ඕවා කරවන්න. සතුටු වෙමු අපි මේවා අපේ සල්ලි වලින් හැදුවා කියලා. (නි)
සමන්, ඔච්චර කුහකවෙන්න එපා. එතකොට මහවැලිය ගැනත් කතා කරන්න බැහැනේ. එහෙම නේද? ඒක පටන්ගත්තෙ සිරිමාවෝනේ! (නි)
සමන් මහත්තයා, අපිට නිදහස ලැබුන දවසේ ඉඳලා ලෝක බැංකු ආධාර දිගටම ලැබුනා. නමුත් ඒ ආධාර වලින් වැඩක් ගත්තේ මහින්ද රජය. එහෙම සංවර්ධනයක් වුණේ ජේ. ආර්. ගේ රජයෙන් පස්සේ මහින්ද රජයෙන් විතරයි.අපි හිතනවා මේ රජයත් එහෙම කරයි කියලා (නි)
ජය වේවා.අනතුරු අඩු වේවා.(හේ)
ඇයි මිනිසුනේ මේවා අරයා කළා, මෙයා කළා කිය කියා දඟලන්නේ? මේක අපේ රට, අපේ බදු මුදල් වලින් කරන දේවල්. කවුරු පටන්ගත්තත්, කවුරු ඉවර කළත් මේවා කරන්න තමා අපි ඔවුන් පත්කරන්නේ. වැඩේ හරියට කරන්නේ නැත්නම් කාට වුණත් ගෙදර යන්න වෙනවා. ඊළඟට එන කෙනා පටන්ගත්ත දේ ඉදිරියට කරගෙන යනවා. කාටවත් බූදල් කරගන්න බැහැ. ලෝකය දිහා බලන්න (නි)
හදවතින්ම සුබ පැතුම්! (නි)
ලංකාවේ බිහිවන අවසාන අධිවේගී මාර්ගයද මේ? අපි බලාසිටිමු (නි)
කැළණි පාලම විවෘත කරද්දී බණ්ඩාරනායක මහතා එම පාලම විවෘත කිරීම එය සෑදීමට හවුල් වූ කම්කරු මහතෙකුට දුන්නා මතකයි. ඒ මම හිතන්නේ ඒ පාලම සැදීම පටන් ගත්තේ කලින් ආණ්ඩුව නිසා වෙන්න ඇති (නි)
මේ පාර හදන්න හැදුවේ දින සියයේ වැඩපිළිවෙල යටතේද? එහෙනම් දැනුයි අපි ආසියාවේ ආශ්චර්යය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. (නි)
දැන් මෙයාලා ඉස්සරහට හොරකම නැතුව අඩුවට හදයිනේ. අපි බලමුකෝ (නි)