එන්න එන්න රජයෙන් මට තිබෙන සැලකිලි කුඩම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. ඒත් මම මහින්ද චින්තනය අදටත් ක්‍රියාත්මක කරන්නේ යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය මර්විල් සිල්වා මහතා පැවසීය.
කැලණිය ජනාධිපති විද්‍යාලයට පසුගිය කාලයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ලබා දුන් ක්‍රිඩංගණය පිහිටි ඉඩමේ කොටසක සංස්කෘතික මධ්‍යස්ථානයක් සැදීමට කටයුතු කරනවා යැයි පවසමින් එම විද්‍යාලයේ දෙමාව්පියන් විසින් ඊට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මහින්ද චින්තනය තිබෙන්නේ ළමයි ගැන බලන්න නේ. ඒකනේ මම ක්‍රියාත්මක කරන්නේ. එන්න එන්නම රජයේ තියෙන සැලකිලි කුඩාම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. පසුගිය කාලේ මිනිමරුවෙක් කියලා හංවඩු ගැහුවා. මම එවෙලේ අස්වුණා. කැලිණියේ ඩෙංගු රෝගින් අඩු වුණේ මම නිසයි. ඒකට පාඩමක් උගන්වන්න ගියාම ගස් බැන්දා කිව්වා. ඒ වගේ නොයෙක් දේ මට සිදුවුණා.
බුදුන්ගේ කාලයේ දෙව්දත්තර හිටියා. සමහර මිනිස්සු දෙව්දත්තර පස්සෙනුත් ගියානේ. මේ වගේ බණ පොත් අතේ තියාගෙන ඉන්න දේශපාලඥයෝ ඉන්නවද?
‘‘ මහා පරිනිර්වාණ ධර්මය‘‘ පොත පෙන්වයි‘‘ මම මේ කැලණියට ආවේ සිගාලෝවාද සුත්‍රය අතේ තියාගෙනයි. මම නිතරම පොත්පත් බලනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන විට අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නදී)
අපිත් ඔබ වෙනුවෙන් එළිවෙනකම් පොත කියන්නයි බලාගෙන ඉන්නේ. (නදී)
ඔබතුමා මෙහෙම දෙයක් කියයි කියලා හිතන්නවත් බැහැ (දී)
ඔබ තුමා මේ කියන්නේ අනතුරු ඇඟවිමක්ද (දී)
අපොයි! ඔබතුමා නම් පොදු අපේක්ෂකයාගේ පැත්තට යන්න එපා. පින් අයිති වෙයි ඔහොමම ඉන්න! (දී)
හලෝ, මිට වසර ගණනාවකට පෙර වෙන්න තිබුන දේවල් තමා දැන් හෙමින් ටික ටික වේගන යන්නේ , බිය නොවන්න, මේවා කලින් නොකරපු එකේ පලවිපාක තමා දැන් මේ පහල වෙලා ඇත්තේ (නදී)
අනේ යන්න ලොකු උදව්වක් (නදී)
කුඩම්මත් යසට සලකල තියෙන්නේ? (නදී)
ආණ්ඩුවට ඡන්ද අඩුවෙන්න ලොකුම හේතුවක් උනා මේ දෙන්නා (නදී)
අනේ දෙයියනේ මර්වින් මහත්තය සසුන් ගතවෙයිද ? යු එන්. පි යට නම් අම්මා මුත්තා කිව්වත් යන්නේ නැහැ (නදී)
මේයා තමයි ආණ්්ඩුව කෑවේ (නදී)
ඔබ පෙරලන පොත අපට හොඳට තේරෙනවා මර්වින්.(නදී)
අපේ ගෙදර තිබුන "පැණි වරක " ගහක් යට ඉඳගෙන මම පොතක් කියෙව්වා. ඒ පොතේ නම " පින් පිරිහුණ දෙවියෝ " පොත කියවලා ඉවර කරන්න ලැබුනෙත් නැහැ මම ගෙට ආව විතරයි පැණි වරක ගහට හෙන ගැහුවා ! (නදී)
ඔබතුමාටත් කෙනිහිලිකම්ද (දී)
හොඳයි හොඳයි "මහා පරිනිර්වාණ ධර්මය" පොත කියවලාම දේශපාලනයෙන් විශ්‍රාම යන එක .. (නි)