ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙදීමක් ඇති වුවහොත් එහි වාසිය සැලසෙන්නේ දෙකඩ වීමෙන් ඇතිවන කණ්ඩායම් දෙකට නොව වෙනත් පක්‍ෂයකට බැවින් ඒ බව තේරුම් ගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පක්‍ෂයේ සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
සමන් ලතා එතෙන්නේ සඳුන් ගස් වටා සේම ශක්තිමත් සන්ධාන ගොඩනැගෙන්නේ ශක්තිමත් පක්‍ෂ වටා බැවින් පක්‍ෂය සමගි සම්පන්නව හා ශක්තිමත්ව කටයුතු කළොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයද තවදුරටත් ශක්තිමක් වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්‍ෂයේ මතවාදී ගැටුමක් තිබුණත් සාකච්ඡා කර පවතින ගැටළු විසඳාගෙන ඉදිරියට යාමේ හැකියාව තිබෙන බව කී ඇමතිවරයා ඒ ආකාරයෙන් කටයුතු කිරීම නිසා පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපයට සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වූ බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය කඩාගෙන ගිය අයට ප්‍රථමයෙන් විනය පරීක්ෂණ තියලා පෙන්වනවානම් හොදයි.(කෞ)
අර තව තැනක මෙයාලාගේ ලොකු මැඩම් කියනවා දේශපාලකයන්ගෙන් 90%ක් ආශ්‍රයට හොඳ නැහැ කියලා. ඒක මේ කට්ටිය ඔප්පු කරලා පෙන්වනවා. දේශපාලකයෝ හොරු වුණාට, රට විනාශ කරලා හරි තමන්ගේ බඩ වඩාගත්තාට අනිත් මිනිස්සු හැමෝම එහෙම නැහැ. (නි)
මොනවට කියනවද ඉතින් ඒ ගැන (නි)
ඇස් හැර බලනු නුඹලාට ලැබෙන ජනතා ප්‍රතිචාර කොහොමද කියලා. (නි)
සමන්ලතාවන් කොහොමටත් දේශපාලන පිළිල වටේ එතෙන්නෙ නැහැ. මේ පාරත් හදන්නේ ළිඳෙන් වතුර බීලා ගඟට ආවඩන්න කියලා අපිට තේරෙනවා. (නි)
තොපිට සැප ගන්න නෙවෙයි සන්ධානෙට ඡන්දෙ දුන්නේ ඔබලාව දේශපාලනෙන් අතුගාලා දාන්න අපි නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ (බ)
එන්නකෝ අනිත් පාර, දෙන්නම් ඡන්දය (නි)
ඔහොම පක්ෂයකට මොනවට එකතු වෙනවද? ගිය පාරත් ඔය යූ ඇන්.පී අයට වාසියි කියන බයිලයම කියලා හැදෙන්න ගිය අළුත් පක්ෂය නවත්වාගත්තා. ආයෙත් රැවටෙන්න එපා. (නි)
ඊළඟ ඡන්දෙ ප්‍රතිපල දැක්කම නිදහස් පක්ෂයට ඇපත් නෑ! (බ)
ශ්‍රී ලනිපය එක දැන් මහා වෘක්ෂයක් නොව දිරච්ච පුළුන් ගහක් බවට පත් කර ඉවරයි දැන් ඕකට වවුලෙක් වත් ලගින්නේ නෑ. දැන් කවුරුත් එන්නේ අලුතෙන් දළු දාන අලුත් ගහකටයි ,ඒ හින්ද අපි එකතු වෙන්නේ ඒපක්ෂය වටෙයි (අ)
එහෙනම් අපි ඡන්දෙ දෙන්න ඕන රටේ හතුරන්ට ඕන විදියට වැඩ කරන, පිළිකාවක් වැනි ශ්‍රීලනිපයටද? අපි ඡන්දෙ දෙන්නේ තොපලා ශක්තිමත් කරන්න නොවේ රට ශක්තිමත් කරන්නයි. (අ)
සමහර ඇමතිකම් පිළිල වල ගඳ වහගන්නද සමන්ලතා වලට එන්න කියන්නේ? බලාගෙන ගියාම හැමෝම එකයි. මහින්දගේ පිටේ නැගලා ඡන්ද දිනලා ඇමතිකම් වලට මිනිසුන්ට වැදි බණ දෙසනවා. (නි)
සාකච්ඡා කරන්නවත් ගැටළු විසඳාගන්නවත් දෙයක් නැහැ. හැබැයි එකා වගේ කවුරුත් හිටියා නම් හොඳයි වැනෙන්නේ නැතුව. " තණ්හාය ජායතී ශෝකෝ" කියලයි කියන්න තියෙන්නේ. (නි)
පැරනි සදුන් ගස්වල පිලිල සෑදී විනාශ වනවිට සමන්ලතා එතෙන්නට අලුත් සදුන් ගස් සොයා ගත යුතුමය. එසේම අලුත් සදුන් ගස් ද පිලිල වලින් ආරක්ෂා කර ගත යුතුය.
අපි නම් දෙයි ඡන්දෙ! (නි)
මහා මැතිවරණයේ දී මුන් කරපුදේ මතකනම් ආපහු රැවටෙන්න එපා. මහින්ද ජනාදිපති තුමනි හොඳ පාඩමක් කියා දෙන්න මුන්ට.(කෞ)
කෑගල්ලේ අපිත් එකතු වෙනවා අලුත් පක්ෂයට (නි)
හොරුන්, පගාකාරයන්, කොමිස් කාක්කන්, දූෂකයන්, අපරාධකාරයින් ඉවත්කරලා පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ගියොත් නම් එක සාමාජිකයෙක්වත් ඉතුරුවෙන එකක් නැහැ. ඒක හින්දා ඔහොම යමු (නි)
මේ නායකයා ඉන්නකම් අපි ශ්‍රීලනිපෙට ඡන්දෙ දෙන්නේ නෑ. ඒ නිසා මහින්ද මහතා වෙනම පක්ෂයක් හැදිය යුතුමයි. නැවත රැවටෙන්න එපා. (බ)
නිදහස් පක්ෂ ගහ මැරිලා ඉවරයි,දැන් අලුතෙන් පැලයක් පැල කරන්න කාලේ ඇවිල්ල (බ)
දෙපාරක් පරාද වෙලත් සැර ගිහින් නැහැ . මේ පාර තමයි කන්නේ .හම්බන්තොට මැදමුලනේ බංකර හදාගෙනවත් හිරේ යන එක නැවත ගන්න බැහැ. (බ)
අපේ රජතුමාටත් ඔහුගේ මිත්‍යාදෘෂ්ටික වහලුන්ටත් මෙදා සැරේ ඔය දේවාලවල බංකර් හදාගන්න වෙන්නේ . ඔන්න පොලිසියෙන් හොයන්න පටන්ගන්නවා තව දවස් කීපයකින් (බ)
රුවන්වෙල්ලෙන් අපිත් අලුත් පක්ෂයට,මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගයි.(ම)
පසුගිය ජනාධිපතිවරණය ජාතිවාදී ඡන්ද පදනමෙන් ජයගෙන ඉන් පසුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී පක්ෂයේ කකුලෙන් ඇද පෙනී පෙනී තිබූ ජය පාවා දී යූ ඇන්පිය බලයට ගෙනා නායකයින් සමග තවදුරටත් පක්ෂය ඉදිරියට ගෙන යා හැකි ද? යන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සිතා බැලිය යුතු කාලය එළඹී ඇත. (බ)