ඇටය දක්වා මස කා දමන හෙරොයින් මත් කුඩු වර්ගයක් රුසියවේ සිට ඇමෙරිකාවේ චිකාගෝ නුවරට දැන් පැතීරී ඇතැයි වෛද්‍යවරු කියති.
කුණු මාළු ගඳ ඇති මෙම කුඩු වර්ගය රුසියන් බසින් ක්‍රොකඩිල් (කිඹුලා ) යනුවෙන් හැඳින්වේ.
චිකාගෝ නුවර දොස්තර ඇබිජින් සිංග්ලා පැවසුයේ මෙම බෙහෙත් ගත් තිදෙනකුට ප්‍රතිකාර කරන බවයි.
බෙහෙත මෝෆයින් රසායනයට සමාන බවත් ලබා ගැනීම පහසු බවත් ඉන්ධන හා සායම් වර්ග සමඟ පාවිචිචියට ගන්නා බවත් වෛද්‍යවරයා පවසයි.
මෙම කුඩු වර්ගය ගැනීමෙන් අත් පා ආබාධිත තත්ත්වයට පත් වන බවත් තුවාල වු තැන් වලට සම බද්ධ කිරීමට පවා සිදු වන බවත් කුඩු ගැසු පුද්ගලයන්ගේ මාංශ පේශි හා ඇට පෑදෙන බවත් ඔහු පවසයි.
මැරී ගිය සමෙන් විෂ බීජ පැතීරි අවයව කපා දැමීමේ සිට මරණය දක්වා අතුරු අන්තරා ඇති කරන ක්‍රොකඩීල් හෙරොයින් කුඩු වලට ලාභ විකල්පයක් වී ඇතැයි ඔහු සඳහන් කරයි.
කුඩු කාරයන් හෙරොයින් වෙනුවට විකල්පයක් සොයනුයේ හෙරොයින් වලින් බලාපොරොත්තුවන පදම නොලැබීම නිසා බවත් වෛද්‍යවරයා සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳල හිටල ගත්තට මොකුත් වෙන්නේ නැද්ද (අ)
වැඩිකල් නොගොහින් ලංකාවේ කුඩු අයිලටත් පුළුවන් වේවි මේ රුසියන් කුඩ්ඩෙත් රස විඳින්න. නිකම් නොවෙයි කුඩු දේශපාලකයින්ගේ නොමසුරු ආශීර්වාදය මැද. (අ)
කුඩු ගෙන්වන්නෝ ධන උපයන්නෝ- ජන සිත් ගන්නෝ මැතිසබ එන්නෝ (අ)
කුඩු සඳහා ඇමතිකමකුත් දෙන්න, එකක් මදි නම් දෙකක් වුණත් කමක් නැහැ (නි)
ඔය කියන දේවල් දවසක කුඩු විකුණන අයටත් විදින්න වෙනවා, මැරෙන්න මොහොතකට හෝ පෙර. (නි)
සෝවියට් දේශය කඩාවැටීමෙන් පසු එහි තරුණ ළමා පරපුරට අත්වුණා ඉතා නරක කාලයි ,පාතාලය වැනි දේවල් හිස එසෙව්වා පොදුස්තානවා කාත් කව්රුත් නැතිව මැරිලා යන අය මෙම පැරණි සොවියට් රටාව ල ඉහළි (අ)
මිනිස්සුන්ගේ එකම සැනසීම නැති කරන්න එපා (නි)
ඕක කුඩු මෙරටට ගෙන එන අයට දෙන්න ඕනෑ කුඩක්. රුසියාවට ජයවේවා! (නි)
තාක්ෂණයේ දියුණුව සමග මිනිසා යන්නේ ආපස්සටද? (නි)
නියම වැඩේ. මෙහෙමවත් පාඩමක් ඉගෙනගනීවි (නි)
ඇටකටු දක්වා මස් කා දමන්න සාමාන්‍යයෙන් අඟල් 6 ක් පමණ කාගෙන කාගෙන එන්න ඕනෑ. (නි)
ප්‍රේමකුමාර, ඔයාගේ මස් දියවෙන්න අඟල් 6 ක් යටට යන්න ඕනෑ නම් මට හිත ගතහැකියි ඔයාගේ මහත. (නි)
රජකම් කළත් කළකම් පළදෙනවානේ.. (නි)
සමිතා, දැනටමත් ඇමති කෙනෙකුයි නියෝජ්‍ය ඇමති කෙනෙකුයි ඉන්නවාලු ඒ සම්බන්ධව. (නි)
කුඩු මුදලාලිලා කුඩු රජවරු කියන එක ඇත්තක්. ඒ අය විඳින සුර සැප, භාවිතා කරන වාහන, අතේ මිටේ ගැවසෙන මුදල්, රටේ තොටේ තියෙන ගෞරවාන්විත පිළිගැනීම බැලුවහම ඒක පෙනෙනවා. එක අතකට ලංකාවේ උගතා මෝඩයෙක්.නූගත් මැරයා වැදගතෙක්. (නි)
හැබැයි නියම සොයාගැනීමක්. ඕවා ලංකාවේ කුඩ්ඩන්ට සහ දේශපාළුවන්ට නොමිලයේ බෙදන්න ඕනෑ. (නි)
මේ මත්ද්‍රව්‍ය විශේෂය යුක්රේන් රටේ දැවැන්ත වසංගතයක් ලෙස දැනට පැතිර යනවා .මෙහි ඇති විශේෂත්වය තමයි මෙය ගෙදරම අඩු මිලට සාදා ගත හැකි වීම. මෙයට බ්ලීචින්ග් පෙති කිහිපයක් වැසිකිලි ශුද්ද කරන හාර්පික් වැනි දියරයක් තිනර් සහ තවත් අතිෂය විෂ රසායන යොදාගන්නවා .මෙය භාවිත කරන පුද්ගලයන්ගේ සම ඉතාම කෙටිකාලයකින් කිඹුලෙකුගේ මෙන් එල්ලා වැටී සැරව ගලන තුවාල ඇතිවෙනවා . භාවිත කරන විෂ නිසා අස්ථි පවා දිරායාමට පත්වෙලා අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තුල අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා. භාවිතාව නැවත්වුවත් මොලයේ ක්‍රියාකාරීත්වට හානි පැමිණීම් හේතුවෙන් භාවිතා කල අය ඉතාම කෙටි කලකින් නොයෙක් මොලයේ අභාද වලටද ගොදුරු වෙනවා.ඉතාම කෙටිකලකදී භාවිතා කරන අයගේ මුහුණේ බාහිර පෙනීම පවා වෙනස් වී මන්ද බුද්ධික අයෙකුගේ පෙනුම ඇතිවෙනවා (නදී)
ගජමන්, කුඩු මුදලාලිලා කුඩු රජවරු කියන එක ඇත්තක්. ඒ අය විඳින සුර සැප, භාවිතා කරන වාහන, අතේ මිටේ ගැවසෙන මුදල්, රටේ තොටේ තියෙන ගෞරවාන්විත පිළිගැනීම බැලුවහම ඒක පෙනෙනවා. එක අතකට ලංකාවේ උගතා මෝඩයෙක්.නූගත් මැරයා වැදගතෙක්. (නි)
දැන් ඉතින් අපේ දේශප්‍රේමී කට්ටියගේ 'කල්ල මරේ' කිව්වලු. (නි)
කුඩු ගැසු පුද්ගලයන්ගේ මාංශ පේශි හා ඇට පෑදෙන බවත් ඔහු පවසයි. එතින් මොකෝ කෝටි ගානක් පිට රට වල තියෙන බැංකු පොතට වැටෙනවානම්.(දිල්)
කුඩු සදහා කිසියම් ප්‍රමිති සහතිකයක් තිබිය යුතුයි ප්‍රමිතියෙන් බාල කුඩු අත්අඩංගුවට ගත යුතුයි (අ)
කොහොමත් මොලේ පෑදෙන්නේ නැති උන් නේ කුඩු ගහන්නේ. ඉතිං උන්ගේ ඇට හරි පෑදෙන්න එපායැ. (ස)
මේක කුඩු මුදලාලිලා විකුනන එකක් නෙමෙයි, පාවිච්චි කරන අයම හදාගන්න එකක්. මේකෙ තියෙන ෆීනෝල් සහ පෙට්‍රෝලියම් අයින් කරන්න මේ අය දන්නෙ නෑ. මේවා ට රුධිර කේශ නාලිකා විනාශ වෙලා මස් දිය වෙනවා පණ පිටින්. (නදී)
ඕවා ටිකක් ලංකාවට ගෙනැල්ලා, කුඩු ගෙනෙන්න සහය දෙන දේශපාළුවන්ට පොවන්න ඕනෑ (නි)
ගජමන්, ඒ කියන සුරසැපයි, පිළිගැනීමයි තියෙනකොට කුඩු මුදලාලිලාට ඊ ලඟට ඕනවෙන්නේ මොකක්ද? දේශපාලනේ. සුර සැපයි, පිළිගැනීමයි වැඩිකරගන්න අත්‍යවශ්‍ය දේ එකයි. වරක් අගමැතිතුමාම කියල තිබුනේ කුඩුකාරයෝ ඉහලම තැන්වල ඉන්න බව. නැතත් අපට පේනවනේ, නේද? අයි ඉතින් උන්ව එළවන්නෙ නැත්තේ? "හොඳයි, මේ තරඟකරු මිලියන දහයේ අවසාන ප්‍රශ්නය, ගන්නවද?" "නෑ" .(අ)