ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ අද (24) පැවැති ත්‍යාග ප්‍රධාන උළෙලට සහභාගී වූ ශිෂ්‍ය භටයකුගේ තුවක්කුවක තිබී උණ්ඩයක් සොයා ගත් බව පොලිසිය කියයි.
ජනපති එහි එන්නට පෙර ජනාධිපති ආරක්ෂක අංශය ශිෂ්‍ය භටයන් පරීක්ෂා කරද්දී එම උණ්ඩය හමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍ය භට බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැරණිම හමුදා බල සේනාවක්. සටන් පෙරමුණට නොයැවුවත් ඉතා දක්ෂ හමුදා නිලධාරින් බිහිකිරීමට සමත් වී තිබෙනවා. අවි සරඹ හා පුහුණුවීම සඳහා නිකුත් කරන අවි වල අප දන්නා හැටියට "පින්" එක කපාදමා ඇත. සමහරවිට බ්ලෑන්ක් නමින් හඳුන්වන අජීවී උණ්ඩයක් එහි තිබුනා විය හැක. මෙය දඩමීමා කර පාසල් සිසුන්ට දෙන අවි පුහුණුව නම් නවත්වන්න එපා.මේ ලියන මමද හතරවන බල ඇණියේ මීට හතලිස් අවුරුද්දකට පෙර පුහුණු වී ඇත්තෙමි. (නි)
මම දන්නා විදිහට මේ කැඩෙට් කාණ්ඩය බාරව ඉන්න නිලදාරීන් හා පාසලේ විදුහල්පති අතර පසුගිය කාලේ ගැටුමක් තිබුනා. මේක පාසැල හා විදුහල්පති අපකීර්තියට පත් කරන්න යමෙකු කළ දෙයක් විය හැකියි. අනෙක ළමයිට ආයුද ලබාදීමට පෙර ඒවා නිසි ලෙස පරික්ෂා කිරීම නිලදාරීන්ගේ වගකීම. මේක ඔවුන් විසින් හිතා මතා කල දෙයක්. අහිංසක ළමයින්ව මේවට පටලවන්න එපා (නදී)
ළමයා, ශිෂ්‍යයා, බබා කියලා නැහැ. කොකා ගැස්සුවොත් පත්තුවෙනවා. විභාග කරන්න ඕනෑ කරුණක්. (නි)
ඇතැමුන් මේ ප්‍රවෘත්තියට දී ඇති ප්‍රතිචාර වලින්ම පේනවා කැඩෙට් භටයා පාසල් සිසුවෙක් වීම නිසා මෙය බරපතළව නොසිතිය යුතුයි කියා. එසේ සැකනොකරන නිසාම ඝාතන සැළසුමකදී පාසැල් ශිෂයෙක් යොදා ගැනීම ඝාතකයින්ට වාසිදායක තත්වයක් වෙන්නත් පුලුවන්. මෙවැනි තත්වයන් අවතක්සේරු කිරීම සැමවිටම හානිකරයි. (නි)
එන පොට හොඳ නැහැ වගෙයි හිතෙන්නේ (නි)
උණ්ඩ, පිස්තෝල, අංක තහඩු වෙනස් කල වාහන ආරක්ෂක අංශ නිලධාරි ජනාධිපති සහභාගිවෙන උත්සව වලදී ජනාධිපති අසල සැක කටයුතු ලෙස හැසිරෙන ආරක්ෂක භටයින්...මේ කතාවල සැඟවුන පසු බිම කියන්නේ ප්‍රභූ ඝාතනයක් නොවිය හැකිද? නැවත බලයට එන්න කැස කවන තැනැත්තා ඡන්දයට එන්නේ රට හදන්නද නැත්නම් ජනතාවගේ අවධානය මැතිවරණයට යොමුකර ප්‍රතිවාදියා ඝාතනය කරන්නද? (නදී)
අද වනවිට දකුණු ආසියාවේ මැදපෙරදිග අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ දේශපාලනය අවුලෙන් අවුලට පත්ව ඇත. මේ නිසා විය නොවියහැකි දෙයක් ගැන සිතීමටවත් නොහැක. (ස)
ඔය කියන දේවල් කරන්න හෝ හිතන්න වත් ඔය කියන පුද්ගලයාට බලයක් නැහැ. එතුමා රටට අවශ්‍ය නැහැ. නමුත් රටට එතුමා ඕනේ අඩුම ගානේ මේ නැවත නැගිටින බෙදුම්වාදය පරාජය කරන තුරු.(නදී)
පිස්සු තමයි (නදී)
ජනාධිපතිතුමා යහපත් මනුෂ්‍යෙයක්. ඒක කවුරුත් පිලිගන්නවා. නමුත් එතුමා ජනාධිපතිවරයෙක් ලෙස සහභාගිවන උත්සව ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි නොවන ජනාධිපතිවරයෙක් පාසැලක වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයකට ඇයි සහ භාගි වන්නෙ. ඔහුට රටේ හැම පාසැලකම එවැනි උත්සවවලට සහභාගිවිය හැකිද? උපදේශකයෝ ජනාධිපතිතුමාට හොඳ උපදේශ දෙනු ඇතැයි පුරවැසියෙක් ලෙස මම බලාපොරොත්තු වෙමි. (නදී)
මෙම සිද්දිය පී.එස්.ඩී ආරක්ෂකයන් තම රාජකාරිය ඉටු කිරිම් සියුම් ලෙස පරික්ෂාවක් විය හැකියි. උණ්ඩයක් ලග තිබු සිසුවාගෙන් කට උත්තර ලබාගණ්න ඇතිනේ. (නදී)
කාගේ වැඩක්ද (අ)
කැඩෙට් බටයෙක් කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් නේද. එයාලට පුලුවන්ද ඔච්චර හරියක් කරන්න. උණ්ඩය ජීව උණ්ඩයක්ද කියල සඳහන් වෙලත් නැ (අ)
සත්‍යා- කැඩෙට් භටයන්ට දෙන්නේ අවුරුදු 100ක් පමණ පරණ Lee -Enfield වර්ගයේ අවියක්. ඒ වයින් වෙඩි තියන්න බැරි නිසා තමයි ඒවා සිසුන්ට පුහුණුවට දෙන්නේ. ඔහොම ගියොත් ලංකාවේ හිරමනයක් වත් අරගෙන පාරේ යන්න බැහැනේ. එල් ටී ටී ඊ ය උතුරු පළාතේ තරුණයන් දහස් ගණනකට ආයුධ පුහුණුව ලබා දී තියෙද්දී අපේ අයියල සිංහල කොල්ලෙකුට පරණ රයිපලයක් අල්ලන්න වත් දෙන්නේ නැති විදියට තමයි රට රකින්න හදන්නේ. (නදී)
පාලිත කීව දේ ඇත්ත (අ)
චන්ද්‍ර වීරසිංහ, ඔබ කඩේ යන්නේ මහින්ද වෙනුවෙන්ද රනිල් වෙනුවෙන්ද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනාධිපති ආරක්ෂාව අඩු ලන්සුවක තබා කතාකරන්න යාමෙන් ඔබ කවුද කියා මා පමණක් නොව මේ තීරය කියවන බොහෝ දෙනෙක් දැනගත්තා. අබුද්දස්ස කාලෙට මෝල් ගසුත් පත්තු වෙනවා කියලා අපේ ගැමියෝ කියපු දේ ඔබ නොදැන සිටීම අවාසනාවක්. (නි)
සමහරක් වෙලාවට ශිෂ්‍යයා මේ පිළිබඳව කිසිවක් දන්නෙත් නැතුව ඇති. නමුත් මෙයට වගකිව යුතු පාසලේ තුවක්කු සම්බන්දව භාරව යම් ආචාර්යවරයෙක් හෝ ජෙෂ්ට කැඩෙට් නිලධාරියෙක් ඉන්නවනම් මා සිතන හැටියට මේ අතපසුවිමට ඔහු වගකිව යුතුයි. (නදී)
ගම්පහ බණ්ඩාරනායක කියන්නනේ හර්මන්ලොස් කුසලානය පවා කීපවතාවක් ගත්තු දක්ෂ ශිෂ්‍ය භට කණ්ඩායමක් ඉන්න ඉස්කෝලයක් ත්‍රිවිධ හමුදාවේත් විවිධ නිලවල ඔය පාසලේ අදිසිසුන් ඉන්නවා .ශිෂ්‍ය භට කන්ඩයනම් තහනම් කරන්න එපා . (අ)
සාමාන්‍යයෙන් පාසැල් වලට අයුධ ලබා දීමේදී තුවක්කුවේ තිබෙන බැරල් කියන කොටස ඉවත් කරලයි දෙන්නේ. මෙය තේරුම් ගැනීමට අපහසු තර්කයක් වේ. එසේ එය ඉවත් නොකර ලබා දී ඇත්නම් අයුධ ලබාදුන් ආයතනයේ වැරැද්දක් ලෙස මම මෙය දකිමි. (නදී)
මෙම කැඩෙට් ටීම් එක බාරව ඉන්න මයා මීට පිළිතුරු දිය යුතුය. (නදී)
විජයබාහු, ඇයි ඉස්කොලේ යන ළමයක් කොකා ගැස්සුවොත් වෙඩි වදින්නේ නැද්ද? මෝඩ කතා කියන්න එපා. (නදී)
පාලිත පෙරේරා ? (නදී)
දැන් දැන් අසන්නට ලැබෙන්නේ අමුතුම දේවල්. තවම පහුගිය රජය කාලේ කරපු සෙල්ලම් නැවතිලා නැති පාටයි. ඒ අයට නවත්තන්න උවමනාවකුත් නැති බව නම් සැබෑය. මේ හැමෝටම ජනාධිපති තුමා ලොකුම බාධාව වෙලානේ. ජනාධිපති තුමනි ඉතාම ප්‍රවේසම් වෙන්න මේ බල ලෝභයින්ගෙන්. ඉදිරියේදී මේ තත්වයන් උත්සන්න විය හැකියි. මොවුන්ට තවත් නටන්නට ඉඩ නම් දෙන්න මොවුන්ට විරුද්දව. දැඩි ක්‍රියා මාර්ග ගත යුතුව ඇත. ජන්දදායකයිනි මෙවැනි උන්මත්තකයින්ට ඔබගේ වටිනා ජන්දය දෙන්න එපා. රට අනතුරේ. (නදී)
තේරුම් ගන්න අපහසු මේ දේවල් සඳහා දැන් අහිංසක පාසල් දරුවනුත් පැටළිලා (නි)
කොහෙම හරි ළමයිට දැන් ළමයිව ප්‍රයෝජනයට ගන්න වගේ හදන්නේ. බැරිවෙලාවත් මේ අහිංසක දරුවන් අතින් වැරැද්දක් වුන නාම්.(අ)
පාසල් ශිෂයභටයන් උත්සවයන් සඳහා තුවක්කු නිකුත්කරන්නේ අදාල ශිෂයභට ඛණ්ඩයභාර හමුදා ඒකකය මගිනි, ඔවුන්ගේ අත්වැරදීම පාසල් සිසුවන්ට පැවරීම දෝශ සහිත ප්‍රකාශයකි. (ස)
මේකේ ඇත්ත සිද්දිය නම් ගලවා ගන්න බැරි උණ්ඩයක කොපුවක් තිබී ඒක ආරක්ෂක අංශයෙන් පෙරදින සොයාගෙන. ඒක හිරවුණු කොපුවක්. ලොකුවට ගත යුත්තක් නැහැ. ජාතික පාසැලකට මඩ ගහන්න එපා.(නදී)
මේ කියන සිදිදියට බන්ඩාරනායකේ ශිෂ්‍ය බට කන්ඩයේ සම්බන්දයක් නෑ. මොකද විදුහල්පතිවරයා බයේ එ්වා තහනම් කරානේ..එම නිසා විද්‍යාලයට කැලලක් වෙන විදියට මේ සිද්දිය වර්ථා නොකරන ලෙස ඉල්ලා සිටිනවා (නදී)