කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුලුන අවට සංවර්ධනය කර භූ දර්ශනය කිරිම සඳහා අවට මාර්ගය අසල කඩවල වසර ගණනක සිට පදිංචිව සිටින ව්‍යාපාරිකයන් ඉවත් කිරිම සඳහා එම ස්ථාන නිරීක්ෂණයට ගිය කඩුගන්නාව නගර සභා නිලධාරින්ට ඔවුහු විරෝධය දැක්වූහ.
තමන්ට ස්ථිර ස්ථාන ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලති.
ඩෝසන් කුලුන ආශ්‍රිතව ඇති පැරණි කඩ කාමර කඩා ඉවත් කර නව කඩ කාමර ඉදි කර සංචාරකයන් සඳහා වාහන නැවතුම්පොළක් ඉදිකිරිම ව්‍යපෘතියේ මුලික අදියර වේ.
කඩුගන්නාව නගරසභා ලේකම් ඩී.එම්.පී.කේ දිසානායක මහත්මිය විරෝධතාකරුවන්ට පවසා සිටියේ පදිංචිය තහවුරු කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන ලබා දෙන ලෙසයි.
අලුතින් ඉදිකෙරෙන කඩ කාමර ලබා දිම සඳහා ප්‍රමුඛතාවයක් දිය හැකි බවත් ඇය කීවාය.
එහි පැරණි කඩ කාමරයක් හිටපු නාගරික මන්ත්‍රිවරයෙකුටද අයිතියක් ඇති බව පවසමින් අලුතින් නිම කෙරෙන කඩ කාමරයක අයිතිය තමා හටද ලබා දිය යුතු බවත් නාගරික මන්ත්‍රීවරයකු පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් කරුණාකීර්ති රුපසිංහ මහතා කියා සිටියේ කඩුගන්නාව නගරය සංවර්ධනය කිරිම මන්ත්‍රි දිසානායක මහතාගේ මැදිහත්විම මත ක්‍රියාත්මක කිරිමට යාම කඩාකප්පල් කර දැමියහොත් සියලු රජයේ අංශ කැදවා ඒ සම්බන්දව ඔවුන් දැනුවත් කර ඒ සදහා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවත්ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයා ගැවසෙන සෑම ස්ථානයක් ළඟම අවලස්න පෙට්ටි කඩ පිරිලා. ඒ තැන්වලට එන මහජනයාට හරි හිරිහැරයක් බාධාවක්. මේවා අයින් කළ යුතුමයි. (බ)
මේවා කඩ කාමර නොවේ අටවා ගත්තු මඩු. කැප්ටන් ඩෝසන් කුලුන අවට සංවර්ධනය කර භූ දර්ශනය කරන්න නම් අනිවාර්යෙන්ම මේ කඩ ඉවත් කිරීම කෙසේවෙතත් මේවා නවීන කරණය කල යුතුය.(හේ)
නගර සභාව විසිරුවා ඇති මොහොතේ හිටපු නගරාධිපති මෙතැනට කුමකටද..?(හේ)
මුළු රටම වෙනසකට මුල පුරලා නැවතත් අපේ රට විනාශයට අැදගෙන යනවා පාලකයන්ගේ අසාර්ථක උත්සාහයක ප්‍රතිපල මේවා හැම තැනම පේනවා (බ)
මේ ස්ථානය පමණක් නොවෙයි කඩුගන්නාව නගරයම සංවර්ධනය කළ යුතුයි. ව්‍යාපාරිකයන් ගේ විරෝධතා නිසා කිසිසේත්ම මෙම කාර්ය අත් නොහැරිය යුතුයි.(බ)
අනිවාර්යයෙන්ම මෙය සිදුකළ යුතුයි. කඳුරටට ඇතුළුවන ද්වාරය වන මෙම නගරයේ මෙවන් විරෝධයකට නගරයක, ගමක ඉදිරි සංවර්ධන කටයුතු නතරකළ හැකිද...? හැමදේටම උද්ඝෝෂණ, විරෝධතා. මේවා පිටුපසින් ඉන්නේ කූට අරමුණු වලින් සිටින උදවිය හා කූට දේශපාලකයින් (නි)