මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන නව වැනි දා ජනපතිවරණය ජයග්‍රහණය කළ පසු රාජපක්ෂ ආණ්ඩුවේ සිටින මිනීමරුවන්,කුඩු කාරයින්,ස්ත්‍රී දුෂකයින් ආදී සියලුම අපරාධකරුවන් 11 වැනි දා නීතීය හමුවට ගෙන එන බවත් නව ආණ්ඩුව යටතේ පිරිසිදු දේශපාලනයක් අරඹන බවත් කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) මාතර දෙවිනුවර ජන හමුවකදී පැවසුවාය.
සිරිසේන මහතාට ආධාර පතා මේ රැළිය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමිය අපේ රටට වාසනාවක් (නි)
ඔය කියන ඒවා කරයිද (දිල්)
කොච්චර වීර කාන්තාවක්ද? (නි)
මෙහෙම දෙයක් අහන්නත් සන්තෝෂයි (නි)
ඔබගේ අරමුණ රටේද බලාපොරොත්තුවයි දයාබර නැගණියනි. (නි)
හිරුණිකාට මොනවා වෙලාද මන්දා? (නි)
සිතුමිණි, ඔයත් හීන බලනවද? (ර)
දියණියනි, ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
සමහර පිරිමින්ට වඩා මේ තරුණ කාන්තාවට කොන්දක් තිබෙනවා. ආඩම්බරයි (නි)
හිනා යනවා මට නම් (නි)
වීර දියණියට ජයවේවා! (නි)
අනේ! කවුද ඔයාට ඔය ශක්තිය දුන්නේ හිතන්න? ජයවේවා!! (නි)
ඉස්මිල්, ඔබ 100% හරි (නි)
අනේ මගේ දුවේ, ඔයා පරිස්සමෙන් (නි)
අනේ පවු කියලත්හිතෙනවා වෙලාවකට මට. (නි)
ජයවේවා! (නි)
නියමයිනේ හිරුණිකා. ජයවේවා! (නි)
අපරාදේ අපි මෙයාට දුන් ඡන්දය! අපේ ඡන්දය විකුණන්න එපා හිරුණිකා (නි)
උසාවි ගෙනෙන්නේ කවුද කියලා කෙළින්ම කිවුවා නම් ඉවරනේ! (නි)
බොහොම හොඳ දෙයක්. අලුත් කණ්ඩායමටත් මේ නීතිය පොදුයි නේද? (නි)
ඇය බුද්ධිමත්. අසාධාරණය දැක දැක කළු ගලේ ඔලුව ගහගන්නේ නැතුව නිසි කාලය එනතුරු ඉවසීමෙන් බලාසිටියා. (නි)
මෙන්න නියම වීර කාන්තාවක් (නි)
දැන් ඔහොම කතාකරන්න පුළුවන්වීම ගැන සතුටුවෙන්න නංගියේ (නි)
හිරුනිකා භද්‍ර යෞවනිය ගැන මතයක් ඉදිරිපත් කිරීමට කල්ගනිමි. (නි)
මෙතැන හිරුණිකාට පක්ෂව හා විපක්ෂව ඇතිඅදහස් ගණන බැලුවහම රට යන අත තේරුම්ගන්න පුලුවන් (නි)
අපි බලමු. එතකොට අර ප්‍රාාදේශීය සබා වල ස්ත්‍රී දුෂකයන්ටත් ඒකම කෙරෙයි නේද ? (නි)
ඔබට මේක කරන්න පුළුවන්. ඔබට එයට ශක්තිය ලැබේවා! ඔබ අපේ රටට ආඩම්බරයක්. මම හිතන්නේ ඔබේ කට හඬේ තියෙන්නේ ශක්තිමත් හඬක්. ඔබට ජය! (නි)
ඔබ තවමත් වෙනස්වෙලා නැද්ද? (නි)
සමහරු හීනෙනුත් කතාකරනවා වගේ (නි)
කලින් තවත් කෙනෙකුත් මේ වගේ කතා කොඩක් කිව්වා බලය ගන්නාතුරු (විධායක ජනති ක්‍රමය අහෝසි කිරීම, එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම) නමුත් එකක්වත් කෙරුනේ නැහැ.අමතක කරන්න එපා. පානුත් 3.50 ට දුන් යුගයක් තිබුණා. හිරුණිකා යමක් කළොත් ඉතා වටිනවා. (නි)
මේ රට සංවර්ධනය කරන්න අවංකවම ඕනෑකමක් තිබෙන කෙනෙක් නම් පළමුවෙන්ම කරන්නේ ඒක තමයි. (නි)
පක්ෂය මාරුකළාට සෑමදේම වෙනස්වෙයි කියලා හිතන්න එපා (නි)
පටන් ගන්න පළමු පියවරෙන්ම. පස්සේ බැරියෑ අනිත් දේවල් (නි)
ජය වේවා! ජය වේවා! (නි)
හිරුණිකා, කතාකරන්න පළමු හොඳින් සිතන්න (නි)
හිරුණිකා අපේ ශක්තියයි (නි)
හිරුණිකා, ඔයා රටේ නීතියට අනුව වැඩ කරන්න ඉගෙනගන්න. බලය අයුතු විදියට පාවිච්චි කරන්න එපා. පළිගන්න එපා. ගොඩක් අය බලය ගන්න කලින් ඔහොම කිවුවා. අන්තිමට මොනවද වුණේ? ඔයා දිරිය කාන්තාවක්. ආත්ම ශක්තියක් ඇති කාන්තාවක්.ඉවසීමෙන් කතාකරන්න. (නි)
පළිගැනීමේ චේතනාවෙන් කරන කියන කිසිම දෙයක් සාර්ථක නොවෙන බව මගේ හැඟීමයි (නි)
නිකන් හුරේ දාන්න එපා කරන්නන් වාලේ. නිල් කොළ මිටි දැක්ක ගමන් හුඟ දෙනෙකුට වෙන දේ අපි නම් දන්නවා (නි)
ගාමිණි, ඔයා බන්දුල පෙරේරාගේ අයියාද? (නි)
කොළොන්නාවට කුඩු හඳුන්වලා දුන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. හිරුණිකාට තිබෙන්නේ පෞද්ගලික අභිමතාර්ථයක්ද, නැත්නම් රට ජාතිය ගැන හැඟීමක්ද කියන එකත් අපි දන්නවා. ඒ වගේම අපේ සිංහල මිනිස්සු හරි ඉක්මනට නිගමන වලට එනවා. පිටින් පෙනෙන ලස්සන ඒ පුද්ගලයාගේ චින්තනයේත් තියෙනවාද කියලා හිතන්න තරම් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනෑ. මේක පක්ෂ දේශපාලනයෙන් තොරව කරන ස්වාධීන අදහසක් පමණි! (නි)
අයි ෆෝන් එකක් අතේ තියාගෙන, ලස්සනට මේක්අප් කරගෙන, සන්ග්ලාස් දාගෙන මිනිස්සු ඉදිරියේ පෙනීසිටිනවාට වඩා "දේශපාලනය" කියන දෙයට හරයක් සහ ගැඹුරක් තිබෙනවා. මිනිස්සු මීට වඩා බුද්ධිමත්ව හිතනවා නම් ගොඩක් හොඳයි. මේ අදහස හිරුණිකාට පමණක් කළ අදහසක් නොවෙයි. පොදුවේ සෑම දේශපාලන පක්ෂයකම සිටින අය වෙනුවෙන් දක්වන අදහසකි. (නි)
ගාමිණියි,ඉන්දිකයි ගැන ලැජ්ජයි. (නි)
කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙන බව අපි දන්නවා (නි)
අර තවත් කාන්තාවක් බලයට එනකොටත් ඔහොම කිවුවා මට මතකයි (නි)
මිනිස්සු නිකන් හුරේ දාන්නේ නැහැ චන්ද්‍ර වීරසිංහ. ඔය කොළ මිටි වලට හැම මිනිහාම යටවෙන්නෙත් නැහැ. (නි)
ගාමිණි, ඔය කතාව සමහරුන්ගේ පුතාලට වලංගු නැද්ද ? ඒ අය දේශපාලනය කරන හැටි දැකලා මිනිස්සු ඔලුවේ අත ගහගත් ගමන්. (නි)
ගාමිණි , කෙනෙකුට එකපාරට දේශපාලන පරිණතභාවයක් ලැබෙන්න නැහැ. හිරුණිකා තාම දේශපාලනයට ආවා විතරයි. ඇයට තව ඉදිරියට යාමට ශක්තියත් වයසත් තිබෙනවා. රට වෙනුවෙන් යම්කිසි අවංක දේශපාලන ප්‍රතිපත්තියක් තිබීමයි මෙතන වැදගත්. (නි)
අධිකරණයට ගෙනයන්න සාක්කි තියෙනවා නම් 11 වෙනිදා වෙනතුරු ඉන්න ඕනෑ නැහැනේ. ඕක කලින්ම කරන්න තිබුනනේ (නි)
අබේරත්නගේ අදහසට මමත් ගොඩක් එකඟයි. එවැනි දේ කරන කිසිදු පුද්ගලයකු සාධාරනීකරණය කිරීම කිසිසේත්ම මාගේ අරමුණ නොවේ. මා කියන්නට උත්සාහ කරන්නේ මිනිසුන් ඉදිරියට පැමිණ ආවේගශීලී ලෙස කතාකළ පමණින් එය එලෙසින්ම පිළිගෙන නිගමන වලට පැමිණීම සුදුසු නොවන බවයි. එයට හොඳම උදාහරණය හිරුණිකා. (නි)
කතාවේ තරමට වැඩ තියෙයිද බලමුකෝ (නි)
සමහරු තමන්ගේ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගේ පොල් කෙන්ද ගැන හොයනවා (නි)
හිරුනිකා, ඔබ සැබවින්ම ලස්සනයි. රුපයෙන් හදවතින් ක්‍රියාවෙනුත් සැමදාම ලස්සනයි. නොවෙනස්ව එඩිතරව හැමදා මෙසේම ඉන්න යම් දිනක ඔබ හිරුමඩල සේ අනෙක් තාරුකාද බබලනවා නියතයි. (ර)
සුබවාදී අදහසක්, ජයවෙවා.! (ර)
හිරුනිකා, ඔබට ජය.! (ර)
කියන තරම් සුන්දර වෙන්නේ නෑ. එත් හොඳ ඉලක්කයක් තියනවා කියලා නම් පැහැදිලියි. (ර)
දේශපාලකයා ගරු සේවයක් කරන කෙනෙක් එතනට මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, කුඩු කාරයෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. පිරිසිදු , යහ පාලනයක් රටේ ඇතිකරන්න අවශ්‍ය තාවයක් දැඩිව දැනෙන කාලයක් අද උදාවෙලා තියෙන්නේ. පක්ෂ, විපක්ෂ නායකතුමන්ලා ඔවුන්ගේ ගෝල බාලයන් කරන නීති විරෝධී වැඩ වලට තිත තියන්න කාලය පැමිණ ඇත (බ)
උගත් වියතුන්ගෙන් ඉදිරි පාර්ලිමේන්තුව හැඩ ගැන්වෙවා.! ඡන්දදායකයින්ට ඒ සදහා චින්තන ශක්තිය ලැබේවා.! (ර)
සොයුරිය ඔබට නියත ජය. නොසැලී ඉදිරියට යන්න. කාන්තා පරපුරට ඔබ ආඩම්බරයක්. (ර)
කෙනෙකුට එකපාරට දේශපාලන වශයෙන් පරිණත වෙන්න බැහැනේ. හිරුනිකා මෙනවිය තරුණයි. ටිකෙන් ටික ඉදරියට යන්න කාලයක් තිබෙනවා. ඔය දැන් ඉන්න සමහර දේශපාලක පඬිතුමාලා එක පාරට ඔක්කොම දේශපාලනය ගැන දැන ගත්තද ? (ර)
ගොඩක් හොදයි. (ර)
මේ දේශපාලනය එකිනෙකාගේ පටු අදහස් වලින් සපිරුණු ෆිල්ම් එකක් වගේ. මේ දිහා බල බල ඉන්න අහිංසක ජනතාවට කවදද උගත් දැහැමි පාලකයෝ ගෙන්නේ.? (ර)
ඔබ ඔය කියන ටික කරල දේශපාලනෙන් සමු ගත්තත් රටට එය ඇති. ඔබ විසින් ඔබේ රටට කලයුතු දේ කළා වෙනවා. (දිල්)
නියමයි (දිල්)
කවුරු කොහොම කිවුවත් මැතිවරණය නිදහස්ව හා සාමකාමීව තියෙයි. හැබැයි ප්‍රතිපල එලියට එනකොට ඒ සාධාරණත්වය තියෙයිද කියලා රටේ ගොඩක් දෙනෙකුට සැකයක් තියෙනවා. (බ)
ඔබගේ පිරිසිදු බලාපොරොත්තු ඉටුවේවා! (නි)
බොහොම හොඳයි (නි)
ජයවේවා! ජයවේවා! ජයවේවා! (නි)
මෛත්‍රී පාලනයක් යටතේ සියල්ල නවතා දමමු(දිල්)
බලයට අවට පස්සේ කියපුව ඒවගේම වෙන්න ඕනේ හොදේ "ජයවේවා".(දිල්)
සුභ පැතුම් (දිල්)
හිරුණිකා දිනේවා! (නි)
හිරුණිකාගේ පැතුම් ඉෂ්ට වේවිද (දිල්)
නියමයිනේ හිරුණිකා. ජයවේවා! (නි)
ඔබගේ පැතුම ඉෂ්ටවේවා! (නි)
ශ්රී ලාංකික ජනතාවගේ එකම පැතුමත් ඒක තමයි. ජයවේවා! (නි)
ඔබට ජය! (නි)
ඇය කාන්තා පරපුරටම ආඩම්බරයක් (නි)
එදා දහස් ගණන් අල්ලපු කුඩු කන්ටේනර්වලට මොකද්ද වුණේ (දිල්)
ඇය කොතරම් සවිමත්ද? (නි)
ඔය බලකායේ භිංසනයට හැමදාම රටේ මිනිස්සු බය වෙන්නේ නැහැ මෙදා සැරේ අපි අලුත් වෙනසක් කරනවා පරණ පාන් කාල අපිට ඇතිවෙලා නිර්ව්‍යාජ මෛත්‍රී ඔබතුමාට ජය ලැබෙනවා. මතු බුදුවන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ වගේ ලංකාවේ මතු රජවන්නේ මෛත්‍රී රජ්ජුරුවෝ! (බ)
ඇය යකඩ ගැහැණියක්. (නි)
මේවා මුලදීම පාලනය කළා නම් ගොඩයන්න තිබුනා.අන්තිමට දවසින් දවස විනාශයට ළං වුණා. (නි)
මෙතන හිරුනිකාට විරුද්ධ මත ඉදිරිපත්කරපු අය කුඩුකාරයෝ ස්ත්‍රී දුෂකයෝයි නිදැල්ලේ ඉන්නවට කැමති වගේ තමන්ගේ කෙනෙකුට කරදරයක් වෙනකම් ඔහොම කියයි (බ)
අධිෂ්ටානය ඉෂ්ට වෙනවා නම් ලස්සන රටක් නිර්මාණය වෙනවා (නි)
ඔබ එඩිතරව හා අවංකව දේශපාලනය කරගෙන ගියොත් ඔබට මේ රටේ පාලනයේ ලොකු වගකීමක් ගන්න වරම් ලැබේවි කියා මට හිතෙනවා (නි)
ඔබගේ පැතුමට අපෙනුත් සුබ පැතුම්! (නි)
අනේ හිරුණිකා! (නි)
මම නම් කියන්නේ ඔය හිතන කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ (නි)
රටක සංවර්ධනය මනින්න හැකි ඉහළම නිර්නායකය ඒ රටේ කාන්තාවන්ගේ සමාජ සුභසිද්ධියයි කියලා මම හිතන්නේ. ඒ නිසා කවුරුත් සමාජ සංශෝධනය ස්ත්‍රී දුෂකයන් නීතියට පමුණුවාලීමෙන් පටන්ගත්තොත් ඉතා වටිනවා. (නි)
හිරුනිකා ඔබගේ පියා පාසල් කාලයේ සිට මගේ මිතුරෙක් , ඔබගේ පියා සමග පළමු ව්‍යාපාරය පැවැත්වුයේ මා සමග , ඔබ නොදන්නා බොහෝ දේවල් ඔබගේ පියා ගැන මම සහ බොහෝ අය දන්නවා (බ)
ඔබේ පැතුම අනිවාර්යයෙන්ම දිනනවා (නි)
කවුරු මොනවා කිවුවත් මිනිස්සු දන්නවා ඇත්ත (නි)
ඒ ඉතින් එයා ආවොත්නේ. බලමුකෝ! (නි)
හිරුණිකා, ඔබ මුළු ලංකාවටම ඔබතුමිය ආඩම්බරයක්. (නි)
මට පේන්නේ චන්ද්‍ර වීරසිංහ රටේ යහපතට අකමැති වගේ . සමහර විට ගෙදර බවලතුන් නැතිව ඇති. ස්ත්‍රී දුෂකයන් ගැන වගේ වගක් නැත්තේ (බ)
අනේ හිරුණිකා, ඔයයි මමයි දන්නා දේශපානය! (නි)
නියමයි. හිරුනිකා නිකං කතා කියං නැහැ. මෙදා පාර කුඩුකාරයෝ කුඩේ කුඩු තමයි. දැන් ආරච්චිලා වගේ හිටපු කුඩුකාරයෝ ටික බයවෙලා හැංගිලා ඇති. (බ)
දැන් කට්ටියට ඔක්කොම මතකනැති වෙයිද දන්නෙ නැහැ එකපාරටම (නි)
කඩේ ගියා ඇති .මෛත්‍රී පාලනයට අපි හැමෝම අත් වැල් බැඳගමු .ජයවේවා (බ)
9 වෙනිදායින් පස්සේ දේශපාලනය කරන්න පක්ෂයක් හොයාගන්න වෙනවා සමහරුන්ට සියල්ලටම කලින්. (නි)