බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරටට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අද (21) විභාගයට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම නඩු දෙක ලබන ජූනි 24 හා ජූනි 27 දිනවලට කල් තැබීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති විශේෂ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ එහි ගිය උපාලි කොඩිකාර එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ සේවයට බාධා කළැයි කියන නඩුව සම්බන්ධ වැඩිදුර විභාගය ජූනි 24 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවූ දින උසාවි නියෝග නොතකා විරෝධතාවයේ යෙදුණැයි උපාලි කොඩිකාර සැකපිට අද අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නඩුවේ වැඩිදුර විභාගයද ලබන ජූනි 27 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් මේවා කල් යනවා. මොකද හොඳට හොයලා බලලා තීරණය දෙන්න ඕනෑ. (නි)
ලංකාවට නිදහස ලැබුනේ ලන්දේසින්ගෙන් කියල සොයාගත් මේ වගේ උගත් අය සහිත ඒකාබද්ධ විපක්ෂය තමයි මේ රටේ ජනතාවට ගැලපෙන්නේ.(ම)
අපිට සේවය කරන්න ආපු අය (ම)