IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කඩඉම් ලකුණු නඩුවේ තීන්දුව කල් යයි

ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු වැරැදි යැයි කියමින් 2011 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන සඳහා කල් දී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය. ඉකුත් වසරේ පැවැති උසස් පෙළ විභාගයේ අවසන් ප්‍රතිඵල අවලංගු කොට බලරහිත කරන ලෙස ඉල්ලා එම වසරේ දී උසස් පෙළ විභාගයට  පෙනී සිටි විසල් භාෂිත කවිරත්න, ජී.ඩී. චන්දන, එම් මොහොමඩ් රම්සාන් ඇතුළු ශිෂ්‍යන් පිරිසක් හා ලංකා ගුරු සංගමය ඇතුළු දාහත් දෙනකු ගොනු කළ පෙත්සම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග විය.



අදහස් (0)

කඩඉම් ලකුණු නඩුවේ තීන්දුව කල් යයි

නමක් නැත්තා Friday, 11 May 2012 04:49 AM

අපිට අනුමාන වශයෙන් හිතන්න පුළුවන් වෙලා තියෙන දේ.පරිඝණකයේ ළකුණු සටහන් තීරු වලින් එක් තීරුවක් කාගේ හරි අතින් මැකෙන්න ඇති.සමහරුන්ට වැරදි ප්‍රතිඵල ලැබුනේ ඒකයි

:       0       0

සුමිත් Sunday, 13 May 2012 08:20 AM

වර්තමාන තත්ත්වය අතිශය ගැටළු කාරි හා භයානක භව පැහැදිළියි. රටේ ජිවනාලිය වන ළමා පරපුරට වර්තමාන අධ්‍යාපන ක්‍රමය, විභාග ක්‍රමය හා අවශානයේ නිකුත් කරන ප්‍රතිඵල එක්පිළිබද එක් පසකින් විශ්වාසය බිද වැටිලා අනෙක් පසින් එම ප්‍රතිඵල අරගෙන රටේ මොනවද කරන්න තියෙන්නේ කියන එක ගැටළුවක්.මේ නිසා දැඩි මානසික පිඩනයක් ඇති වෙලා තියෙනවා. මෙය හොදින් පේන්න ගන්නේ රටේ ජනගහනයෙන් 2%ක් වන සිසු පිරිසක් විශව විද්‍යාල ප්‍රවේශය ලබලා අතිශය දුෂ්කර තත්ත්වයන් ටයතේ ගන්නා උපාධියට මේ රජය, රාජ්‍ය සේවය තුල දී ඇති ඛේදනිය තත්ත්වය හොදම උදාහරණයක්. සියල්ල දෙස විශ්ලේෂණාත්මකව බලන විට පේන කාරණය තමයි මෙම පාලනය අධ්‍යාපනය සතු සියළු ගුණයන් පිරිහිමකට ලක් කරන වග.

:       0       0

ජගත් Friday, 11 May 2012 08:37 AM

කරන්න දෙයක් නෑ දැන්

:       0       0

නිලන්ත Friday, 11 May 2012 09:43 AM

ඕව ගැන හිතලා හිත කලබල කර ගන්න එපා දරුවනේ.මේක ලංකාව

:       0       0

සුභාෂිනී Saturday, 12 May 2012 02:53 AM

කොහොමත් ඔය අධ්‍යාපනයට සම්බන්ධ ලොකු පුටු සෙල්ලම් කරන්නේ අපේ ජීවිතෙත් එක්ක තමයි. නොසැලකිල්ලත්, සුදුස්සන් පුටුවල නැති කමත් නිසයි මේ දේ වෙලා තියෙන්නේ.

:       0       0

සුපුන් Friday, 11 May 2012 11:35 AM

ඇයි එහෙනම් විශ්ව විද්‍යාල අයදුම්පත් නිකුත් කළේ? මේ අය සෙල්ලම් කරන්නේ අපේ අනාගතේ එක්ක නේද?

:       0       0

සුපුන් Friday, 11 May 2012 01:06 PM

තමන් අතින් සිදු වු වැරැද්ද දැන්වත් නිවැරදි කරන්න.අපිට අනාගතයේ අවශය තැනට සුදුසු කෙනා මිසක් ලකුණු වරදින් වැරදි තැන ඉන්න අය නෙමෙයි. අධ්‍යාපන බලධාරීන්ට රජයෙන් වැටුප් දී මේවද බලාපොරොත්තු වෙන්නේ? උණ වරද හදා ගැනීමට තාමත් කාලය ඇත.ඒ වරද නිවැරදි නොකර අනාගතයේදී ඒවාට වන්දි ගෙවන්න වෙන්නේ රටේ අහින්සක ජනතාවටයි...

:       0       0

වජී Thursday, 10 May 2012 08:47 PM

මේක සතුටක්

:       0       0

නිමාලි Thursday, 10 May 2012 11:32 PM

අපේ විභාග ප්‍රථිපල වලට අසාධාරණයක් කරන්නේ නැතිව....සාධාරණ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා...අපි විශ්වාස කරනවා රටේ නීතිය ජනතාවට සාධාරණයක් ඉටු කරයි කියලා... ඇමතිලා නොදත් සූත්‍ර දමා අසරණ අපිව තවත් අසරණ කර 21% ප්‍රතිශිතයක් තමයි පළමු පාරට උ.පෙ ජීව විදයාව කළ අය වෛදය විද්‍යාල වලට තේරිලා තියෙන්නේ. වෙනදා මෙන් 50% ක අඩු වීමක් එය එකපාරටම විය හැකිද...අපිට අසාධාරණයක් වූ බව කටාත් තේරෙනවා නේද?

:       0       0

මධුෂා Friday, 11 May 2012 12:06 AM

නිමාලි ඔබ නිවැරදි ...අපිට විශාල අසාධාරණයක් උනා....ඇත්තටම මම දැක්කා ලකුණු දාලා තියෙන විදිය...ඒකට අනුව අපිට අසාධාරණයක් වෙලා තියෙනවා ඇත්තටම 21% ප්‍රතිශතයක් වෛද්යය විදයාල වලට තේරෙනකොටවත් මෙයාලට තේරැණේ නැද්ද මේ ප්‍රතිපලය වැරදි කියලා ඒ සමාර්ත 3 ක් ගත්ත පළමු පාර උ.පෙ කල අයට දිවයිනේ කුසලතාව 700 800 විතර එන විට දෙවන හ තුන් වන පාර කළ අයට ඒ සමාර්ත දෙකක් සහ බී සමාර්තයට දිවයිනේ කුසලතාවය 300 විතර ඇවිත් තියෙනවා....එය සමහර අවස්ථා වල විය හැකි වුවත් එසේ සිසුන් 100 ක් 200 ක් විතර එසේ දිවයිනේ ඉහල සමාර්ත ලබා පළමු පාර කල අය පසු පසට වැටීම ඔවුන් වූ අසාධාරණයක් ...ජීවිතේ ඇති වැදගත් විභාගයකට මෙසේ වැරදි සහගත දේ කිරීම අපි හැමොටම කල අසාධාරණයක් සහ බොරැවක්.....

:       0       0

අසන්ක Friday, 11 May 2012 12:46 AM

ඒකත් මංගල මුත්තමන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2024 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site