අපරාධ වලින් උපයාගත් මුදල්වලින් කැලණියේ රුපියල් පන්කෝටි අසුලක්ෂයකට දේපොළ මිලට ගත්තැයි චෝදනා ලබා සිටි සුබ්‍රමනියම් රමනීට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඔප්පු කිරීමට නොහැකි වීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා ඇය නිදහස් කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කළ නීතීපති පැවසුයේ රමනී හෙරොයින් කුඩු නියෝජිතයකු වන වේලායුදන් මෙතියස් චන්ද්‍රපාල හෙවත් මර්වින්ගේ බිරිය බවයි.
අපරාධවලින් ඇගේ උපයාගත් මුදල් දේපොළ මිලට ගැනීමට යෙද වු බව ඇය දැන සිටි බව පැමිණිල්ල කියා සිටියේය.
එහෙත් එම පුද්ගලයා හෙරොයින් මත් කුඩු අලෙවියට හවුල් බවට සනාථ කිරීමට පැමිණිල්ලෙන් කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකළ බව විනිසුරු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කුඩු සල්ලි′ නඩුවෙන් නීතීපති පරදී
අපොන්සු Thursday, 28 August 2014 01:11 AM
එතකොට මේ තරම් මුදලක් හම්බකළේ මොන රස්සාව හෝ ව්‍යාපාරය කරලද? ඒ හම්බකළ මුදලට ආදායම් බදු එහෙම ගෙවලද? (නි)
උපාලි Thursday, 28 August 2014 02:02 AM
ඉතින් පැමිණිල්ල ඉදිරිපත්කරන වෙලාවේ දන්නවනේ ඔය කියන සාක්ෂි ලේඛන තිබියයුතු බව. (නි)
මාලි Thursday, 28 August 2014 02:04 AM
අපිට බොහෝ දේ හිතාගන්න පුලුවන් (නි)
අපොන්සු Thursday, 28 August 2014 02:35 AM
පැමිණිල්ල ඉදිරිපත් කළ නීතීපතිට මල් මිටක් (නදී)
තිලක්-ඩුබායි Thursday, 28 August 2014 04:11 AM
ඔය කියන විදිහට උදේට හවසට බස් එකේ දුම්රියේ එල්ලිලා රැකියාවට යන ලක්ෂ 40 ක රජයේ සේවකයන්ට සහ පුද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 65ක ජනතාවට "සුඛිත මුදිත ජීවිත" ගතකරන්න පුළුවන් වෙන්න ඕනෑනේ. එහෙම නොවෙන්නේ ඇයි? (නි)
කුමාර Thursday, 28 August 2014 04:26 AM
අන්තිමට ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ (නි)
මනෝ Wednesday, 27 August 2014 02:46 PM
මේක හරිම භයානකයි (නදී)
ඇසළ Thursday, 28 August 2014 05:33 AM
ඔය කියන මුකුත් ලියවිලි එළියට එන එකක් නැහැ. බඩු තිබුනත් නඩු ඔප්පු වෙන්නෙත් නැහැ. (නි)
ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 03:08 PM
නීතිය දැනගත් නීති පති වරයෙක් හැටියට අවශ්‍ය කරුණු කාරණා ගොනුකොට ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව ලැජ්ජාවට කරුණක් ! (නදී)
කිරින්දේ Wednesday, 27 August 2014 03:07 PM
පුංචි ළමයෙක් ගොනු කරපු නඩුවක්. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 27 August 2014 03:24 PM
මේවා කියවනකොට මට දෙතුන් පොළකින් හිනායනවා. (නි)
කුමාර Wednesday, 27 August 2014 03:23 PM
මට නම් කිසිම අදහසක් කියන්න හිතෙන්නෙ නැහැ (නි)
සමන් Wednesday, 27 August 2014 03:27 PM
ඔහොම යමුකෝ! (නි)
දියසෙන් Thursday, 28 August 2014 06:16 AM
කුඩු නිසා මුළු ලංකාවම පරදී ! (අ)
අකීන් Wednesday, 27 August 2014 04:55 PM
එතකොට ඒ දේපොළ ගන්ඩ සල්ලි හම්බ වුණේ කොහොමද කියලා කවුරුත් අහලා නැද්ද ? (නදී)
මහින්ද කැලිෆෝර්නියා Wednesday, 27 August 2014 09:26 PM
ඒක ඇත්ත. ලංකාවේ අය බොහොම මහන්සියෙන් සල්ලි උපයන්නේ. (නි)
සුගුනවති Wednesday, 27 August 2014 10:04 PM
කුඩු හෝ වෙන අක්‍රමික ක්‍රමයකට සල්ලි හොයානොගත්තා නම්, සල්ලි ලැබුණු ක්‍රමය පෙන්නන්න කිව්වා නම් ඉවරයිනේ (නි)
අමල් Wednesday, 27 August 2014 10:37 PM
සාධාරණ තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
සුමුදු Thursday, 28 August 2014 10:43 AM
නීති පති පැරදුනා කියලද හිතන්නේ. මතක තියාගන්න මේක ලංකාව. මේකෙන් නීති පති තමා දිනලා තියෙන්නේ. (ස)
සත්‍යයා Wednesday, 27 August 2014 11:03 PM
මත්කුඩු අලෙවියට හවුල් බවට සනාථ කිරීමට පැමිණිල්ලෙන් කිසිදු ලේඛනයක් ඉදිරිපත් කළේ නැතිලු නේද? ඉතිරිය මට නම් හිතාගන්න පුලුවන් (නි)