IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඩු සමග වෙළේ සුදාගේ ගෝලයකුත් අල්ලයි

දෙහිවල නැදිමාල කඩවත පාරේ බෝධිය අසලදී අද (15) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ නවය දැනට රටින් පැන සිටින  වෙළේ සුදා හා සිද්දික් ගේ විය හැකි බවත් මේ දෙදෙනා ඉන්දියා පාකිස්තාන දේශසීමාවේ නිතර ගැවසෙන බවට තොරතුරු ඇති බවත් පොලීසිය පවසයි.

පොලීසිය පිටකෝට්ටේ මාදිවෙල රැකවල්ලා සිටියදී වෙළේ සුදාගේ ගෝලයකු  වෑන් රියක් පදවාගෙන යන බවට තොරතුරු ලැබී ඇත.ඒ අනුව නැදිමාලේදී මෙම පුද්ගලයාද වෑන් රියද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.ඔහු නුගේගොඩ මිරිහානේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි.

පසුගිය දා කැළණියේදී සොයා ගත් කුඩු කිලෝ අසු පහ ද වෙළේ සුදා ගේ බව පොලීසිය පවසයි.

වෙළේ සුදා හා සිද්දික් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කැර ලොව ප්‍රධාන ගුවන් තොටුපළවලද ඔවුන්ගේ ඡායාරූප හා විස්තර ප්‍රදර්ශනය කැර ඇත.

ඔවුන් බොහෝ විට ගොඩ බිමින් ගමන් කරන බව ද පෙනේ යැයි පොලීසිය සඳහන් කරයි.මේ දෙදෙනාගේ ගෝලයින් කැලණිය,කළුබෝවිල,මාදිවෙල,දෙහිවල ගැවසෙතියි ද පොලීසිය සහදන් කරයි.

පසුගිය මාස හයේදී  හෙරොයින් කුඩු කිලෝ 133 ක් ද ගිය වසරේ කුඩු කිලෝ 351 ක් ද අල්ලාගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

39 40 41



අදහස් (0)

කුඩු සමග වෙළේ සුදාගේ ගෝලයකුත් අල්ලයි

චමින්ද Wednesday, 16 July 2014 12:58 PM

බොහෝ ගිණුම්, මේ ගිණුමට බැරවෙන පාටයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 16 July 2014 05:01 AM

ඕව ටික ටික මිනිස්සු අතර බෙදල දාන්න අප්පා. නොකා නොබී මැරෙනවට වඩා කුඩු ගහල මරුනා කියලවත් කියයිනේ එතකොට. අපරාදේ විනාශ කරන්න එපා. (නදී)

:       0       0

සරත් Tuesday, 15 July 2014 09:16 AM

වෙළේ සුදා කියන්නේ "කොකෙක්ද" ..කොකෙක් නම් ඉගිලෙනකොට දැල් දාල තමා අල්ලන වෙන්නේ. (ස)

:       0       0

මාලක Tuesday, 15 July 2014 09:33 AM

අම්මෝ ඔය තරම් කුඩු අල්ලලා මොකද කරන්නෙ? (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 15 July 2014 09:38 AM

අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා කරන්නද කියල ? (ස)

:       0       0

ගෝපි Tuesday, 15 July 2014 09:49 AM

කුඩු කන්ටේනර් එක යට ගහල ඉවරද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site