හෙරොයින් මත්කුඩු පානය කරමින් සහ පැකට් කරමින් සිටි බව කියන සහෝදරයින් දෙදෙනකු පානදුර වලපොළ මිහිඳු මාවතේ කුලියට ගත් නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් සිටි නිවස අද (27) වැටලූ පානදුර පොලිසිය එහි තිබූ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා හෙරොයින් පැකට් 90ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සහෝදරයින් අඟහරුවාදා (28) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කුඩු ගෙන්වන අයගේ ජාවාරම් නවත්වන්නේ නැතුව බොන අයව අල්ලලා කරන තාවකාලික පැලැස්තර (නි)
වැඩක් නැහැ රාළහාමි. ඔය ඉන්නේ පහළම තලයේ අය. මෙතෙක් අපි දැක්ක හැටියට ඔතනින් ඔය කතාව ඉවරයි. ඔය දෙන්නා ඔස්සේ මුල දක්වා යන්න බොහොම අමාරු බව අපි දන්නවා (නි)
ශරීර කූඩුවේ හැඩය දැක්කම කිවහැකියි හොඳටම කුඩුවෙලා කියාලා. එහෙත් මේ ජාතික සම්පතක් විනාශ වෙන්නේ සහ කරන්නේ (නි)
මරණ දඬුවම අඩුම ගණනේ අවුරුද්දක්වත් ක්‍රියාත්මක කළොත් විශාල වෙනසක් ඇතිවේවි. එළියෙදීත් කුඩු බිස්නස්, අැතුළෙදීත් ඒකමයි. ඉතින් නියම දඬුවමක් අත්‍යාවශ්‍යයි. (නි)
කුඩු අත තිබුන අය අල්ලා උසාවි දැම්මාට ලංකාවෙන් කුඩු උවදුර මැඩලිය හැකිද? ඇයි පොලිසිය ඉන් එහාට ක්‍රියා නොකරන්නේ? ඔය කුඩු පැකට් කරපු අයට ඒවා ලැබුනේ කාගෙන්ද ආදී වශයෙන් දිගටම සොයාබැලුවොත් මුල සොයාගත හැකියි. නමුත් එසේ නොකරන්නේ ඇයි? (නි)
මොන අපරාධයක්ද? ලොකු කාක්කෝ තවම හරියටම අහුවෙලා නැහැ. ලොකු කාක්කෝ තමා ලොකු ගෙවල් වල හා ලොකු කාර්වල යන්නේ. (නි)
ඕක නවත්වන්න ලොක්කෝ අල්ලන ඕන, ඒ කට්ටිය දන්නේ කවද ? (ර)
රටට වැඩදායක වටිනා තරුණ ජීවිත විනාශකරන ජාවාරම්කරුවන්ට රැකවරණ සළසන දේශපාලකයනි, නුඹලා සඳහාම වෙන්වූ වෙනම නිරයක් තිබෙනු ඇත (නි)