(නිමන්ති රණසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන මුදල් ලබා නොදීම හේතුවෙන් මීගමුව ප්‍රදේශයේ දස හැවිරිදි දරුවකු සහ ඔහුගේ ‘සීයා’ පැහැරගෙන ගොස් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රඳවා තබාගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුදවාගනු ලැබූ සිද්ධියේ සැකකාර කාන්තාව බන්ධනාගාර ගතව සිටියදී හදීසි අසනීප තත්ත්වයකින් මරණයට පත්වූ බව බන්ධනාගාරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණාවල මහතාට අද (11) කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා සිටියදී හදීසියෙන් අසනීප වී ඇති සැකකාරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බව ද බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන්ව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ සේදවත්ත වැල්ලම්පිටිය පදිංචිව සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ ඉකුත් 06 වැනිදා සිට රදවා සිටි චමිලා උදයංගනී නමැති 47 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් "සියදිවි නසාගැනීමක්" වෙන්න ඇති
තිළිණිව පරීක්ෂා කරාවගේ පොලිසියේ නෝනලාගේ වැඩක් වෙන්නැති...