ඩ්‍රග්ස් හරාම් (කුඩු එපා) යනුවෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (10) සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදි පවත්වන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසිය.
බස්නාහිර පළාතේ මුස්ලිම් පල්ලි එකසිය හැත්තපහකට යාච්ඤා සඳහා රැස්වෙන මුස්ලිම්වරුන්ට ඊට එක්විමට නියමිතය.
මත්කුඩු තුරන් කිරිමේ මෙහෙයුමට මුස්ලිම් පල්ලි සිය ජනතාව සමඟ පෙරමුණ ගෙන ක්‍රියා කරන බවත් වෛද්‍ය සමරසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණය කළා කියලා මේවා නවත්වන්න බෑ (දිල්)
හොද වැඩක් (දිල්)
හොද අරමුණින් කරගෙන යනවානම් ඉතාම හොදයි (දිල්)
චමල්ගේ කතාව හරි.. මේවට උද්ඝෝෂණය කරලා වැඩක් නෑ (දිල්)
හොඳ වැඩක් කුඩු හරං මුස්ලිම් නාට්‍ය අනුව කුඩු ජාවාරම් කරන අයට මරණ දඩුවම. (බ)
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන කතාව මතක් උනා! (ස)
චමල් කියන්නේ හරි දේ විතරක් නොවෙයි රටෙත් ලෝකයේත් යථාර්ථයයි. හේමන්ත,වෙලේ සුදාගේ ලොක්කගේ කට්ටිය කරන තව ගොඩක් ගනුදෙනු තියෙනවා. (නි)
එයාලා ගේනවා, අපේ අය බොනවා... (නි)
මෙතන කතා කරන්නෙ කුඩු ගැන රනිල් ගැන නෙවයි (ස)
මතෙන් තොර වූ ආදර්ශවත් දේශයක් කරා අපගේ මාතෘ භූමිය........ පත් කරමු.(ම)
ඇත්ත. හොඳ වැඩක් කවුරු කළත් අගය කළයුතුයි (නි)
යන්නේ අන්තිමට රනිල්ට ඡන්දය දෙන්න කියන්නද ? (ස)
මොහොමඩ් , යන්නේ කොහෙද මල්ලේ පොලේ. මෙතන තියන මාතෘකාවේ තෙරුම ගන්න. සමහරවිට ඔබේ සිංහල දැනුම මදිකමදෝ සිතෙයි. කොහෙද ඉන්න රනිල් මේකට කරුණාකර ගාවාගන්න එපා. (බ)
මමත් පුළුවන්කමක් තිබුණා නම් එනවා (නි)
වැඩේ ඉතාම හොඳයි.අනිත් අයත් ආවා නම් තවත් හොඳයි. (නි)
ඒක තමයි, රනිල් මහත්තයා මොනවා කරන්නද මේකට? (නි)
ලංකාවේ ප්‍රධානම කුඩු මුදලාලිලා කවුද කියලා අපි දන්නවානේ! නමුත් ඒවා බොන්නේ අපේ මෝඩ කොල්ලෝ. ලෝකයේ ලොකුම කුඩු ජාවාරම තියෙන්නේ පාකිස්තානයේ. මේ නිකන් බොරුවට උද්ඝෝෂණ කරලා ලෝකයට පෙන්වන්න යන්නේ මොකක්ද? (නි)
රටේ පුරවැසියෝ හැටියට අපි හැමෝම ඉදිරියට ආවොත්, මේ කුඩු කියන මහා විනාශකාරී විෂ රටින් තුරන් කරලා, අනාගත තරුණ පරපුර බේරාගන්න පුළුවන්. මගේ දරුවෝ පාවිච්චි කරන්නේ නැහැ කියලා හිත හදාගන්න තරම් කුහක වෙන්න හොඳ නැහැ. අද ඔවුන් නම් හෙට අපි කියන එක මතක තියාගත යුතුයි !! (නි)
කුඩු ගෙන්වන අයට දැන් තරු පෙනෙයි. කරුණාකරලා හොඳ දෙයක් කරනකොට ඒක අගය කරන්න පුරුදුවෙන්න. (නි)
චමල්,පොඩ්ඩක් රටේ ලෝකේ වෙන්නේ මොකක්ද කියලා බලන්න. (නි)
චමල් ඔයා අදහස් කරන්නෙ කූඩූ ගෙන්වන්නෙ මූස්ලිම් අය කියලද (බ)
එතකොට වෙලේ සුදා මුස්ලිම් ද? (ම)
උද්ඝෝෂණ කරලා කුඩු වසංගතේ නැති කරගත් රටක් නම්කරන්න පුළුවන්ද? (බ)