(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

මත්කුඩු ජාවාරමක් වැටලීමට ගිය පින්වත්ත  පොලිස් ස්ථානයේ සාජන් මේජර් වරයෙකුගේ අතක් සපාකෑ කාන්තාවක අද (28) හෙරෝයින් මත්කුඩු තොගයක්  සමග  අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .

මහවිල මාදුපිටිය මාර්ගයේ පදිංචි 25 හැව්රිදි කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

මහවිල මාදුපිටිය මාර්ගයේ නිවසක හෙරෝයින් වැටලීමකට ගිය අවස්ථාවේදී  සාජන් මේජර් වරයාගේ අතක් මෙසේ සපාකා ඇති බව සදහන් වේ.

සැකකාර කාන්තාවකගේ ස්වාමී පුරුෂයා අයිස් මත්ද්‍රව්‍ය පැකට් තුනක් සමග පළමුව  අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිට ඇති අතර, ඔහු බැලිම සදහා තවත් පුද්ගලයකු බත් පාර්සලයක් රැගෙන පැමිණි බව පොලිසිය කීය.

පොලිසියට සැකසිතී බත් පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබූ බල මාළු කෑලි දෙකක් අස්සේ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් පහක් සොයාගත් බව පොලිසිය  කීය.

බත් පාර්සලය රැගෙන පැමිණි පුද්ගලයාගේ ප්‍රකාශ  මත එය ලබාදී ඇත්තේ සැකකරුගේ බිරිද බව අණාවරණය වීමෙන් පසු පොලිස් කණ්ඩායම ඇය පදිංචි නිවස වෙත ගොස් ඇතැයිද පොලිසිය පවසයි .

එහිදී පළමුව කාන්තා කොස්තාපල්වරියන් ලවා පරීක්ෂා කිරීමේදී සැකකාරිය කාන්තා නිළධාරීනියන් ඇය සමග පොරබදා ඇති බවද පොලිසිය කීය. 

එසැනින් සැකකාරිය අසල සිටී සාජන් මේජර් වරයා වරයාගේ අත සපාකා ඇති බවත්, පසුව කාන්තා නිළධාරීනියන් දැඩි පරිශ්‍රමයක් යොදා සැකකාරිය විසින් තිසරපට අස්සේ සගවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට  හැකිවූ බවත් පොලිසිය සදහන් කරයි.