නව රජයේ දින සීයයේ වැඩසටහන යටතේ මත් දුව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික්ක පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ වැටලීම් ඒකක පිහිටුවා ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
පොලිස්පති නියමය පරිදි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ එක් කණ්ඩායමකුත් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පොලිස් අධිකාරී යටතේ එක් කණ්ඩායමකුත් හා පොලිස් ස්ථාන මට්ටමින් එක් කණ්ඩායමකුත් පත් කර ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුලොක්කෝ අල්ලන්නේ නැද්ද. (අ)
තවත් එක සොදුරු සිහිනයක් නොවේවා. දෙවි පිහිට වේවා (අ)
පාර්ලිමේන්තුවෙන්ම පටන්ගත්තොත් නරකද? (නි)
හරි පුදුමයි. සමහර මේ මිනිසුන්ට මොනවා කළත් වැඩක් නැති පාටයි.හැමදේටම මොනවාහරි කියන්නම ඕනෑ.මේක නිකන් දැන් ඒ අයට මෝස්තරයක් වෙලා.කියන්නේ මොනවද කියලාවත් දන්නෙ නැහැ.කරන හැම හොඳ වැඩකටම මොනවාහරි කියනවා. අරුමයක් නෙමෙයි, මේක ලංකාවනේ (නි)
එරංග, ලංකාවේ ජනතාවට අලුතින් පත්කරන ඒකක, කොමිසන් සහ සටන්පාඨ ගැන කළකිරීමක් තිබෙනවා. මේවායේ සැබෑ අරමුණ මේ දක්වා ක්‍රියාවට නැංවීමට බලයේ සිටි සහ ඉන්න ආණ්ඩු අපොහොසත්වී තිබෙනවා.මුලින්ම රජය ජනතා විශ්වාසය ඇතිකරගත යුතුයි. එවිට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වියහැකියි. (නි)