හෙරොයින් කුඩු ග්‍රෑම් 13.5ක් විකිණීම හා ළඟ තබාගැනීමට වැරදිකරුවූ ජිනේන්ද්‍ර ප්‍රභාත් ලියනගේ නමැත්තකුට මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.ඒ.හෙයියන්තුඩුව මහතා අද (1) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
2008 සැප්තැම්බර් 24 වැනිදා බොරැල්ලේදී හෙරොයින් ජාවාරම් කරමින් සිටියදී ඔහු පොලිසියට කොටුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් ළඟ තිබුනු පළියට ජීවිතාන්තය දක්වා හිරේට දාලා හරියන්නේ නැහැ කියායි මම නම් කියන්නේ. සමහරු කවදාවත් කුඩු දැකපු නැති අයට බොරුවටත් දාලා පොලිසියට අල්ල්ලා දීලා ජිවිතේම විනාශකරවලා දානවා. මීටපෙරත් මෙහෙම වැරදි කර තිබේද, මෙයා කුඩු බොන කෙනෙක්ද... වගේ කරුණු හොයාබැලිය යුතුයි (නි)
නීතිවිරෝධී ලෙස කුඩු මෙරටට ගෙන්වා බෙදාහරින මුදලාලිලාට දඬුවම මාස තුනක් හිරගෙට, රුපියල් දාහක් දඩ? (නි)
මෙවැනි දඬුවම් ගැන අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. නීතියට අපේ ගරුත්වය සහ ස්තුතිය !!! (නි)
කුඩු කන්ටේනර් ගෙනාපු කෙනා ජනාධිපති උපදේශක. මහා කුඩු මුදලාලිලා මන්ත්‍රීවරු. ඇමතිවරු, ග්‍රෑම් 15 තියා ගත්ත එකා දිවි ඇති තෙක් හිරේ. ආ! නියමයි. නීතිය. ලජ්ජා හිතෙන්නේ හෙම නැද්ද අදාළ උත්තමයින්ට? ෆිදෙල් කස්ත්‍රෝ ගේ කියමන මෙතනට අදාළ යි නේද හරියටම ? (බ)