මිනුවන්ගොඩ කුඩු පාරාදීසයක්. පොලිසියට කීවත් වැඩක් නැහැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ කීවේය.
‘හැමදාම කුඩු ගැන කතා කරනකොට මිනිස්සු ඇඟිල්ල දික් කළේ දේශපාලනඥයින්ට. නමුත් මම ජනතාව වෙනුවෙන් නිර්භයව පෙනී සිට කතා කළත් අපිට අපේ ප්‍රදේශයේවත් ඒ තත්ත්වය නැති කර ගන්න බැරි වෙලා තියෙනවා.
මිනුවන්ගොඩ අහිංසක අම්මලා තාත්තලා මත්කුඩු නිසා විඳින දුක ගැන හිතලා වහාම ක්‍රියාත්මක වෙන්න කියා මම ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලි ලෝව්, සුපිරි ප්‍රතිචාරයක්. සත්තකින්ම ලංකාවේ ජනාදිපතිකම වුනත් මාස 6 කට දීල බලන්න කඹ හොරු, ස්ත්‍රී දූෂකයො ළමා අපචාරකයෝ, කුඩු මුදලාලිලාට මොකද වෙන්නේ කියලා. ඒක ඉර හද වගේ විශ්වාසයි.(නදී) .
චන්දෙ ලගද.... (ත)
ලංකාවට මහා පරිමාණයෙන් ගෙනෙන කෙනා නැවතත් ආශීර්වාද මැද කරලියට ආවා විතරයි. පාර හරස් කරන්න බැලුවට එයා තවම පටන් අරන් රට වටේ යන්න ලැහැස්ති වුනා විතරයි. බලමු මොකද වෙන්නෙ කියලා (නි)
ඔව් ඔබ හරි.(නදී)
ලසන්ත ඡන්දෙ කවදා තිබ්බත් ප්‍රසන්න රණතුංග ඇමතිතුමා මිනුවන්ගොඩින් කුඩු නැති කරලා දාන්න හැමදාම උත්සාහ කරනවා. මොකද සමහර දේශපාලකයන්ට වගේ කුඩු කාරයෝ ඕන නැහැ මිනුවන්ගොඩ දේශපාලනයට.(නදී)
සරත් පොන්සේකා මහත්තයට මාස හයකට ආරක්ෂක ලේකම් කම දීල බලන්න .ලංකාවේ කුඩු වලට වෙන දේ මොකක්ද කියල .මේක විහිළුවක් කියල හිතන්න එපා මේ අපේ රට .(අ)
ඔය ලොකු අය කරන්නේ මේ දේවල් තමයි.(නදී)
ඇත්තටම ආරක්ෂක ලේකම් තුමාට මේ ගැන දැඩි උනන්දුවක් තියෙනවා. ඒත් සමහර වගකිවයුතු දේශපාලකයන් ඒයට කෙලින්ම සම්බන්දයි නේද?(නදී)
නරකද දුමින්ද අයියටවත් කිව්වොත්?(නදී)
දේශපාලකයෝ කිසිම දෙයක් කරන්නේ නැහැ වාසියක් නැතිනම්. කඩේ යනවා නම් කියල යන්න අවුලක් නැහැ.(නදී)
ඔබතුමා අර්ජුන මහත්තයාගේ මල්ලි හින්දා ආදරයට කියන්නේ. භාරතත් කුඩු ගැන කතා කරන්න ගිහිල්ල තමා මැරුම් කෑවේ. ඔබතුමාගේ පක්ෂේ අයම නේද කුඩු ගේන්නේ. අපි මොනවා කරන්නද, බඩුත් හාමුදුරුවන්ගේ හොරුත් හාමුදුරුවන්ගේ.(නදී)
පට්ට පට පට, අනේ මෙහෙමත් මිනිස්සු. (ස)
යුද්ධය දිනවන්ට කැපවූ අපගේ ගෝඨාභය මැතිදුන්ට කුඩු මෙරටින් තුරන් කරන්න හැකිවේවා!! (නි)
මහා ඇමතිතුමෝ කුඩු විතරක් නමේ ගම්පහ ,ජාඇළ මිනුවන්ගොඩ ,මිගමුව යන නගරවල තියන ඔසුසලවල්වල තියන මත් පෙති ටික්කත් නවත්ටන්නකෝ (අ)
ගොඩාක් කට්ටිය නොදන්න දේ නම් ගොඩයි. (නි)
රණතුන්ගල කවදත් රටට ආදරය කරන මිනිස්සු. (ස)
ඇත්ත කතාව බොහෝ දාමරිකයෝ, කුඩුකාරයෝ ඉන්නේ ලොක්කෝ ළඟ. මේ ගැන ජනතාව දන්නවා. කව්ද කුඩ්ඩෝ, මිනීමරුවෝ කියලා. ගෝඨාභය මහතා මෙය නැතිකළොත් අපි සැමද සලකනවා.(නදී)
කට්ටියකට කුඩු ව්‍යාපාරය සදහා අවසර පත් දීලා තියෙන්නේ. දැන් ලංකාවට අවශ්‍ය කුඩු දෙපාර්තමේන්තුවක් විතරයි. ඒකට ඇමති කෙනෙක් පත් කළාම සේරම හරි.(නදී)
සම්පුර්ණයෙන්ම මෝඩ කතාවක්නේ මහ ඇමති කියලා තියෙන්නේ.(නදී)
කුඩු ගෙන්නන කෙනා නම් දැන් ඇවිල්ලා ඉන්නේ කරලියට (නි)
කුඩු???.......මට මතක නැහැ. (ත)
හරියටම හරි අමිල, නිර්භීතව කිව්වා, කුඩු ගෙන්වීම තහනම් කරන්න කියලා මේ අයටම කීමෙන් එති පලය කුමක්ද?(නදී)
මිනුවන්ගොඩ හීනටියන, නිට්ටඹුව රන්පොකුණ ගම,මීරිගම, මුගුරුගම්පොල, පල්ලෙවෙල කකලීවට්ට ,දිව්ලපිටිය පින්නකලේවට්ට කුඩු වැඩි වගේ.(නදී)
විධායකයට කල නොහැක්කක් නොමැත. නමුත් මේවාට අත තබන්නේ නැත.(නදී)
ලංකාවේ තිබිච්ච කුඩු නැවට කොලොන්නාවේදී වෙඩි තිබ්බනේ. ඒ නැව සිංගප්පුරු අරන් ගිහින් හොද කරවන් ආවේ ඔය කට්ටියම තමයි.(නදී)
පොලිසියට කීවත් වැඩක් නැහැ කියන්නේ පොලිසිය අකාර්යක්ෂමයි කියන ඒකද ඇමතිතුමා? (ත)
ඇමති තුමා, මිනුවන්ගොඩ නොව මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම කුඩු පිරිලා. මේ කුඩු ජාවාරම් කාරයෝ දේශපාලකයන්ගේ හව් හරණ ලබමින් හොදින් ව්‍යාපාරය කරගෙන යනවා. ඔබ තුමාට කරන්න පුලුවන්නම් හොද වැඩක්.(නදී)
ආරක්ෂක ලේකම්තුමනි, ඔබ යුද්ධය ඉවරකලා වගේ රට විනාස කරන කුඩු ජාවාරම ඉවරකර දෙන්න, ඔබට මුළු රටම උදව් කරයි. (නි)
මොන ක්‍රමයෙන් හරි ඒ වසංගතයත් ඉවර කලා නම් අපේ රටේ පවුල් සංස්ථාවට සාමයෙන් සමගියෙන් ඉන්න පුලුවන්. (දී)
ඔය කුඩු වගේද අපිට අත යටින් එන මිලියන ගණන් වල මිනීමැරම් කොන්ත්‍රාත්තු? යනවා යන්න වැඩක් බලාගෙන. මීට කලින් කුඩු දැකලම නැද්ද ?(නදී)
ප්‍රසන්නට පුළුවන්නේ කුඩු කාරයෝ ටික ලැයිස්තුවක් ලියලා ගෝටාභයට දෙන්න. රැස්වීම් වල කියා කියා ඇවිදින වෙලාවේ.(නදී)
අද රෙද්දක් වනා ගන්නවත් බැහැ කුඩු කාරයෝ,හොරු නිසා. පොළේ ගිහින් අරන් එන එලවලු මල්ල උස්සන් දුවනවා. ඒ තරම් කුඩ්ඩෝ.සුබ අනාගතයක් අපිට. (නි)
කුඩු කිලෝ එකසිය ගානක් අල්ලපු, අල්ලලා ප්‍රසිද්ධ කරපු ඉන්ස්පෙක්ටර් සිසිර කුමාරට මොකද වුණේ? (නි)
හොරාගේ අම්මගෙන් පේන අහනවලු.(නදී)
ආරක්ෂක ලේකම් තුමාට ඒක කරන්න බැරිනම් මහ ඇමතිතුමා මහත්මයාට පොලිස් බලතල දෙන එක හොඳා නේද?(නදී)
මේක නම් නියමම වැඩක් (නි)
කුඩු මඩින්න ගියොත් සමහර ඇමතිවරුන්ට ඉදිරි මැතිවරණ වලදී වියදම් කරන්න අනුග්‍රහය දක්වන්න කවුරුත් නැති වෙනවා. ඒකයි කොයි ලොක්කත් කුඩු ගංජා කසිප්පු කප්පන් කාරයන්ව නීතියේ රැහැනට කොටු කරන්නේ නැත්තේ?(නදී)
රන්පොකුණුගම කුඩු මුදලාලිලා පිරිලා. ඒකත් නවත්තන්න.(නදී)
හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ.(නදී)