
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය තුළ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනකු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරමක් සිදු කරගෙන යන බවත් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ .
දංගොල්ලේ කුඩු නයනා නමැති ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කාරියක අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය මෙම තොරතුරු පොලිසියට අනාවරණය කරමින් යන බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසීය .
එම බන්ධනාගාර නියාමකවරුන් අතරින් ඇතැම් බන්ධනාගාර නියාමකවරුන් මසකට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහළොවකට අධික ප්‍රමාණයක් තමන්ගෙන් මිලදී ගන්නා බවටද පොලිසියට කරුණු අනාවරණය කොට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Breathalyzer යොදවා ගැනීමෙන් සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරුන්ද හඳුනාගත හැකිවේ...
ඔය අල්ලන අයට දඬුවම් දෙන එකත් අකුරටම කරනවද කියලා බලන් ඉන්නේ මුළු ජනතාවම...!