(ගයාන් සූරියආරච්චි)
හෙරොයින් පානය කර රාජකාරිය කළ බව කියන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු අද (17) අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරුප්පු පොලිසිය පවසයි.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය එම ග්‍රාමනිලධාරීවරයා විසින් අලෙවි කරන බවටත් හෙරොයින් පානය කර මත්වී රාජකාරිය කරන බවටත් ලද තොරතුරකට පුදුකුඩුඉරුප්පු පොලිසියේ නිලධාරීන් කළ වැටලීමකදී එම ග්‍රමනිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරී අවුරුදු 38 ක පුද්ගලයකු බව පුදුකුඩුඉරුප්පු පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාම නිලධාරි කියන්නේ, පොලිස් බලතල තියෙන සෑම නිලධාරි කෙනෙක් දේශපාලන අයිතිවාසිකම් හැටියට තියෙන්නේ මැතිවරණ අවස්ථාවල ඡන්දය පාවිච්චි කිරීම විතරයි. එහෙනම් අපිට කියන්න තියෙන්නේ වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා තමයි... කොහොම වුණත් ආයතන සංග්‍රහය අනුව දඬුවම් දෙන්න බැරි නම් ඉක්මණින් ආයතන සංග්‍රහය බලගන්වා මෙහෙම අයට උපරිමයෙන් දඬුවම් දියයුතුයි.
හිටපු 'ග්‍රාමයෙක්' ජනපතිවරයෙක් වූ බව අමතක කරන්න එපා...