ඉකුත් අප්‍රේල් 01 වැනි දා හොරොයින් කිලෝ 110 ක් සමඟ දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් නැවේ සිටි ඉරාන, සිංගප්පුරු හා පකිස්ථාන ජාතිකයෝ 14 දෙනෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.
එයින් සැකකරුවන් දහතුන් දෙනෙකු අප්‍රේල් 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
ඉතිරි සැකකරු වන ඉරාන ජාතික දරුවා (12) ශ්‍රි ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට බාර දිමට නියමිතය. ඉරාන ජාතික දරුවා මාකෝල ළමා නිවාසයට පරිවාසය සඳහා යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක දී අත්අඩංගුවට ගත් මුආස් මොහොමඩ් ද පොලිසියට බාර වු සුන්දරගේ සුමුදු තරංග හා බණ්ඩාර අනිල් රොහාන් ද අප්‍රේල් 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වනසන මෙවැනි ද්‍රෝහියන්ට ඉහලම දඩුවම මරණ දඬුවම දිය යුතුයි. (හේ)
මොන අපරාධයක්ද මේ. මේ අයට උපරිම දඩුවම් ලබා දෙන්න.(හේ)
මේ වැරදිකරුවන් බේරාගැනීමට ඉදිරිපත්වෙන හැම කෙනෙක් ගැනම මට නම් ඇත්තේ තරහක් (නි)