ඇතැම් එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කර තිබුණත් දඹුල්ල් ආර්ථික මධ්‍යස්ථානයේ එම නීතිය ක්‍රියාත්මක වූයේ නැත. තක්කාලි, තිබ්බටු, කැරට්, කරවිල, තුඹ කරවිල, මල් ගෝවා, බෙල් පෙපර්, සලාද, නිවිති, මාළු මිරිස් හා පිපිඤ්ඤා යන එළවළු සඳහා මෙම නීතිය බල පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවළු නාස්ති කරන විදියට ලංකාවෙ මිනිස්සු මැරෙන්න ඕනේ කන්න නැතිව බඩගින්නේ හාමත් වෙලා. මනුෂ්‍ය ජිවිතවල වටිනාකම නොදන්න මිනිස්සු කොහෙද එළවළුවල වටිනාකම දන්නේ?
මම උදේට මැනිං මාකර්ට් එක ලඟින් එන්නේ....... ලොරි වල එළවලු ගෙනෙන විදිය දැක්කාම දුක හිතෙනවා..... මේ අසරණ ගොවීන්ගේ මහන්සියේ ප්‍රතිඵල නේද විනාශ කරන්නේ..... නියම ආකාරයට කූඩ වල අසුරා ගෙනෙනවනම් විනාශය අඩුයි. ගොවියාට වැඩි මිලක් ගතහැකි නේද ? පාරිභෝගිකයාට හොද එළවුලු ත් ලැබෙයි.....
කූඩ ක්‍රමය හොදයි.ඒත් මොනවා කරන්නද? කූඩැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑනේ
ගයාන් කියන කතාව හරි, උහුලන්න බැරි ජීවින බරකුත් එක්ක දුප්පත් ගොවියෝ කොහොමද කූඩ ගන්න හිතන්නේ?? එහෙම නම් ඉතිං කූඩ නොමිලේ බෙදා දෙන්න ඕන..
මෙයාලා හදන්න බෑ
ගෝනි උස්ස ගෙන අමාරුවෙන් බස් වල එල්ලිලා එන දුප්පත් මිනිස්සු කූඩ අරන් එන්නේ මොකේද? ප්‍රවාහන වියදම් දෙනවද නොමිලේ එන්න?
ලංකාවේ මිනිස්සුන්ට ඇයි මේක තේරෙන්නේ නැත්තේ
ආණ්ඩුව ගේන නීති ආණ්ඩුවම කඩනකොට තවත් මොන කතාද? දැන් අර රෑ 11න් පස්සෙ ශබ්ද විකාශන තහනම කෝ?
මමත් එළවලු වගා කරපු ගොවියෙක් ඉස්සර. අපේ ඇමතිතුමා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යන්න චන්දෙ (2001) ඉල්ලද්දී අපිත් එතුමාගේ ගෙදර පවා ගියා මීටින්වලට(ගොවිතැන් අතපසුකරලා ). ඉතින් අපි නම් දන්නා විදියට අපේ එළවලු පිට රට යවන්නේ නැතිනම් තක්කාලි වලට හැර අනෙක් එළවලු වලටනම් කූඩ ඕනේ නැහැ.තක්කාලි වලට අපි පාවිච්චි කරන්නේ කාඩ්බෝඩ් පෙට්ටි. කුඩ අදහස ඇත්තටම විය යුතු දෙයක් නමුත් මේකට ආධාර කරන්න ඕනේ අසරණ ගොවියාට.
කූඩ ක්‍රමය හොදයි.. නමුත් ප්‍රධාන ප්‍රශ්ණයක් තියෙනවා නේද? එළවළු අරගෙන පොලට එන්න රැපියල් 1000ක් ගන්නවා නම් නැවත හිස් කූඩ ටික අරගෙන ගෙදර යන්නත් රැපියල් 1000 ක් ඕන නේද ප්‍රවාහන වියදම්..
අනිවාර්යය යන වචනය අනවශ්‍ය තැන්වල යොදන නිසා සිංහල භාෂාවෙන් මකා දමන්න වෙයි වගේ.අදහස් දක්වන්න.[එළවලු සදහා කී වතාවක් අනිවාර්යය කලාද?]
මෙතැන් තියෙන්නේ කූඩල්ලන්ගේ ප්‍රශ්නයක් නෙවේ. ලංකාවේ උඩ ඉඳල පහලටම නීති පිළිපදින්නේ නැති ප්‍රශ්නයක්.
අලි බබෝ එතකොට මේ එළවලු වගාව "මුදලාලිකරණය" මම මේ කීවේ මාතෘකාවට අදාලව ?
කූඩැල්ල මෙට්ටෙ උඩ තියන්න හදන්නෙ කවුද? එමෙන්ම නිශ්පාදනය ගොවියගෙ උනාට ප්‍රවාහනය කරන්නෙ වෙළෙන්දන්..
ලංකාවේ ඕනම දෙයන් ටික දවසයිනේ. නීතිය බලපවත්වන්න...
ජොන්ස්ටන් මහත්තයා දන්නේ නැද්ද කූඩැල්ල මෙට්ටේ උඩ තියන්න බැරි බව.
එළවළු අතර බෝන්චි නෑ පොඩ්ඩක් හිතන්න බෝන්චි ගෝනි කරපුවම මොකද වෙන්න්. කුඩු තමා ඒ උනාට පිපිඤ්ඤා කූඩවලට දාන්නලු. කූඩ හදන්නේ ලොක්කන්ගේ අයද.
ලාල් ගලබඩ මහත්තයෝ, ඔයාලා අපි දන්නේ නැති වුනාට සිංහල භාෂාවෙ වචන බොහෝ දැන් නිෂ්ප්‍රභා වෙලා. ගෝලීයකරණයට Globalization අසුවෙලා. ඒ නමින් බටහිරකරණය ක්‍රියාත්මක වෙලා. දැන් තියෙන්නේ හායි, බායි, හලෝ,මෙ වැනි වචන මාලාවක් තමයි.
අනිවාර්ය කරන්න හොඳ නෑ!
නීතියක් නැති රටක කිසිම දෙයක් හරියට කරන්න බෑ. අයියෝ! සල්ලි.
අපේ නීතියයි කුඩේ දෙකම එක සමානයි
කූඩ ගණන් හෝ ගෝනි ගණන් නීති දැම්මත් ඒවා පිළිපදින්න තඹදොයිතුවකටවත් මායිම් කරන්න අප රටේ මිනිස්සු නැතිවීම කණගාටුවට කරුණක්.. මේ පිළිබදව සොයා බලන්නට බලධාරීන්ට බැරිද?
රටේ නීතිය ලොකු ලොකු අය කඩනවානම් අනෙක් අය ගැන මොන කතාද?
ගෝනියකට දාලා ගෙනියන එළවලු කූඩ වලට දාලා ගෙනියන බරත් උසුලන්න වෙන්නේ දුප්පත් ජනතාවටම තමයි
රටේ නීති ලොකු ලොකු අය කැඩුවනම් අනෙක් අය ගැන මොන කතාද?
මේ ලොරිය කැඩිලද
අපේ රටවල් කවදාවත් හැදෙන්න නැහැ... රටේ සල්ලි වියදම් කරල කරනේන කරන්න ඕන දේවල් නේවේ විකාර වැඩ...!!
නොදැක්ක වගේ ඉන්න ඇමතිතුමෝ..
ඔය කවුරු කිව්වත් අහිංසක ගොවියෝ අපිට කන්න මහන්සියෙන් වවා ගත්ත දේ කොහොම ගෙනත් දුන්නත් මොකද වෙන්නේ නිකන් කන්තෝරු වලට වෙලා කාලේ කන මහත්(හොරු) කොයි තරම් ඉන්නවද? ඒ අයට ෆෑන්, ඒසි තහනම් කරලා රටේ විදුලි බිල අඩු කරමු . ඒකට කවුරුවත් මුකුත් කියන්නේ නැහැ නේද? අනේ දුප්පතාටමයි තවත් දුප්පතෙක් පහර දෙන්නේ.....
රටේ නීතිය කොහෙටද යන්නේ කියලා අහල නැද්ද ????
මෙතන තියෙන්නේ කූඩ,ගෝණි ප්‍රශ්නයක් නෙමෙයි පෙනෙන විදියට.ගොවියාගේ සහ වෙලෙන්දාගේ වගකීම පරිස්සමින් වෙළද පොළට භාණ්ඩ එවීමයි.රජය දැන ගන්න ඕනි ඒවා සාධාරණ මිළකට පාරිභෝගිකයාට ලබා දීම
ජොන්ස්ටන් ඇමති නිදිද ?
ලංකාවේ නීති කොහෙද අනේ...
සිවිල් බලකාය හවුල් කරගෙන රජය විසින් හැම නගරෙකම ව්‍යාපෘතියක් කළ යුතුයි.එවිට එය අනික් අයත් ආදාර්ශයට ගනීවි
දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකෝ "දෙල් පෙපර් " කියන්නේ මොනවාද කියලා. (නි)
ජොන්ස්ටන් මහත්තයා ??
දුප්පත් මනුස්සයන්ට තමයි හැම නීතියම..
දුප්පත් මනුස්සයටයි හැමදේම පනවන්නේ...
ඇමතිතුමා දන්නේ නැද්ද කූඩැල්ල මෙට්ටේ උඩ තියන්න බැරි බව.එළවළු කූඩවලට දාන්න,කූඩ හදන්නේ ජොන්ස්ටන්ගේ අය.