කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සඟරා තොගයක් අස්සේ තිබූ හෂීස් මත්කුඩු රැගෙන යාමට ආ බි‍්‍රතාන්‍ය ජාතිකයෝ දෙදෙනා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් යළි ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ඇන්ජලා සෙනෙවිරත්න නිළිය කලක් ජීවත්ව සිටි නිවසේ ලිපිනයට මේ කුඩු එවා ඇත්තේ ඉන්දියාවෙනි. බ‍්‍රටන් සාවුල් පිලික්ස් හා ජොෂ්කර් විල්ටන් නම් මේ සැකකරුවන් දෙදෙනාට ඇප ඉල්ලූ විට මහේස්ත‍්‍රාත්වරයා පැවසූයේ ඒ සඳහා මහාධිකරණයට අයැදුම්කරන ලෙසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති ,සුද්දෙක් වරදක් කළා කියල පිළිගත්තා..
හොඳ සුද්දොත් ඉන්නව. ....
සුද්දෝ මොන නොපහත් වැඩේ කළත් හරි හොඳයි.. අපේ අයව නිකම් සැක කරලා තව කතන්දරත් හදලා අසරණ ඇන්ජිලා සෙනෙවිරත්න මහත්මියගේ රැකියාවත් තැති කරලා දැම්මා. දැන් කවුද මේ සිදුවීමේ වගකීම බාර ගන්නේ. ........??????????????
ආචාර්ය තුමත් කමෙන්ට්ස් දාල තියෙන්නේ..
සුද්දන්ට කුඩු බොන්න පුළුවන්. ඒකට අවහිර කිරීම මානව හිමිකම් උල්ලංඝනයක් කියල දන්වන්න වෙනවා.
අසංක මහත්තයෝ ඇයි එහෙනම් ඒක ඇන්ජලීගේ නමට ගෙන්නුවේ, සුද්ද කියල බෑ......ලංකාවේ නීතියක් තියනවනේ.....
සුදුදන්ට කූඩු බොන්න පුලුවන් එයාලගෙ රටෙ, වෙන රටකට ඇවිත්, මත්ද්‍රව්‍ය ගෙන්විම,පාවිචිචි කිරිම,එ රටෙ පැවතෙන නීත-රීති වලට අනුව නීති විරෝධියි නේද,,,
සුද්දෝ කුඩු බිස්නස් කළොත් ඒක පාන්පිටි හරි හාල්පිටි හරි බිස්නස් එකක් ගානට දාලා මේ රටේ උදවිය කටයුතු කරන්නේ. ඒත් අපේ කෙනෙක් කසිප්පු ටිකක් බීලා පාරේ වැනි වැනි ගියොත් දෙකක් ඇනලා කූඩුවේ දානවා. සුද්දා නැතත් සුද්දට පක්ෂපාතී බවෙන් අඩුවක් නැහැ නේද? සුද්දට වැඩිය හොදට මෙහෙ ඉන්න කළු සුද්දෝ සුද්දට කත් අදිනවා නේද?