(අංජුල මහික වීරරත්න)

කුඩා තේ වතු සංවර්ධන අධිකරියේ නව සභාපතිවරයා වශයෙන් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පත්කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.

ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා මෙතෙක් කලක් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර, හෙතෙම පසුගිය සතියේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියේය.

ඒ අනුව ඒ මහතාගේ සේවය තවදුරටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබා ගැනීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම පත්කිරීම සිදු කරනු ලැබීය. අබේරත්න මහතා රාජ්‍ය පරිපාලන සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.