වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන කුඩා ජල විදුලිබලාගාර පරිසර හිතකාමී විදුලිය නිපදවෙන බව පැවසුනද බොහොමයක් කුඩා ජල විදුලිබලාගාර පරිසර හිතකාමී නොවන දෝෂසහගත ව්‍යාපෘතීන් යැයි පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන මහතා අද (24) කොළඹදී පැවසීය.
කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති වලදී ඉදිරිපත් කෙරෙන පාරිසරික වාර්තා වල පවතින දෝෂ සහගතභාවය අදාළ බලධාරීන් නිසිපරිදි අගැයුමට ලක් නොකීරීමත් ,මෙම ගැටලූව සමස්තයක් ලෙස නොදැකීම නිසාම මෙම තත්ත්වය ඇති වී ඇතැයි ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කීය
සීමාසහිත පාරිසරික පදනම හා ලංකා ජලනි ආයතන විසින් කුඩා ජල විදුලි බලාගාර නිසා වර්තමානයේ ඇතිවී තිබෙන පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (24) කොළඹ 07 ,රාජකීය විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මේ බව කීය.
ගුණවර්ධන මහතා කියා සිටියේ සබරගමුව පළාතේ ගංගා ,ඇළ වේලි හරස් කරමින් ඉදිකර ඇති කුඩා ජල විදුලි බලාගාර නිසා ඇති වී තිබෙන පාරසරිකව අහිතකර බලපෑම් එල්ලවී ඇති බවය. 2014 වසරේ කළ පර්යේෂණයකට අනුව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පමණක් ඉදිකළ කුඩා ජල විදුලි බලාගාර 23 ක් නිසා එම ප‍්‍රදේශයේ ගංඟා ,ඇළ දොළ රැසක් මේ වන විට සීඳී යාමේ තර්ජනයට ලක්වී ඇති බවද හෙතෙම කීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාචාර්ය අයිවන් ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට රටපුරා ස්ථාපිත කර තිබෙන් 145 කට අධික කුඩා ජල විදුලිබලාගාර වලින් නිපදවෙන විදුලි ප‍්‍රමාණය සියයට 50කටත් වඩා අඩු බවය.
එසේම කුඩා ජල විදුලි බලාගාර පිහිටිවීම පරිසර හිතකාමී ක‍්‍රියාවලියක් බවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් හුවා දැක්වුවද එම මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත යැයි ද මහාචාර්ය අයිවන් ද සිල්වා මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිසරික සුරක්ෂිතතාව ඇති කරන්න කලින් මෙරටේ මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීම අත්‍යවශ්‍යයි. කාලාබීලා ඉවරවෙලා අහුවෙන තැනකට කුණුදාන අසංවර මිනිස්සු ඉන්න රටේ මොන පරිසර සංරක්‍ෂණද? (නි)
ස්වභාවික පරිසරය වෙනස්කර කරන ඉදිකිරීම් නිසා අනිවාර්යයෙන්ම පරිසරය විනාශ වෙනවා. (නි)
මට පළකරන්න අවශ්‍ය දේ පළව ඇති නිසා අදහසක් ප්‍රකාශ නොකර ඉන්න සිතුවා (නි)
ලැජ්ජයි. අපි ශ්‍රී ලාංකිකයින් කියා කියන්නත් ලැජ්ජයි. (නි)
ඉතින් කොහොමද අපි රටක් වශයෙන් ඉස්සරහට යන්නේ? අපේ රටේ තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්නේ නැතුව, කෘතීම බලාගාර හදනවා. එතකොට එ්වායින් වෙන පරිසර හානිය ගැන ඇයි කතා නැත්තේ (නි)
හරිම කණගාටුදායකයි. දිය ඇල්ලක් දැක්කොත් එ්ක විනාශ කරලා දානවා කුඩා විදුලි බලාගාර පිස්සුවට. කෝටි ගණන් මුදල් ලැබෙන සංචාරක කර්මාන්තයට වන හානියවත් පෙනෙන්නේ නැහැ
ලොකුම පරිසර හානිය මුල්‍ය නගරයයි. එ් ගැන කතා නොකරන්නේ මොකද? මුළු වෙරළම විනාශ වෙනවා. (නි)
දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් නිසියාකාරව පාරිසරික ඇගයීම් වාර්තා අධීක්ෂණය නොකිරීම මෙයට ප්‍රධානම හේතුව ලෙස දකිමි
දේශපාලන පිළිලය සතර දිග්භාගයම වසා ඇති අයුරු!!!!(ම)
අපි පරිසරය ගැන කතාකරන කොට ගොඩක් අය අපිට කියන්නෙ ළිං මැඩියො, නැත්නම් දේශපාලන කණ්ණාඩි දාගෙන කියලා. රට දියුණු කරන්න ඔයවගේ දේවල් නොකර බැහැ කියලයි ගොඩක් අය කියන්නෙ. නමුත් තේරුම් ගතයුත්ත තමයි අපේ රටේ සිදුවන ව්‍යාපෘති අතිබහුතරයක්ම නිසි අධ්‍යයනයකින් තොරව සිදුවන බව. අපිට ප්‍රශ්නයක බරපතලකම දැනෙන්නෙ ඒක අපිටම වුණොත් විතරයි. මමත් පිළිගන්නවා මේව කවදාහරි කළයුතුයි කියලා. නමුත් අවශ්‍යතා අනුව නිසි අධ්‍යයනයකින් පමණක් මේවා කළයුතුයි කියන එකයි මගේ මතය.
අපේ වාසනාවට රජ කාලේ මේගොල්ලෝ හිටියේ නැහැ. හිටියා නම් අපිට කලාවැව, යෝධ ඇල ආදී කිසිම දෙයක් හදන්න දෙන එකක් නැහැ. (නි)