පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්‍රම් අමීර්ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (19) මරණීය දණ්ඩනය නියම කළේය.
2009 ඔහු කොළඹ, කොල්ලුපිටියේ ජුලියානා හෝටලයේදී පකිස්තානුවන්ගෙන් හෙරොයින් කුඩු ලබාගනිද්දී අත් අඩංගුවට ගත් බව කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශෝකා,පකිසෝ දෙන්න ලිස්සලා පකිස්තානයට මාරු වුනා. මිටි තැනින් ජලය බැස ගියා. (නදී)
මේකද යහ පාලනය කියන්නෙ. (නදී)
එතකොට පකිස්තානු ජාතිකයෝ නිවැරදි කරුවන්ද? නැත්නම් ඒ දෙන්නට දුන්න දඩුවම මොකක්ද? (නදී)
ලංකාව කවද හරි නැති කරන්නේ ඔය මිනිස්සු තමා.(නදී)
කෝ එතකොට දුම්න්දට නඩු නැත්තේ ඇයි? හිටපු අගමැතිට නඩු නැත්තේ ඇයි ? (නදී)
මේ විදිහට බැලුවොත් මට මතක නැති එක්කෙනාව අවුරුදු 1000 ක් විතර හැම දාම උදේ හවස එල්ල එල්ල මරන්න වෙනවා. ඒත් මදි (නදී)
එතකොට කුඩු කන්ටේනර් එකට ගස් කීයකට යවනවද? (නදී)
එතකොට පකිස්තාන්කාරයෝ දෙන්න අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ? (නදී)
කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු අයට රජ සැප. (අ)
ග්රෑම් 5 ට ගස් යවනවා , කිලෝ 500 ට පැජරෝවලින් වත් බස්සගන්ට බැරුව තටමනවා. මුන් කව්රුත් එකයි බලනකොට. (අ)
පකිස්තාන් කාරයෝ දෙන්නට මොකද වුණේ (අ)
ග්රෑම් 5 ට ගස්. ග්‍රෑම් 1000 ස් ගණන් වලට?(හේ)
ග්රෑම් 5 ට එල්ලුම් ගස් යවනවා , කන්ටිනේර් පිටින් ගෙනාපු අය තාම අල්ල ගන්න සාක්ෂි හොයනවා.(හේ)
මහින්ද බලයේ ඉන්නකොට මිනිස්සු කෙළ ගිලින්නත් බයයි. දැන් හැමෝම නීතිය කතා කරන්න එනවා. තැලෙන යකඩය දැක්කහම තලන්නමනේ යන්නේ. නමුත් ඇඟපතින් උස මහත නැති වුණාට පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ.... (නි)
මේ විස්තරේ කියවද්දිම මගේ හිතට ආවෙත් ඔය ප්‍රශ්නේමයි බන්දුල..(හේ)