( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හෙරොයින් ග්‍රෑම් 14.76 ක් ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තකරුවෙකුට මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (25) මරණ දඬුවම නියම කළේය.
මෙලෙස මරණ දඬුවම නියම වූ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුයෙකු වූ තුවාන් නිසාම් සහාබ්ඩීන් සාමත් නැමැත්තාට එරෙහිවය.
2012 වසරේ නොවැම්බර් 10 වැනිදා මරදාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින්ද සමග විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන්පසුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නගා ඇති අධි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ටොන් ගණන් ගෙන්නන අය ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ..
ඕක තමයි කියන්නේ ජාවාරම් කරද්දී ටොන් ගණන් ගේන්න කියලා. ඔය වගේ දේවල් වලදී දේශපාලකයෙකුත් හවුල් කරගත්තා නම් හිරේ ගියත් සැපයි...
අන්න තව පැත්තකින් අල්ලන කුඩු ආපහු කුඩු මුදලාලිටම දෙනවලු... මේවගේ ග්‍රෑම් ගණන් නෙවෙයිලු.. කිලෝ ටොන් එකක් විතර... ඒ ගොල්ලන්වත් එල්ලුම්ගස් යවන්න ඕනෑ..
අනේ දෙවියනේ, මේ ටොන් ගණන් කුඩු ගෙනෙන අය අඩුම ගණනේ ප්‍රශ්න කරන්නේවත් නැතුව එළියෙ යහතින් වැජඹෙන හැටි...
එජාපයෙන් දුන්නු ආයුධ වලින් ගැහුවට.. මේ මිනිහා කුඩු ගෙදර හදලා වෙන්න ඇති.