(රොමේෂ් මධුෂංක)

තහනම් සංවිධානවලට කුලියට අයුද සපයා මුදල් ලබා ගත් බව කියන තරුණයකු යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි හිදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

උතුරේ ක්‍රියාත්මක තහනම් සංවිධානවලට ආයුද සපයා සැකකරු මුදල් උපයා ඇති බවට තොරතුරු ලැබුණු බව ද පොලිසි විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු සන්තකයේ තිබූ යකඩ කඩු 11ක් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී යපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය මත මෙම වැටලීම සිදු කර ඇත.