හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 257ක් ළඟ තබාගත් වේලායුදන් සුනිල් ලාල්ට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කෙළේය. 2004 අප්‍රේල් 28 වැනි දින කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව ඔහු මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තේය.