ශ්‍රී ලංකාවට මත් කුඩු එතනෝල් හා කැසිනෝ ගෙන්වන පිරිස අතර සිටින වැඩි දෙනාට ආණුඩවේ ඇතැම් මැති ඇමැතිවරුන් හා සබදකම් ඇතැයි ද ආසියාවේ ලොකුම මත් කුඩු කන්ටේනරය ඇල්ලු නමුත් කළ දෙයක් නැතැයි ද මාතලේ මහ නගර සභාවේ විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ මාධ්‍ය හමුවකදී පැවසීය.
‘හැම තැනම අද දුෂණය හා වංචාව රජ වෙලා.මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අය අත්අඩංගුවට ගන්නේ නැහැ.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු නම් දැන් නවත්වන්න පහසු වෙන්නේ නැහැ (නි)
කුඩු අල්ලනකොට පොලිසිය එළවලා කුඩු කාරයන්ව රැකගන්න අය ඉන්න රටක් මේක. (නි)
කුඩු මුදලාලිලාව කිසිම ආණ්ඩුවකට නැතිකරන්න බැහැ. (නි)
රටේ අනාගත පරපුර ගැන හිතල මේවා වලක්වන්න ඕන නම් සාමාන්‍ය මහජනතාව සතුව තියෙන බලවත්ම ආයුධය වන චන්දය ඉතා නිවැරදිව මැතිවරණ වලදී පාවිච්චි කරන්න ඕන. නමුත් අපේ රටේ වැඩි පිරිසක් චන්දය දෙන්නේ ආණ්ඩුවේ මාධ්‍ය වලින් වපුරන පච වලට රැවටිලා වැරදි ආකාරයට. පස්සේ ඒ පවු මුළු සමාජයම ගෙවනවා. (ස)
යුද්ධය දිනුව නිසා පවතින ආණ්ඩුවට ඡන්දය දී අපේ මුළු පරම්පරාවම ප්‍රණාමය පුද කළා. ඒත් රටේ වෙන දුෂණය දකිද්දී නම් ලොකු කනගාටුවක් තියෙන්නේ. මොකද කුඩුකාරයෝ වැනි විසාල අපරාදකාරයෝ රටේ නිදැල්ලේ සැපවත් ජීවිතයක් ගත කරද්දී ගමේ ඉන්න අහිංසක රා මදින අය හොය හොයා දඩගහන්නේ. (නදී)
අඩු ප්‍රවාහන වියදමකින් වැඩිම ලාභයක් ලබන්න පුළුවන් බිස්නස් එක තමයි මේක. ඒ නිසා ව්‍යාපාරයට සම්බන්ධ සෑම දෙනාටම විශාල ලාභයක් ලබාගන්න පුළුවන්. කෝටි ප්‍රකෝටි ගණන් වලින්. ඉතින් මේකට සම්බන්ධ වෙන්නේ අපි වගේ සොක්කෝ නෙවෙයි සල්ලිය බාගේ, බල තල, තියෙන ලොකු අය. ඉතින් අහු උනත් පොලිසියට කරන්න තියෙන්නේ අල්ලලා ප්‍රකාශයක් නිකුත් කරන එක විතරයි. වැඩි වැඩ කරන්න ගියොත් ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් ජරමර වෙනවා.(නදී)
සමන් පුතා, හොරාගේ අම්මගෙන් පේන...ඇහුවට වැඩක් නැති බව ඔය ළමය දන්නේ නැද්ද..? (ස)
මෙහෙම ගියොත් නම් ලංකාවත් ලෝකයේ දරුණුම රටවල් දහය අතුරින් එකක් වෙයි (නි)
සමහරු හිතලා තියෙන්නේ ලී කුඩු කියලනේ.. (නි)
සමන් පුතා කීවැනි පන්තිය වෙනකම් ඉගෙනගෙන තියෙනවද? (නි)
රටේ බොාහෝවිට සුඛෝපභෝගී වාහන වල නැඟලා යන අයගෙන් 90% ක්ම කරන්නේ හොර වැඩ තමයි.සුබ අනාගතයක පෙරනිමිති දැන් පහළ වෙමින් පවතිනවා. (නි)
මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදී කරන්න බැරි වුණ විනාශයක් මේ අවුරුදු 3-4 තුළදි රටට සිද්ධ වෙලා තිබෙනවා (නි)
මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බයට ,උණ්ඩයට බිලිවුණාට වඩා විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් කුඩු නිසා විනාශ වෙලා යනවා.රටේ හොරු, මංකොල්ලකාරයෝ විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. (නි)
බලවතුන්ගේ අනුග්‍රහයෙන් කුඩු ගෙන්වන ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති (නි)
කළ කළ දේ පළ පළ දේවි කවදා නමුත්. (නි)
මෑතක ඉඳලා ලංකාව ආසියාවේ ආශ්චර්යය කියන්නේ බොරුවටද? (නි)
ඔන්න උඩපැනගෙන ගිහින් ඡන්දෙ දාන කට්ටියට තවත් හොඳම කාරණාවක්. අනේද කියන්නේ! (නි)
කෙසේ නමුත් හොඳ රටක්, හොර මැරකම් දුෂණ නැති රටක් ගොඩනඟන කාර්යය කිරීමට ශක්තිය ඇත්තේ ජනතාව වන ඔබ අතෙහිය (නි)
කුඩු කියන දේ දැන් වසංගතයක් වගේ වෙලා (නි)
ලංකාවට කුඩු මුලින්ම ගෙන්වපු අය කිවුවේ “ඔය කුඩු චුට්ටක් ගෙනාවට මොකද වෙන්නේ“කියලා. දැන් වෙලා තිබෙන දේ දකින්න ඔවුන් අද ජීවතුන් අතර නැහැ (නි)
දේශපාලනය වෙනුවට සමහරුන් අද කරන්නේ දේශපාළුව .... (නි)
කුඩු නැති කරන එක ආණ්ඩුවකට තනියම කරන්නත් බැහැ.විපක්‍ෂයෙ අය කියන එව්වට අත්පුඩි ගැහුවත් ඒක නැති කරන්නත් බැහැ.සමාජයේ අපටත් යම් වගකීමක් තියෙනව මේ සම්බන්ධයෙන්. කුඩුවලට ඇබ්බැහි වෙන්න යන කෙනෙක් දැක්ක ම පිළිකුල් කරනවට වඩා ඔහුට හෝ ඇයට එහි ආදීනව කියා දී ඉන් මුදවා ගන්නට හැකිනම් කුඩු අලෙවියේ ප්‍රතිශතය දාහට එකකින් හෝ අපට අඩු කර දමන්නට හැකිවාක් මෙන්ම එය මහා පුන්‍ය කර්මයක්ද වෙනවා (ස)
ඒ වුණාට සමහරු වියදම් කරන හැටියට ඒවා හොයාගන්න කුඩු ටිකක් විකුණගන්න වෙනවාමයි. (නි)
මේක දැන් නම් බොහොම දරුණුවට මුලු ලංකාවම ආක්‍රමණය කරලා අවසානයි (නි)
ජනාධිපතිතුමනි, මෙම වසංගතය නැතිකරන්නේ නම් අප සදා ඔබ සමඟයි. (නි)
ඇත්ත. කුඩු බිස්නස්කාරයන්ට වීරයන්ට වගේ සළකන මේ වගේ කාලයක් නම් තවත් ආවේ නැහැ. (නි)
ඉතින් අපි මොනවා කරන්නද? (නි)
අපිට රට නිදහස් කරදුන්නා සේම මත් කුඩුවලින් තරුණ පරපුර බේරා දෙන්න පුළුවන් එකම කෙනා ජනපතිතුමා පමණි. (නි)
සමන් ඔය වසංගතය නැති කළාම එතුමා නැති වෙනවා. ප්‍රශ්නේ දන්නේ නැද්ද? (ස)
මට පරණ කියමනක් මතක් උනා මෙන්න මෙහෙම , "වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව" (ස)
මේවට මොනවා කියන්නද? නමුත් අපි හිතනවා අන්තිම මොහොතේ හරි කුඩ්ඩන්ට බැට දෙයි කියලා. (නි)
"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනෙම් ඒ අමාරුව" (ස)
කුඩු ලංකාවට ගේන්න පටන්ගත් කාලයේ කොළඹ අනුරාධපුරය වගේ පළාත්වල කුඩු බොන්නන් දැකීම සුලභ දර්ශනයක් වුණා. නමුත් අද එච්චර දකින්න නැහැ.කොහොම වුණත් මේවා සම්පුර්ණයෙන් තුරන් කළ යුතුයි. (නි)
මේක දැන් මහා ගහක්.මුදුන් මුල බොහොම ශක්තිමත්. ඉවත් කරන්න ටිකක් අමාරුයි! (නි)
අපිට ඉතින් මාතලේ කරදර නැහැනේ මහත්තයෝ. ඉතින් අපේ පාඩුවේ අපි ඉඳිමු (නි)
ඒක නම් ඇත්ත වෙන්න පුළුවන් තිලක් . සමහරු සල්ලි වියදම් කරලා බලයට ඇවිත් ඉන්නේ රටට ඇති ආදරයකට නොවේ . මෙන්න මේ වගේ නීති විරෝදී බිස්නස් කරලා නීතියෙන් බේරිලා ඉන්න ඕන නිසා. මේවට ඉතින් වග කියන්න ඕන ලොකු අයම තමා.(නදී)
කුඩු විතරක් නෙමෙයි, මොන අපරාධය කළත් වැරදිකරුවන් බලවතුන්ට ගෑවිලා ඉන්නවා නම් බොහෝවිට නීතිය එක තැනකදී හිරවෙනවා. පසුගිය කාලේ සිදුවූ බොහෝ කාරණා ඊට උදාහරණ සපයනවා. හැබැයි මිනිස්සුන්ට සතියකින් ඒ දේවල් අමතක වෙන බව මේවා කරන අයත් දන්නවා. (නි)