
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දැරණියගල අම්බානාවෙල ප්‍රාදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසක් වටලා සෝදිසි මෙහෙයුමක් සිදු කරද්දී අතින් පයින් සහ පොලු මුගුරුවලින් පහරදීම නිසා පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දැරණියගල පොලිසිය සඳහන් කරයි.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල සීතාවක කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පිරිසකි.
පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන නිවුන් සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අයිස් මත්ද්‍රවය සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිසෙන් නිවුන් සහෝදරයන් දෙදෙනා ඇතුළු තිදෙනකු ද තුවාල ලබා දැරණියගල රෝහල වෙත පොලිස් ආරක්‍ෂාවයටතේ ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
දැරණියගල නිවසක එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු මහා පරිමාණයෙන් මත්ද්‍රවය ජාවාරමේ යෙදෙන බවට ලද නිර්නාමික තොරතුරකට අනුව අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී එම නිවස වටලා පරික්ෂා කිරීමේදී එහි සිටි පිරිස පොලිස් නිලධාරීන්ට වටකර පහර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd