පුරාණ චාරිත්‍රනාකුලව පැවැත්වු කඨින පිංකමක කඨින වස්ත්‍රය පඩු පොවා එය සිවුරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිමේ පිංකමක් මාතලේ කයිකාවල කයිනැක ශ්‍රි ඉසිපතනාරාම විහාරස්ථානයේදි පැවැත්විණි.
පුරාණයේ පාංශකුල රෙදි මෙසේ සකස් කරගෙන සංඝරත්නය සදහා චිවරයක් ලෙස සකස් කර පුජා කළ අතර විවිධ ගස් වර්ගවල පොතු සහ වෙනත් දේ උපයෝගි කරගනිමින වර්ණ ගල්වා පඬු ඔරුවෙහි දමා සකස් කර චිවරවරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිම සිදු වන බව බුලත්වත්තේ සුමංගල හිමියෝ පැවසුහ.
මෙම පිංකම ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ අධිකරණ සංඝනායක දේවිල්ලේ දේවරක්ඛිත නායකහිමිගේ අනුශාසනා පරිදි අලකොලමඩ ධර්මාධාර පිරිවෙනේ පරිවෙණාධිපති ගලලියද්දේ අරියධම්ම,මාවනැල්ලේ ධම්මදේව යන හිමිවරුන්ගේ මුලිකත්වයෙන් සිදුවිය. කිවුල නිල්දිය දහර පදිංචි අතුල රත්නසිරි මහතා ඇතුළු පවුලේ අය දායකයෝ වූහ.
කඨින චීවර පූජාව
පඬු ඔරුව
සිවුර මසයි
පඬු පෙවිමට ගන්නා ද්‍රව්‍ය
පඬු පෙවිම සදහා වර්ණ සකසයි
පඬු පෙවිම පියවරෙන් පියවර
සිවුර මහා සංඝරත්නයට පුජා කරයි













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු! සාදු! ආදර්ශමත් දෙයක් (නදී)
හරි වටිනවා.(නදී)
ඉතාම වටිනා විස්තරයක්. මමත් අද තයෙි සිවුරක් පඩුපොවන හැටි දැක්කේ. මෙයට සහභාගිවුනු සියලුම දෙනාට ගොඩක් පින්.(අ)
කඨින සිවුරක් පූජා කිරීම අට මහා කුසල් වලින් මුලින්ම කියවෙන මහත් ඵල මහානිශංස ලැබෙන පුණ්‍යකර්මයකි . අටමහ කුසල් මෙසේය . 1.කඨින සිවුරක් පූජා කිරීම 2.අටපිරිකර පූජාකිරීම 3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම 4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම. 5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම. 6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම 7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම 8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම. යන මේ පිංකම් අට අටමහා කුසල් නම් වේ.(හේ)
කඨින චීවරය ගැන බුද්ධ දේශනාවේ සඳහන් ආකාරයටම ඉගෙනගන්න ගොඩක් කැමතියි. පුළුවන් කෙනෙක් උදව් කරන්න. තෙරුවන් සරණයි. (නි)
වටිනාකමක් ඇති පුවතක් (අ)
බොහෝ පින් සිදුවෙන වැඩක්! හැමෝටම ආදර්ශයක්. (නි)
මම හිතන විදියට පුරාණ කාලේ සිවුර මහන්න ඇත්තේ මෙතන පෙන්නන විදියට වෙන්න බැහැ. (නදී)
විශාල පින්කමක්.... ඒ උනාට පඬු පෙවීම සිදු කරන්නේ ස්වාමින් වහන්සේලා විසින්මනේ. ගිහියනට මේ ගැන දැනීමක් නැද්ද ? (නදී)